සිංගර්, Global Banking and Financial Awards 11 වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.
සිංගර් විසින් අඛණ්ඩව දෙවැනි වරටත් මෙම ගෞරවනීය සම්මානය හිමිකරගන්නේ, පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට නැවත නැවතත් සනාථ කරමිනි.
බ්‍රිතාන්‍යය පාදක කරගත්, Global Banking and Finance Review සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල ආයතනික ලෝකයේ නවෝත්පාදන, කාලෝචිත වෙනස්කම් සහ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා ගැනීමට අපේක්ෂා කරන සම්මාන උළෙලක් වන අතර මෙම සම්මාන උළෙලෙහි සම්මාන හිමි කරගැනීම සඳහා ලොව සුපතල සමාගම් අතර, දැඩි තරගකාරීත්වයක් පවතී.
සිංගර් හිමි කරගත් මෙම ගෝලීය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවැසීය.
“ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට සිංගර් සලසන සේවාව විදහා දක්වමින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට ලැබීම අපට සතුටට හා ආඩම්බරයට කරුණක් වගේම, පාරිභෝගික අවශ්‍යතා ඉලක්ක කරගත් හොඳම සේවාවක් ලබාදීමට ගත් විශිෂ්ට සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක්. ගත වුණු කාලය, සියලු ව්‍යාපාරවලට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් වුණත්, අපගේ මෙහෙයුම් ‘නව සාමාන්‍යයට’ ගැළැපෙන පරිදි විධිමත් කරමින්, ව්‍යාපාර වර්ධනය පවත්වාගෙන යාමටත්, අපගේ ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම සේවයක් ලබාදීමටත් අපට හැකි වුණා. එබැවින් ලොව හොඳම පාරිභෝගික භාණ්ඩ සහ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නඟාසිටුවීමට උත්සාහ කරන සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස මෙම සම්මානය ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. තව ද මෙම අභියෝගාත්මක කාලයේදී සමාගමේ මූල්‍ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා Fitch ශ්‍රේණිගත කිරීම්හි (AA) ශ්‍රේණියක් ලබාගෙන තිබීම ද විශේෂිත කරුණකි.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගර් යළිත් ජාත්‍යන්තර සම්මාන ලබයි