සෙලාන් බැංකුව, මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා EMV 3DS 2.0 Protocol භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව සෙලාන් බැංකුව මෙම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන මෙරට මුල්ම බැංකු අතරින් එකක් බවට පත් වී ඇත.
මෙමගින් Master සහ Visa කාඩ්පත් භාවිතා කරමින් මාර්ගගත ගනුදෙනු සිදුකිරීමේදී වංචනික ක්‍රියා සිදුවීමේ ඉඩකඩ අවම වන අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තම ගනුදෙනු සම්පූර්ණ කිරීමටද අවස්ථාව ලැබේ.
මේ වනවිට ලොව පුරා පරිගණක, ටැබ්ලට් සහ ස්මාර්ට් දුරකථන වැනි උපාංග මෙන්ම Alexa සහ Google Homeවැනි Internet – of-things (loT) උපාංග භාවිතයෙන් ගනුදෙනු කිරීම බහුලව සිදු වේ. මෙම ක්‍රමවේද මගින් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හා ඉක්මනින් තම ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙන නමුත්, එම ගනුදෙනු වලදී වංචනික ක්‍රියා සිදුවීමට වැඩි ඉඩකඩක් පවතී. එම නිසා එවැනි වංචාකාරී ක්‍රියා සිදුවීමේ අවදානම වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
සෑම විටම ආරක්ෂාවට මුල්තැන දෙන සෙලාන් බැංකුව, ගනුදෙනුකරුවන්ගේ චර්යා වෙනස් වීමට සාපේක්ෂව ගනුදෙනුවල සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් පියවර ගනී. මීට පෙර සෙලාන් බැංකුව තම කාඩ්පත් භාවිතයෙන් සිදුවන ගනුදෙනු වල ආරක්ෂාව සඳහා Three Domain Secure (3DS) Protocol භාවිතා කර තිබිණි. සෙලාන් බැංකුව දැන් 3DS 2.0 භාවිතයට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා මෙසේ පැවසීය. 3DS 2.0 භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ශ්‍රී ලාංකික බැංකු අතරින් එකක් බවට පත්වීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වනවා. “මෙය ගනුදෙනුකරුවන්ට වැඩි ආරක්ෂාවක් මෙන්ම වැඩි පහසුවක් ලබාදෙන පියවරක්. අද දවසේ බැංකු මුහුණ දෙන විශාලතම අභියෝගයක් වන්නේ, වංචාකාරී ක්‍රියාවන් හඳුනා ගන්නා අතරම ගනුදෙනු වැරදි ලෙස ප්‍රතික්ෂේප වීම් අවම වන පරිදි, තාක්ෂණය හා ආරක්ෂාව සුසංයෝග කළ යුතු ආකාරය නිවැරදිව හඳුනා ගැනීමයි. මේ නව ආරක්ෂක විධිවිධාන මගින් වංචාකාරී ක්‍රියා සිදුවීමේ අවදානම අවම කරමින්, සෙලාන් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම වඩාත් පහසු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. මේ නිසා මින් ඉදිරියට, පෙරටත් වඩා වැඩි විශ්වාසයකින් යුතුව තම ගනුදෙනු සඳහා සෙලාන් කාඩ්පත් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට හැකි වේවි.”
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙලාන් බැංකුව මාර්ගගත කාඩ්පත් ගනුදෙනු වල ආරක්ෂාව ඉහළ දමයි