X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


හොර කරන්න බැරි හැදුනුම්පතක් එයි

නුදුරේදීම ඉලෙක්ට්‍රොනික චිපයක් සහිත නව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සැළැසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව කියයි.

තිබෙන පැරණි හැදුනුම්පත් වෙනුවට චිපය සහිත නව හැදුනුම්පත් ලක්ෂ 150 ක් පමණ නිකුත් කිරීමට කටයතු දැනටමත් අරඹා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්.සරත්කුමාර මහතා පවසයි.ඒ සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 331 ක් දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ඇතිකිරීමටද නියමිතය.

දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු කඩිනම්වත් සාර්ථකවත් කිරීම සදහා උපාධිධාරී පුහුණු අයවලූන් 800 ක් පමණ බදවා ගැනෙනු ඇත.

නව හැදුනුම්පත් කිසි ලෙසකින්වත් ව්‍යාජ ලෙස නිපදවීමට නොහැකි වන පරිද්දෙන් නිපදවන බව සදහන්ය.අන්තර්ගත කැරෙන චිපයේ හැදුනුම්පත හිමිකරුවාගේ ජීව දත්ත සටහනක්,ඇගිලි සළකුණු,රුධිර ගණය ආදී තොරතුරුද අඩංගු කෙරෙනු ඇත.



අදහස් (0)

හොර කරන්න බැරි හැදුනුම්පතක් එයි

කමල් Friday, 17 May 2013 02:51 PM

සදුනි දැනගන්න, මෙහි මා ඇතුළු බහුතරයක් අදහස් ඉදිරිපත් කරන්නේ රට වෙනුවෙන් බව, සුභ හෝ අසුබවාදී අදහස් සියල්ල අවශ්‍යයි. එම අදහස් සියල්ල ක්‍රමානුකූලව විශ්ලේෂනය මගින් හොදම විසදුම තෝරාගැනීම පහසුවක් වේවි. ලංකාදීපය මෙසේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම මගින් එවන් ජාතික මෙහෙවරක් ඉටු වනු බව පෙනේ. වගකිවයුත්තන් මෙම අදහස් කියවනවාද නැද්ද යන්න මම නොදනිමි. (ස)

:       0       0

සරත් Wednesday, 15 May 2013 09:55 PM

වැඩේ නරක නැහැ හරියට කරනවා නම්. ගොඩක් දුෂණ ක්‍රියා නවත්වන්න පුළුවන් වෙයි (නි)

:       0       0

රාජිත-දෝහා Wednesday, 15 May 2013 10:07 PM

ඇත්තටම හොද වැඩ පිළිවෙලක්. දැන් තිබෙන දියුණු තාක්ෂණයත් සමග අපිත් පෙරට යා යුතුයි. මේ එක්කම නව හැදුනුම් පතට පුද්ගල තොරතුරු, ඇගිලි සලකුණු ඇතුළු සියලු දේ එක් කිරීමට හැකිනම් අපරාද පරීක්ෂණය කිරීමේදීද එය ඉවහල් කර ගත හැකිය.(නදී)

:       0       0

ප්‍රේමරත්න Thursday, 16 May 2013 09:51 AM

හොඳ වැඩක්. මේ එක්කම පාස්පෝට් එකටත්, ලයිසන් එකටත් ඒ වගේ දෙයක් කරනවා නම් හොද නේද? (නි)

:       0       0

රූපවතී Thursday, 16 May 2013 01:21 PM

මම නම් මෙම හැදුනුම්පත ලබාගන්නෙ කිසිම මුදලක් ජනතාවගෙන් අය නොකර නොමිලේ සපයනවා නම් පමණි. රජයේ වගකීම් කිසිවක් හරියට ඉටු කරන්නෙ නැහැ. ජනතාවගෙන් මුදල් එකතුකර ගන්න ක්‍රම හොදට දන්නවා.රටේ රේල් පාරවල් ටිකටත් ගේට්ටු හදලා දෙන්න ඔය වගේ අදහස් පහළ වෙනවා නම් කොපමණ හොදද? (නි)

:       0       0

තිසල් Thursday, 16 May 2013 01:22 PM

බම්බුව, විසා කාර්ඩ්, මාස්ටර් කාර්ඩ් වගේ ක්‍රෙඩිට් කාර්ඩ් හොර කරන අයට මේකත් මහලොකු දෙයක්ද? එහෙම නොවෙයි වෙන්නේ. ඔය කොහෙ හරි රටක හදපු මැෂිමක විකුණගන්න බැරිකමක් ඇති. එහෙම එකක් ලාබයට තියන තැනක් දන්නා ලොක්කෙකුගේ කවුරුහරි ඇති. අපි කොයි තරම් කෑගැහුවත් ඔය මැෂිම ගෙනෙනවා. ටික කලකින් අහන්න පුළුවන් කතන්දරේ දෙවෙනි කොටස. මැෂිමට හරියන ඉලෙක්ට්‍රොනික චිපය හදන්නේ ලෝකයේ එකම කොම්පැනියක් විතරයි. එම ඉලෙක්ට්‍රොනික චිපය ගෙන්වන දේශීය නියෝජිතයා අහවලාය. මිල අදික උනත් පිටින් ගන්නට නොහැකිය. රටේ අපි හරක්ය. තණකොළ උවමනාය.(නදී)

