(තිළිණි ද සිල්වා )
සුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, සංචාරක ක්ෂේත්‍රය ද කිසිදු අපහසුතාවකට ලක් වී නොමැති බව විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය .
ඒ නිසා මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රටවල් කිහිපයක් විසින් නිකුත් කොට ඇති සංචාරක උපදේශනවලට (Travel Advisories) සාධාරණ හේතුවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෑතකදී නිකුත් කරනු ලැබූ සංචාරක උපදේශන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරටට සංචාරකයන් රැගෙන එන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා වෙනත් විදේශීය ගුවන් සේවාවල නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීය.
සංචාරක කර්මාන්තය ආරක්ෂා කොට වැඩිදියුණු කිරීම සඳහා රජය පූර්ණ ලෙස ඇපකැපවී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති සංචාරක උපදේශන, රටේ පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරදීමෙන් ඉවත් කර ගැනීම සඳහා අදාළ රටවල්වල බලධාරීන්ට පෞද්ගලිකවම කරුණු දක්වන ලෙසට එම රටවල්වලට අක්ත ගන්වා සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන්ට තමන් සිය වර්තමාන ධුරයට පත් වූ තැන් පටන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවැසීය.
මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම පිණිස, දිවයිනේ පවතින සාමකාමී වාතාවරණය සම්බන්ධයෙන් එම රටවල්වල සිටින ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයන් හා මෙරටට සංචාරකයන් එවන ව්‍යාපාරිකයන් සමඟද එම දූත මණ්ඩල ප්‍රධානීන් නිරන්තරයෙන් සබඳතා පවත්වාගනු ඇත. සංචාරක ප්‍රවර්ධනය විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය වැඩසටහනේ ප්‍රධාන අංගයක් බවට පත් කිරීමට තමන් සැලසුම් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍යයෙන් පැමිණෙන ගුවන්යානාවලට අමතරව, ලොව ප්‍රමුඛතම සංචාරක මෙහෙයුම් සමාගමක් වන TUI ගුවන් සමාගම කොළඹට එක් සතියකට විශේෂ ගුවන් ගමන්වාර 03 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඊට අමතරව සංචාරකයන් වැඩිපුර පැමිණෙන වාරයේදී TUI සමාගමේ සුඛෝපභෝගී මගී නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නෑ - සරත් අමුණුගම
Reality Check Sunday, 04 November 2018 02:38 PM
පච ගහන්න එපා. අනික් රටවල් ඔබ වගේ පටු විදියට ඔවුන්ගේ රට වැසියන්ට සලකන්නේ නැහැ... ඒ අයගේ උපරිම අාරක්ෂාව සහ සුබසාධනය ඉතා වැදගත් නිසා තමයි ඒ සංචාරක උපදේශන නිකුත් කරන්නේ. ඔබ මොනවද ඇමති කාලේ කලේ? අපේ මැදපෙරදිග ශ්‍රමිකයන්ට- විශේෂයෙන් කාන්තාවන්ට අමානුෂික වද හිංසා කරනකොට.. බඩගෝස්තරේ බලා ගත්ත එක විතරයි නේද? කකුල් වෙව්ලුවාද උපදේශන ගැන කතා කරනකොට...?
de silva berlin Sunday, 11 November 2018 11:38 AM
රටට සහ ජනතාවට හෙන ගැහුවත් ඔබලාට කමක් නැහැ , හැමදාම බලයේ ඉඳගෙන පැති මාරු කරගෙන මල්ල පුරවගන්න තමා ඔබල නිතරම බලන්නේ , නමුත් එම රටවල ආණ්ඩු කරන මිනිස්සු එහෙම නොවේ. ඔවුන් තමා රට ගැන සහ පුරවැසියන් ගැන හොඳට සොයා බලා කටයුතු කරනවා , ලංකාවේ දේශපාලන කලබල ඇතිවෙලා ඔවුන්ගේ රටවල පුරවැසියන් අමාරුවේ වට්ටෙන්න ඉස්සරවෙලා ඔවුන් අනතුරු ඇඟවීම කරනවා .
Sathyayaa Sunday, 16 December 2018 02:11 AM
ඉස්සර සරත් අමුණුගම නෙමෙයි දැන් ඉන්නේ. මෙයත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතයක් උනානේ.