X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


සැප දුම්රියක් මහනුවරට

කොළඹ සිට නුවර දක්වා දිවෙන අධිසුඛෝපභෝගී දුම්රිය සේවයක් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

දුම්රිය ධාවනය වනු ඇත්තේ සති අන්තයේදී පමණි. රාගම,ගම්පහ,පේරාදෙණිය හන්දිය,නුවර යන දුම්රිය ස්ථාන වල පමණක් දුම්රිය නැවැත්වෙනු ඇත.ටිකට් පතක් රුපියල් 500 ක් වැනි මුදලකට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

1864 වර්ෂයෙන් පසු අධිසුඛෝපබෝගී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට යන ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන්ය.

 



අදහස් (0)

සැප දුම්රියක් මහනුවරට

රේණුකා Friday, 31 May 2013 02:33 PM

මිටවැඩිය හොදයි අපට එන්න සාමාන්‍යය දුම්රියක් දැම්මා නම්. මොකද නුවර ඉදලා එන අපි හැමදාම වැඩට එනකොට පරක්කු වෙනවා. ඒක නිසා කොළඹ- මහනුවර කාර්යාල දුම්රියක් දමන්න (නි)

:       0       0

කමල් Tuesday, 28 May 2013 03:52 PM

මොහොමඩ් පස්රූල් නියම ශ්‍රී ලාංකිකයෙක්.(නදී)

:       0       0

දයානන්ද Tuesday, 28 May 2013 04:43 PM

උදේ වෙනකොට කොළඹ ඉන්න ක්‍රමයක් හදනවා නම් සැප නැතත් කමක් නැහැ. පුදුම දුකක් ඉන්ටසිටිය. හැමදා ෆුල් (නි)

:       0       0

ප්‍රීති Tuesday, 28 May 2013 10:36 PM

නිවාඩු හා විශ්‍රාම දුම්රිය බලපත්‍ර (පලමු පන්තිය) ටිකට්පත් වලින් මෙහි ගමන් කිරීමට පුඵවන්ද දන්නෙ නැහැ.(ස)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 10:50 AM

වැඩේ නම් හොදයි

:       0       0

කමල් Wednesday, 29 May 2013 04:20 PM

දැන් තියෙන ඉන්ටර්සිටිය පැය 3 ක් කොටනවා. මේකෙත් නම සැප වුණාට ගමන හෙමින් නම් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

සමන් පෙරේරා සෞදි Thursday, 30 May 2013 06:15 PM

අපිට ආඩම්බර හිතෙනවා අලුත් සැප සේවය ගැන, අලුත් දුම්රිය පරිස්සම් වෙන විදියට වැඩ කටයුතු කලොත් හොදක් වේවි (නි)

:       0       0

සුනිල් Friday, 31 May 2013 04:25 AM

අළුතින් දේවල් හදුන්වා දෙන එක ලොකු දෙයක්. නමුත් දැනට දුවන බස්,කෝච්චි ටික නියම ප්‍රමිතිය‍ට හදන එකයි පළමුව කළයුත්තේ (නි)

:       0       0

සංජු Friday, 31 May 2013 12:29 PM

ඇත්තටම අධි සුඛෝපභෝගි නෙවෙයි. ටිකක් ඇතුළෙ තැම්බෙන්නෙ නැතිව යන්න තිබුනොත් ඇති.හැබැයි හවසට දාලා නම් වැඩක් නෑ. ඇත්තටම අදහස නම් නුවර අපිට හරි ආඩම්බරයක්. අනෙක් අතට පොරකන්න වෙන එකක් නෑ සතියේ සිකුරාදා දවසකටත් දැම්මොත්.(ස)

:       0       0

ඊඑම් Tuesday, 28 May 2013 03:47 PM

යුරෝපයේ තියන දුම්රිය වල වැඩි ඉල්ලුමක් ඇති සති අන්තයට හා විශේෂ නිවාඩු දිනවල විශේෂ ගාස්තුවකුත් අනෙක් සාමාන්‍ය දවස් වලට අඩු ගාස්තුවකුත් අය කරමින් තදබදය හා වියදම පාලනය කරගන්නවා දකින්න පුළුවන්. අපටත් හොද නැද්ද? (නි)

:       0       0

දිසානායක Friday, 31 May 2013 04:49 PM

රංජනී කියන එක ඇත්ත. සැප මුලදී විතරයි ඊට පස්සේ අකැප තමයි.(ස)