:       0       0

කමල් Thursday, 16 May 2013 04:45 PM

තිසල්, ඔබේ අදහස අගේ කරමි. මම කලින් එකතු කල අදහසටත් ගැලපෙනවා, ලංකාවේ තොරතුරු තාක්‍ෂණය දියුණු කරනවා කියලා කරන්නේ සමාගම් පෝසත් කරන එකම තමයි. තොරතුරු තාක්‍ෂණය යොදා ගනිමින් ගොනාට අන්දවා මුදල් ගාරාගැනීම දැන් විලාසිතාවක් වෙලා වාගේ කියලා හිතනවා. තොරතුරු තාක්‍ෂණය දියුනු කරන්න පිහිටවමු එක් ආයතනයක් තියනවා ලොකුවට බොරු කරන, කවුද මේවා හොයන්නේ. මෙය කියවන අය ස්වාධීනව හොයලා බලන්න.(නදී)

:       0       0

නිහාල් Thursday, 16 May 2013 04:48 PM

හොර කරන්න බැරි හැදුනුම්පතක් ගෙන ඒමට පෙර හොර කරන්නැති දේශපාලකයින්, නිලධාරීන්, ජනතාව සිටින රටක් ගොඩ නැගිය යුතුයි. මේකට මැෂින් එකක් තියනවා නම් කීයක් හරි දීල ගෙනාවත් කමක් නැහැ.(නදී)

:       0       0

සදුනි Thursday, 16 May 2013 05:30 PM

ඕනෑම දෙයක් අසුබවාදීව බලන අය ඉන්න නිසා මේ ප්‍රතිචාර ගැන සිතිය යුතු නොවේ.අපෙන් මුදල් අයකරලා හරි නිකුත් කරන්න.මේක හොද දෙයක් (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 17 May 2013 04:27 AM

නවතම බද්ද ගෙවීමට සැරසෙවු! ජාතික හැඳුනුම්පත් බද්ද. (නි)

:       0       0

රංජනී Friday, 17 May 2013 01:56 PM

ඔය මොනදේ කරත් ලංකාවේ හොර මොළ සුද්ද කරනවා බොරු.නිහාල්ගේ අදහසට මාත් එකග වෙනවා. (නි)

:       0       0

අරුණ සෞදි Wednesday, 15 May 2013 03:18 PM

ඊට කලින් දෙපාර්තමේන්තුවේ ඉන්න හොරු ටික එලවලා ඉන්න වෙයි (නි)

:       0       0

බිල් Saturday, 18 May 2013 11:55 AM

මේක හොදයි. අපේ ඇගිලි සලකුණු එක්ක මේ වගේ කාර්ඩ් පතක් නිකුත් කළ විට ඒ දත්ත වලින් ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක හොයාගන්න පුළුවන්. මෙවැනි දේ වලින් හොරකම් වංචා අවම කරගන්න පුළුවන්. වියදමක් දරා වුණත් මේ වගේ දෙයක් ගැනීම අනාගතයේ ලංකාවේ ජිවත් වීමට වාසියක් විය හැක. කුහක නොවන්න හොද දේවල් අගය කරන්න. (නි)

:       0       0

ජෝර්ජ් Saturday, 18 May 2013 12:36 PM

මේක නොමිලේ කරනවානම් තමයි හොඳ. (ස)

:       0       0

රොහාන් Saturday, 18 May 2013 01:11 PM

මොන ‍දෙය කරන්න හැදුවත් ගොඩක් දෙනා එය දකින්නේ අසුභවාදී විදියට.(ස)

:       0       0

නන්දලාල් Saturday, 18 May 2013 06:42 PM

වැඩේ හොදයි. තිසල් කියනවා වගේ මගඩි වැඩත් මේවා පිටිපස්සේ තියෙන්න පුළුවන්.මුදල් අයකරලා දුන්නත් ආණ්ඩුවෙන් මුදල් පාස් කරලා කෙරුවත් දෙකම එකයිනෙ. ආණ්ඩුවේ තියෙන්නෙත් ජනතාවගේ සල්ලිම තමා. (නි)

:       0       0

සුමනා Sunday, 19 May 2013 06:02 AM

ඕක පරික්ෂා කරන්න යන්තරයක් ඕනෑ නැද්ද? (නි)

