(තිළිණි ද සිල්වා)
සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදාළ විසඳුම් ඉක්මනින් ලබා දෙන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට හා අදාල නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක කර්මාන්තයේ නියතු වූවන්ට විශේෂ සහන පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන්ට එක්වරක් පමණක් රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීමටත් අධිකාරියේ ලියාපදිංචි රියදුරන්ට එක්වරක් පමණක් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමටත් මෙම සහන පැකේජය යටතේ අනුමත වී තිබුණි.
නමුත් ඉකුත්දා පැවති මහමැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයා මෙම දීමනාව ගෙවීමට සීමා පැනවුවද මැතිවරණය අවසන් බැවින් මැතිවරණ කොමසාරිස්ගේ සීමා වලංගු නොවන නිසා අදාල දීමනාව නියමිත පරිදි සිදුකරන්නැයි අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන් උපදෙස් ලබා දී ඇත.
මෙම සහන පැකේජ යටතේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයන් 1802 කු රුපියල් 20,000 ක දීමනාව දැනටමත් ලබාගෙන ඇති බවද සංචාරක අමාත්‍යවරයා කීය.
ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක රියදුරන් 76 දෙනෙකු සඳහා රුපියල් 15,000 ක දීමනාව ලබා දී තිබේ. මෙම දීමනාව ගෙවීමේ කටයුතු ද ඉදිරි මාසයක කාලය තුල අවසන් කරන ලෙස අදාල අංශ වලට උපදෙස් ලබාදුන් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් හා සංචාරක නියෝජිත ආයතන, ලියාපදිංචි සංචාරක නිකේතන, අවන්හල් වැනි ආයතන වල සේවික සේවිකාවන්ගේ වැටුප් ගෙවීම සඳහා සියයට 4 සහන පොළියකට ණය මුදලක් ලබාදීමේ කටයුතු ද කඩිනම් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ හා මහබැංකුවේ නියෝජිතයන්ට දැනුම් දුන් බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීය.
සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු අයට ලබා දෙන සහන පැකේජයේ වර්තමාන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරක සහන පැකේජයේ ගැටලු වලට විසඳුම්