X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට වරාය දේශීය නිපැයුම් නැව්ගත කිරීම අරඹයි

 

ආනයන අපනයන පිවිසුම් දොරටු වරායක් ලෙස දේශීය කර්මාන්තවලට සිය සේවා ආරම්භය සනිටුහන් කරමින්  හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ශ්‍රී ලාංකික සමාගමක් වන ඩච් ලංකා ට්‍රේලර්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද ට්‍රේලර් යන්ත්‍ර නැව්ගත කිරීම සඳහා පහසුකම් සලසන ලදි.

“පැහැදිලිවම විදේශ වෙළෙඳපොළට සේවා සපයන ශ්‍රී ලාංකීය කර්මාන්තවල දියුණුවට සහාය දැක්වීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන සැලැස්මේ පැහැදිලිවම අන්තර්ගත වේ.” ඩච් ලංකා ට්‍රේලර්ස් සමාගම වෙනුවෙන් සිදුකළ මෙම නැව්ගත කිරීම හම්බන්තොට වරාය  ශ්‍රී ලංකාවේ දොරටු  වරායක් ලෙස ඉටු කරන වැදගත් කර්තව්‍යය සම්මත කිරීමක් වන අතර දේශීය නිෂ්පාදකයන්ට ඔවුන්ගේ වෙළෙඳපොළ වෙත ළඟා වීමට ලාභදායී ක්‍රම හඳුන්වා දෙමින් නව යුගයක් සනිටුහන් කිරීමක් බව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG)  වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පැවසීය.

සාමාන්‍යයෙන් බහාලු‍ම් නැව් යාත්‍රා  හරහා තම ට්‍රේලර් යාත්‍රා  නැව්ගත කරන ඩච් ලංකා ට්‍රේලර්ස් සමාගම, මෙවර හම්බන්තොට වරායට පැමිණි හෙස්ටියා ලීඩර්’ (HESTIA LEADER) නැමැති රෝරෝ යාත්‍රාව හරහා සිය නැව්ගත කිරීම සිදු කිරීමට තීරණය කළේය. ඩච් ලංකා ට්‍රේලර්ස් ඒකක 10ක් රැගත් රෝරෝ යාත්‍රාව ඔක්තෝම්බර් 26 වන දින, කැරිබියන් දූපත් බලා පිටත් විය.

HIPG ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.  “හම්බන්තොට ජාත්‍යන්තර වරාය එවැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා  හොඳින් සන්නද්ධව ඇත. උසස් නවීන පන්නයේ ටර්බර්ග් ට්‍රැක්ටර් රථයක් (Turburg tractor) වරාය සතු වීම ද නැව්ගත කරන්නන්ට පහසුවකි. බහාලු‍ම් යාත්‍රාවන් සඳහා ගෙවීමට වන වැඩි භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සහ බහාලු‍ම් කළ භාණ්ඩ හැසිරවීමේ දී අනෙකුත් වරායන් මුහුණ දෙන තදබදය, පිළිබඳව සසඳන විට හම්බන්තොට වරාය වඩාත් සුදුසු තේරීමකි. රෝරෝ යාත්‍රා හරහා මෙවැනි භාණ්ඩ නැව්ගත කිරීම නව ප්‍රවණතාවක් බවට පත් වෙමින් තිබෙන්නේ නැව්කරුට වැයවන පිරිවැය අඩු වන නිසාය. එබැවින් අපි මෙම නව අවස්ථාව තවදුරටත් අත්හදා බැලීමට බලාපොරොත්තු වෙමු”.



අදහස් (5)

හම්බන්තොට වරාය දේශීය නිපැයුම් නැව්ගත කිරීම අරඹයි

Bunny Preena Monday, 29 November 2021 09:30 AM

ලංකාවේ නිෂ්පාදන සහ අපනයන ආර්ථිකයට යනවාය කියන්නේ දියුණු වෙන්න හොඳ මාර්ගයක් තමයි. දේශීය නිෂ්පාදන උසස් අන්දමින් නිෂ්පාදනය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුයි.

:       17       28

WijethilakaWednesday, 01 December 2021 05:42 AM

රජය කරන්න ඕන තාක්ශනික දැනුම සපයන එක නෙමෙයි, යටිතල පහසුකම් සලසන එක. තාක්ශණික දැනුම සොයාගන්න පහසුකම් සලසන එක.

:       0       11

Saman Tuesday, 30 November 2021 08:00 PM

මෙහෙට ආපු කම්පැනිවලින් පගා ඉල්ලලා එම ආයෝජන නවත්තපු අය මේ රටේ නොසිටියා නම්...?

:       0       21

Rakitha Thursday, 02 December 2021 08:48 AM

හම්බන්තොට වරාය කියන්නේ ලංකාව සිංගප්පූරුවක් කරන්න පුලුවන් දෙයක්... ගිය ආණ්ඩුව මේක විනාශ කරන්න හැදුවාට මේ ආණ්ඩුව මේක ගොඩ නගයි හොඳට... සතුටුයි, හැබැයි අවුල තියෙන්නේ වැඩි වාසි චීනෙට...

:       0       0

චන්දිම Thursday, 02 December 2021 02:42 PM

අනේ කවුරුහරි පැහැදිලි කිරීමක් කරන්නකෝ මේ වරායෙන් අපේ රජයට ඩොලර් ආදායමක් ලැබෙනවාද කියලා. නැතිනම් චීන්නු සියලුම ලාභය අරගන්නවාද? ඇත්තටම මේක අපේ මිනිස්සු විසින් කරනවට වැඩිය චීන්නු කරලා අපිටත් වාසියක් වෙනවාද කියාලා පැහැදිලි කරන්නකෝ.

:       1       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site