:       0       0

සුමිත් Sunday, 19 May 2013 06:45 AM

හොඳ දේ හොඳයි.හොඳ දේ පිටුපසින් නරක දේ සිදූවීමයි නරක.කරන දේවල විනිවිද බවක් ඇත්තේම නැහැ.උදාහරණයකට හිටපු ගමන් ම චන්ද්‍රිකාවක් යවනවා.මුදල් කොහෙන්ද?කොහොමද ? මොන පදනම මතද මේක වෙන්නෙ? පැහැදිළි විස්තරයක් කවුද දන්නෙ? කලින් පිලිගත හැකි සාමාන්‍ය වියදමකින් සම්පූර්ණ කළ පාරක කිලෝමීටරයක් හදන්න හිටිගමන්ම කෝටිගණනක වියදමක් පෙන්නනවා. කොහාටද මේ වැඩියෙන් පෙන්වන මුදළ් අන්ත්‍රස්ධාන වෙන්නෙ.මේ මුදල් ඔය නම දාගන්න හදන අයගෙ නොවෙයි.ණය!ණය!!ණය!!!.මේවා පොලියත් එක්ක ගෙවන්න වෙන්නෙ අපිට අපේ අනාගත පරපුරට. (නි)

:       0       0

ජෝයි Sunday, 19 May 2013 11:15 AM

ඊනියා බටහිර විරෝධියෝ පොදු රද මඩුලු සමුළුව එපා කිවුවා. ආණ්ඩුවේ ඇත්තෝ ඕනෑ කිවුවා.මම නම් අකමැති ඒකේ වියදමත් අපේ කරේ එල්ලන නිසා. දැන් රෝල්ස් රොයිස් කාර් 200 ඇනවුම් කරලලු එම සමුළුවට. ඔය වගේ තමයි හැමදේම.මේකෙත් ඔච්චරයි. (නි)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 19 May 2013 02:36 PM

හොර කරන්න බැරි මේ ලංකාවේ ? මටනම් දෙපැත්තෙන්ම හිනා.(නදී)

:       0       0

කමල් Monday, 20 May 2013 12:41 PM

මෙය ක්‍රියාත්මක කරන අය සියළු විස්තර ලබා දිය යුතුයි. වසර කිහිපයකට පසු මේ වැඩ පිළිවෙල අත්හිටුවනවාද? මොන සමාගම් වලටද භාර දෙන්නේ. නැත්නම් රජය යටෙත් ක්‍රියාත්මකද ? විනිවිද භාවයකින් සියල්ල හෙළි කල යුතුයි.(ස)

:       0       0

ජයා Tuesday, 14 May 2013 08:08 AM

හැඳුනුම්පත් ගැන කතා කරන්න එපා. නිකුත් කරන ඒවාත් මැකෙන්නේ නැතුව අවුරුදු 10 පාවිච්චි කරන්න බැරි නම් මොන තාක්ෂණේ තිබුණත් වැඩක් නැහැ (නි)

:       0       0

ශානිකා Monday, 13 May 2013 04:55 PM

දැන් තියන හදුනුම්පතවත් හරියට හදන්නෙ නැතිකොට අලුත් ඒවා හදන්න බලනවා. දැන් ඒවගේ කාන්තාවන්ගේ ෆොටෝ පිරිමියටයි, පිරිමින්ගේ ෆොටෝ කාන්තාවන්ටයි මාරු කරනවා. එක අංකයට හැදුනුම්පත් 2ක් නිකුත් කරනවා. එහෙව්කොට අලුත් එක කොහොම හදයිද මන්දා. (නි)

:       0       0

සිසිර Monday, 13 May 2013 05:48 PM

ආවට පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

රජිත් Monday, 13 May 2013 06:30 PM

හොද ක්‍රියාවක්.උපරිම සහය දෙන්න. (නි)

:       0       0

චානක Monday, 13 May 2013 07:04 PM

ඒක නම් හොද දෙයක්. ඒත් අපේ ලංකාවේ හැටි ගැන දන්නවනේ (නි)

:       0       0

නුවන් Monday, 13 May 2013 08:46 PM

අපිට වෙන කොහෙන් වත් හොර කරන්න ඕනෑ නැහැ. හොර එකත් හදලා දෙන්නේ කොතනින්ද කියලා දන්නවනේ. සල්ලි විතරයි ඕනෑ. (නි)

:       0       0

කමල් Monday, 13 May 2013 10:24 PM

අනිවාර්යයෙන්ම මේක පිටපස්සේ පුද්ගලික සමාගමක් පෝසත් කිරීමේ ව්‍යාපාරයක් තියනවාද කියලා හොයලා බලන්න. තව විස්තර අපිට දෙන්න ලංකාදීප. (මෙවන් තව ව්‍යාපෘති තියන බව දන්න නිසයි ලියන්නේ) (නි)

