(සුමතිපාල දීයගහගේ )
සිංහරාජ සහ කන්නෙලිය රක්ෂිත වනාන්තර සහ ඒ අවට වෙනත් සුන්දර ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සදහා සංචාරක සත්කාරක නිවාස පිහිටුවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම වනාන්තර අවට නිවසක් සහිත ඉඩමක් හිමි පුද්ගලයින් යොදවා මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇත.
වනාන්තර සහ වෙනත් ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට මෙම සත්කාරක නිවාස දින කීපයකට කුලියට ලබා ගත හැකිය. එමෙන්ම එම ගෙවත්තේ ඇති එළවලු සහ පළතුරු ආදියද මෙම සංචාරකයින්ට පරිභෝජනයට ගැනිමට පහසුකම් සැලසේ.
සාමාජිකයින් තුන් හතර දෙනෙකුගෙන් යුත් පවුලකට හෝ තනි පුද්ගලයින්ට වුවද මෙම නිවාස කුලියට ලබා ගත හැකි වනු ඇත.කාමර දෙක තුනක් සහිත මෙම නිවාස සංචාරකයින්ට ගැලපෙන පරිදි නවීකරණය කර කුලියට දීමට කටයුතු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම නිවාස හිමියන්ට උපදෙස්දී තිබේ.
නිවාස නවීකරනය කිරිම සදහා ලෝක බැංකු ආධාර යටතේ එක් නිවාස හිමියෙකුට රුපියල් ලක්ෂ තුන බැගින් සහනාධාර මුදලක් ලබාදීමටද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
දැනටමත් මෙවැනි සත්කාරක නිවාස දහයක් ලබාදීමට පුද්ගලයින් ඉදිරිපත්වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරි මොහාන් හීනටිගල මහතා පැවසිය.
සිංහරාජ සහ කන්නෙලිය වනාන්තර ආශ්රිත ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙම සත්කාරක
නිවාස පිහිටුවා තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංහරාජය හා කන්නෙලිය නරඹන්නන්ට සංචාරක සත්කාර නිවාස
jerami Monday, 07 May 2018 10:22 PM
හොඳ අදහසක්. වහාම ක්‍රියාත්මක කලොත් තමයි හොඳ.