:       0       0

අනුර Saturday, 01 June 2013 03:21 PM

පාල, අයියෝ සිරිපාල, සුඛෝපබෝගී කියන්නේ පහසුවට ඉඳගන්න කන්න බොන්න මළපහ කරන්න අඩුවක් නැතිව තියෙන නිසා (නි)

:       0       0

සමන් Sunday, 02 June 2013 10:23 AM

මහනුවරින් උදේ 5:30 ට පිටත්වී පේරාදෙණිය,පිලිමතලාව,කඩුගන්නාව සහ ඉන්පසු දෙමටගොඩ,මරදාන පමණක් නවත්වා කොටුවට උදේ 8:00 ට ලගාවෙන කාර්යාල දුම්රියක් ලබාදෙන්න. එම දුම්රියම හවස 5.15 ට කොටුවෙන් පිටත්වී 7:45 ට මහනුවරට ළගා වෙන විදිහට වැඩ කටයුතු සලස්වන්න. (අ)

:       0       0

සම්පත් Tuesday, 04 June 2013 06:40 AM

පොල්ගහවෙලත් නවත්තන්න පුලුවන් නම් ගොඩක් ප්‍රයෝජනවත්. (නි)

:       0       0

සමන් Tuesday, 04 June 2013 08:50 AM

සම්පත්,පොල්ගහවෙලට ඇති තරම් දුම්රිය තියෙනවනෙ (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 June 2013 11:55 AM

පටන් ගන්න එක නම් හොදයි පවත්වාගෙන යන එක තමයි වැදගත්.(නදී)

:       0       0

සුරංග මීගමුව Wednesday, 05 June 2013 01:39 PM

සංචාරක ව්‍යාපාරය කරන අපිට තමයි ඕකෙන් පහර වදින්නේ. සුද්දෝ ඒසී කෝච්චි තියෙද්දී ඒසී කාර් වල යන එක අඩු කරයි. සංචාරකයන්ගෙන් අය කරන ගාස්තුව වැඩි කරන්න (නි)

:       0       0

රන්ජන් Monday, 27 May 2013 07:11 PM

ඒ වෙනස හොදයි

:       0       0

සජිත් Monday, 27 May 2013 12:14 PM

වැඩිගානක් දීලා මිනිස්සු ඔය කොච්චියේ යයිද?(දී)

:       0       0

සමන්ත Monday, 27 May 2013 12:14 PM

වැඩිම මගීන් පිරිසක් ඉන්න වේයන්ගොඩ නවත්වන්නෙ නැද්ද? ගම්පහ ඉන්නේ පන්ති යන ළමයිනේ ඒ අය ඔය කොච්චියේ යයිද? (දී)

:       0       0

ප්‍රිය Monday, 27 May 2013 12:40 PM

ඇයි මේ දුම්රිය කියන්නේ ? සෑම වාහනයකින්ම දුම් පිටවෙනවනේ (නි)

:       0       0

නීල් රානා Monday, 27 May 2013 12:49 PM

සීසන් එකට නුවරඑලිය දක්වාම මේ සේවය ලබා දෙන එක තවත් හොඳයි.(නදී)

:       0       0

ඉන්දික Monday, 27 May 2013 02:41 PM

උදේ කොලඹට වැඩට එන කට්ටියට සීඝ්‍රගාමී කෝච්චයක් දාන්න බැරිද .උදේ 8 වෙනකොට කොලඹට එන සීඝ්‍රගාමී කෝච්චියක් තවම දාන්න බැරි උනානේ. අපේ බෝඩිම් ගාස්තුවත් ඉතුරු වෙනවා උදේ හවස ගෙදර යන්න තියනවනම්.(නදී)

:       0       0

සරත් කාරියවසම් Monday, 27 May 2013 03:04 PM

සතියේ දවස් වලත් ආවා නම් මගීන්ට හරි පහසුවක් වේවි. නැත්නම් එම දුම්රියට පුදුම විදියට පොරකන්න සිදුවෙනවා (නදී)

:       0       0

පාල Monday, 27 May 2013 03:22 PM

අදි සුඛෝපභෝගී කියන්නේ මොන ප්‍රමිතියට සාපෙක්ෂවද?. මොකෝ අපේ රටේ ඔලුව තියන්ට ඇඳක් හයි කරලා විදුරු ටික කළු කරපු ගමන් සුඛෝපභෝගී කියනවා. ඒකට තව වායු සමීකරණ දාපු ගමන් අදි සුඛෝපභෝගී කියනවා.(නදී)

