සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවා පුළුල් කරමින් ආරම්භ කරන ලද පළමු කලාප කාර්යාලය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී පසුගියදා විවෘත විය.
“සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ සෑම පවුලකටම සැප පහසු නිවසක්” සංකල්පය යටතේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉදිරි කාලයේ දී ආරම්භ කිරීමට නියමිත කලාප කාර්යාල 4 අතරින් පළමු නියමු කලාප කාර්යාලය මෙය වේ. එකී කාර්යාලය එම අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ යන මහත්වරු අතින් විවෘත කෙරිණි.
අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරී ආචාර්ය ඉඳුනිල් ලියනගේ යන මහත්වරුන්ගේ සංකල්පයක් පරිදි සහාධිපත්‍ය දේපළ නියාමන, නඩත්තුව, අනවසර ඉදිකිරීම් වැළැක්වීම සහ ඉවත් කිරීම වේගවත් කිරීම මෙම කලාප කාර්යාල පිහිටුවීමේ අරමුණකි. එසේම රජයේ ප්‍රතිපත්තිය යටතේ අලුතින් ඉදිකෙරෙන මහල් නිවාස සංකීර්ණ නියාමනය කිරීම මෙම කලාප කාර්යාල මගින් පහසුවෙන් ඉටු කිරීමට යෝජිතය.
මූලික අදියර ලෙස අධිකාරිය මගින් මාලිගාවත්ත මහල් නිවාස ක්‍රමය සම්බන්ධයෙන් හා නිවාස වාසීන්ට කලාප කාර්යාලයෙන් ඉතාම ඉක්මනින් තමන්ට ඇති වන ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වීම සිදු කර ගත හැකි වනු ඇත.
රට පුරා ශීඝ්‍රව ව්‍යාප්ත වන රාජ්‍ය සහ පෞද්ගලික මහල් නිවාස අධීක්ෂණය හා නියාමනය සඳහා කොළඹින් බැහැර පළාත් තුළ පළාත් කාර්යාල ආරම්භ කිරීමට ද කටයුතු කරමින් සිටින බවට සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරිවරයා අදහස් ප්‍රකාශ කළහ.
ජායාරූපය
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමු කලාප කාර්යාලය එහි සභාපති නීතිඥ සරණ කරුණාරත්න සහ සාමාන්‍යාධිකාරි ආචාර්ය ඉඳුනිල් ලියනගේ යන මහත්වරු අතින් විවෘත කෙරුණු අවස්ථාව. මෙම අවස්ථාව සඳහා මාලිගාවත්ත කලාපය භාර සහකාර සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් නඩත්තු) රංජලා හේවගේ මහත්මිය ද සහභාගි වූවාය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය මාලිගාවත්තේ දී