( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් අලුතින් රටවල් 04ක් සමඟ ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට රජය පියවර ගෙන ඇතැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව යන රටවල් සමග ඉදිරියේදී රජය ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට නියමිත යැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.මෙම රටවල් 04 සමග ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිවූ බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මීට අමතරව ඉදිරියේ දී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව වැනි රටවල් සමගද ද්විපාර්ශවික ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාව රටවල් 10 ක් සමග සංචාරක ප්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ. ඉන්දියාව, තායිලන්තය, සීෂෙල්ස්, පෝලන්තය, තජිකිස්ථානය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව හා පිලිපීනය මෙම රටවල්ය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , ඒවා සැලසුම් කිරීම වැනි කටයුතු ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් හරහා කිරීම මෙම අවබෝධතා ගිවිසුම් මගින් සිදුකෙරේ.
ලෝකයේ ඇතිවන හදිසි ආපදා තත්ත්වයන්හිදි මෙවැනි ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත්වන බවත්, බොහෝ දියුණු රටවල් එවැනි ආපදා තත්ත්වයන්හි දී තමන් සමඟ ගිවිසුම්ගතව සිටින කුඩා රටවලට ආධාර උපකාර ලැබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම රජයේ අපේක්ෂාව වන අතර මේ සදහා සංචාරක ආකර්ෂණය ඉහළින් ම ඇති යුරෝපා රටවල් චීනය, ඉන්දියාව, මැදපෙරදිග කලාපය හා රුසියාව, යුක්රේනය ඇතුළු රටවල් කේන්ද්‍ර කොටගෙන ගමනාන්ත අලෙවිකරණ හා නියෝජිත ආයතන පත් කිරීමට ද රජය අපේක්ෂා කරනු ලබන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුම් 4ක්