:       0       0

සුකිරි Monday, 27 May 2013 03:24 PM

ආදී සුඛෝපභෝගී කිවේ වෙන රටවල් කොච්චි වල වගේ ලෝකේ ඕනෑම කෑමක්, වායුසමීකරණ,කොපි අවන්හල්,ඇති නවීන වැසිකිලි,නිදා ගැන්මට සුකොපබෝගී කාමර,උණුවතුර,තරු පහේ හෝටල් වල මෙන් බෝජනාගර සේවයක් සහ අනෙකුත් ලෝක මට්ටමේ පහසුකම් තිබේද එසේ නැති නම් තවත් ඇස් බැන්දුමක්ද?.(නදී)

:       0       0

අමල් Monday, 27 May 2013 11:19 AM

සතිය මැදත් දවසක්වත් දැම්මා නම් තමා හොද (නි)

:       0       0

දර්ශා Monday, 27 May 2013 08:46 PM

දැනට දුවන සුඛෝපභෝගී එකේ එකේ මූලික පහසුකම් වත් නැහැ. දාන්න යනවා අධි සුඛෝපභෝගී. ඔක්කොම ඇති එකාට තමයි. පොඩි මිනිහට හැමදාම කබල් කොච්චි.(නදී)

:       0       0

ප්‍රිය Tuesday, 28 May 2013 06:29 AM

උදේ හතට කොළඹ ඉදලා යන්න කෝච්චයක් දාන්න. නුවරට 9.30 ගියාම ඇති. හවස ගිහින් මිනිස්සු කොහේ එන්නද. උදේ බැහැල මාලිගාව වැදලා 5.30 එන්න පුළුවන්නේ.(නදී)

:       0       0

තිසල් Tuesday, 28 May 2013 06:58 AM

සුඛෝපභෝගී බස් වලට වුණ දේ නොවේවා ! පටන් ගත්තේ ආසන ගණනට විතරයි. අයකිරීම දෙගුණයක්.නවත්වන්නේ ගමනාන්තයේ පමණි. දැන් අය කිරීම දෙගුණයක්. හැමතැනම නවත්වනවා.පොල් පටවලා වගේ පුරවලා ජම්පින් සීට් දාලා තව කීප දෙනෙක් ඔඩොක්කුවෙත් ඉන්දවලා ටික දුරක් ගිහාම ඒ සී එකත් නවත්වනවා. මේවට විරුද්ධව කතාකරොත් ටිකට් එකේ ගාන දීලා මග බස්සනවා. බහින්නේ නැතුව කොන්දට කන පැලෙන්න දුන්නොත් බස් වර්ජනය කරනවා. නීතිය තියෙන්නේ වල් වැදිලා. (නි)

:       0       0

නිලන්ති Tuesday, 28 May 2013 10:18 AM

අදහස හොඳයි. නමුත් මහමග ප්‍රමාද වෙන්නේ නැතුව නියම කාල සටහනකට සහ අධි සුඛෝපභෝගී කියන නියම ප්‍රමිතිය ඇතුව තියෙන්නට ඕනෑ. ඒක නමට විතරක් නොවෙයි. නැත්නම් අපි කොළඹ නුවර ඉන්ටර්සිටියේ ලොකු ගානක් දීලා ටිකට් අරන් මග නැවති නැවති යනවා වගේ ගියොත් වැඩක් නැහැ (නි)

:       0       0

රංජනී Tuesday, 28 May 2013 01:49 PM

සැප දුම්රිය කියාවී නමුත් ඔය කියන සැප මුල් දවසේ පමණි. නානුඔයේ සිට කොලඹට යන දුම්රිය පළවැනි පන්තියේ ටිකට් එක රුපියල් 1500 යක්. වැසිකිලි ගද උහුලන්න බැහැ මුලු දුම්රිය පුරාම. වැසිකිලියකට යන්න බැහැ.ඔය කියන සැප දුම්රියත් එහෙමද?(නදී)

:       0       0

මොහොමඩ් පස්රූල් Tuesday, 28 May 2013 02:14 PM

සැප නැතත් කමක් නැහැ. පැය දෙකෙන් යන්න පුළුවන් නම් නුවරට. නුවර අපිට හරි ආඩ්මබරයි. සැප නැතත් අපිට කාලය වටිනවා වෙහෙසත් අඩුයිනේ. (නදී)

:       0       0

නිශාන් Tuesday, 28 May 2013 03:29 PM

වැඩේ නම් බොහොම හොඳයි. මම දන්නා විදිහට මේ සඳහා යොදවන්නේ මාස කිහිපයකට කලින් චීනයෙන් ගෙන් වූ 12 පන්තියේ සැප දුම්රිය. හැබැයි මේවා ගෙනාවේ නම් සංචාරක කර්මාන්තය සඳහා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site