:       0       0

පාලිත Monday, 13 May 2013 11:21 PM

පාස්පෝට් එකටත් ඕක කරන්න පුළුවන් නම් හොදයි (නි)

:       0       0

සෙනරත් Monday, 13 May 2013 11:21 PM

හැමදේම හරියට කරන්න මුදල් ගොඩක් වියදම් වෙනවා. ඉතින් හැම දෙයකින්ම කොමිස් ගහලා අඩු මුදලකට වැඩ කරන කොට ඔහොම තමයි (නි)

:       0       0

ගාමිණී - සිරි Monday, 13 May 2013 11:38 PM

ඔය කියන විදියට පරණ කරුණු , අලුත් කරුණු ඇතුළත් කරන්න ගිය විට , හැදුනුම්පත ලොකු කරන්නත් එපා,අපෙන් අයකරන්නත් එපා. (නි)

:       0       0

විහග Tuesday, 14 May 2013 06:58 AM

ලොකු දෙයක්. මොකද දැන් තියන එක මේ දියුණු ලෝකයට ගැලපෙන්නේ නැහැ (නි)

:       0       0

ලසන්ත Monday, 13 May 2013 04:28 PM

කොච්චර කල් ඉදන්ද දැන් ඕක කියා කියා ඉන්නෙ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Tuesday, 14 May 2013 12:14 PM

සල්ලි ඕනේ උනාම මේ වගේ යෝජනා එනවා. ගාන කීයක් විතර වෙයි ද කියල අහල බලමු.(ස)

:       0       0

අජිත් Tuesday, 14 May 2013 01:30 PM

වාහන ලයිසන් එක කල් යනකොට කුඩුවෙනවා. බැංකු කාර්ඩ් එකත් කල් යනකොට මැකෙනවා. මේවත් බලලා පාඩම් ඉගෙනගන්න (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 02:30 PM

දැන් තිබෙන තක්ෂණය යොදා ගෙන ඔය හොර කරන්න බැහැ කියන හැම දෙයක්ම හොර විදියට හදාවි. හොඳම දේ මේ හොර වැඩ කරන තාක්ෂනය දන්නා අයව රජයට අරන් රැකියාවක් දීලා ඒ අයෙගේ දස්කම් වලින් අපේ රටට වැඩක් ගන්න එකයි.(නදී)

:       0       0

ඊඑම් Tuesday, 14 May 2013 03:41 PM

මෙහෙම දියුණු ක්‍රම යුරෝපයේවත් නැහැ. ටිකක් හොයලා බලන්න. වියදමට සාපේක්‍ෂව ප්‍රතිලාභය ගැන කල්පනා කර බලන්න. කාටද වාසිය? (නි)

:       0       0

රන්ජන් රන්දියගම Wednesday, 15 May 2013 03:27 AM

හොඳ වැඩක්. රටේ දියුණුවත් සමග වෙන්න ඕනෑ දේවල්. අනික රටේ මුදල් අඩුපාඩුවටත් හොඳයි නේ (නි)

:       0       0

සුමිත් Wednesday, 15 May 2013 03:53 AM

ප්‍රශ්ණ රැසක් තිබෙනවා අපිට- 1.වියදම අපෙන් ද අය කරන්නෙ? එහෙම නැත්නම් ආණ්ඩුවෙන්ද? 2.මැද පෙරදිග, ඉතාලිය වගෙ පිට රටවල ඉන්න අයට මේක නිකුත් කරන පිළිවෙල ගැන හිතලා බැලුවා නම් හොඳයි නේද? 4.දැන් උතුරුකරේ ඉන්න හැමෝටම මේක දෙනවද? 5.ඇත්තටම මේක හිමිවිය යුතු අයටත් කරදරයකින් තොරව ලබා ගැනීමට ඉඩකඩ තියෙනවද? 6.ඊළඟට ඔතැනට එන ප්‍රධානියාත් මේ වැඩ පිළිවෙළට එකඟ වෙයි ද? එහෙම නැත්නම් මව්බිමට මේ ආශ්චර්යය නැවත වරක් දරන්න සිදුවේද? (නි)

:       0       0

සරත් Wednesday, 15 May 2013 09:52 AM

හොර නොකර කැඩෙන්නෙ නැති එකක් දෙන්න හොදේ (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 15 May 2013 12:58 PM

හොර නැති මිනිස්සු ඕනේ. හොර නැති ක්‍රියාවලි ඉතා විරලය. මිනිස්සු හදන පිළිවෙලක් ගැන හිතමු. (ස)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 02:49 PM

ඕවා සිම්පල් අපිට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site