ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ කටයුතු වර්ධනය කිරීමටත් දෙරටටම අනෝන්‍ය ප්රතිලාභ ලැබෙන ව්‍යාපාර ආරම්භ කිරීමටත් උනන්දුවක් දක්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින්, එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය අද (26) දැනුම් දුන්නාය.
එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය රනිල් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවක් දක්වන බවත් දෙරටටම ප්රතිලාභ ගෙනන ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බව ද වැඩබලන මහ කොමසාරිස්වරිය කීවාය.
මෙරට එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් ඒ බව ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වැඩබලන මහ කොමසාරිස්වරිය මෙහිදි දෙරට අතර සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළහ.
ඉකුත් මැතිවරණ විජයග්‍රහණය පිළිබඳව එක්සත් රාජධානියේ සුබ පැතුම් එක් කළ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය ‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා ශක්තිමත් ජනවරමක් තිබේ’’ යැයි පවසා නව ආණ්ඩුවේ ප්‍රමුඛතා මොනවාදැයි ද අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවාය.
පශ්චාත් ‘කොවිඩ්-19’ සමයට ලෝකය සූදානම් වන බැවින් ආර්ථික සංවර්ධනයට වර්තමානයේ රටේ ප්‍රධාන අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් කීවේය.
විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම, ආයෝජන ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය සහ දරිද්‍රතාවය තුරන් කිරීමට එහිදී ප්‍රමුඛතාව හිමි වන බව ද අග්‍රාමාත්‍යතුමා කීය.
ඉදිරි වසර පහක කාලය තුළදී සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සහතික කිරීම සඳහා ලබා දිය හැකි සහයෝගීතාවය සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.
කොවිඩ්-19 තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසු වන බව සඳහන් කළ වැඩබලන මහ කොමසාරිස්වරිය නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දෙරට අතර අධ්‍යයන හුවමාරු වැඩසටහන් පවත්වාගෙන යෑමට හැකි බව ද කීවාය.
මෙහිදි වරාය නගරයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ දෙරටේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වරාය නගරය උපායමාර්ගික මර්මස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බව සඳහන් කළහ. හරිත මූල්‍ය, ජෛව විවිධත්වය, ග්‍රාමීය ආර්ථිකය සහ තිරසාර කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍ය අතර වෙළෙඳ කටයුතු වර්ධනයට පියවර