නොකඩවා තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් මෝටර් සයිකල් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ 18 වැනි වාර්ෂික සන්නාම සමාලෝචනයේදී තෝරාගෙන ඇත.
ලෝකයේ හතරවැනි විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන බජාජ් මෝටර් සයිකල් පෙළ සීටී 100, ප්ලැටිනා, ඩිස්කවර්, ඇවෙන්ජර්, පල්සර් යන මාදිලිවලින් සමන්විත වන අතර, ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු සහ අග්නිදිග ආසියාව ඇතුළු රටවල් 72කට අධික සංඛ්‍යාවක මේ වනවිට අලෙවි කරනු ලබයි.
බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ වාර්ෂික සන්නාම සමාලෝචනයට බජාජ් සන්නාමය 2011 වසරේ සිට ඇතුළත් වූ අතර, 2019, 2020 සහ 2021 වසරවල ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය නම් කරන ලදී.
“එක දිගට වසර 3ක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් නාමය සම්මානයට පාත්‍ර වීම සම්බන්ධව අපි ඉමහත් ලෙස ආඩම්බර වනවා. බජාජ් සන්නාමය සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ පාරිභෝගිකයන්ට කෘතඥතාව පුද කරන අතරම පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවෙමින් තම රැකියාවේ රාමුවෙන් ඔබ්බට ගිය පාරිභෝගික සේවයක් ලබාදීම සම්බන්ධව අප සේවක මණ්ඩලයට ද ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන්ගේ කැපවීම අප සන්නාමයේ ශක්තිය බවට පත්වී ඇති බව පිළිබිඹු කරන පැහැදිලි අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.” යැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා පැවැසුවේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය බජාජ්