මෙරට ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා අයිස් නිෂ්පාදන කටයුතු මේ වසරේ දී ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
වසර 2013 සහ 2014 කාලයේ මෙරට තිබූ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා ප්‍රමාණය 90ක් යැයි ද 2015 වසර අවසන් වන විට එම කර්මාන්තශාලා සංඛ්‍යාව 119 දක්වාත් මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට 123 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
මෙම කර්මාන්තශාලා ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන අයිස් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව 2013 වසරේදී නිෂ්පාදනය කළ දෛනික අයිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2658කි. වසර 2-014 දී මෙට්‍රික් ටොන් 2788ක් නිෂ්පාදනය කිරීමට හැකි වූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
දෛනික අයිස් නිෂ්පාදනය පසුගිය වසරේදී මෙටි්රක් ටොන් 3819ක් දක්වාත්, මේ වසරේ සැප්තැම්බර් වන විට මෙට්‍රික් ටොන් 3949 දක්වාත්, ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ධීවර ප්‍රජාවට මසුන් කල්තබා ගැනීම සඳහා අවශ්‍ය සමස්ත අයිස් ප්‍රමාණය මේ වන විට මෙම නිෂ්පාදන කර්මාන්තශාලාවල නිපදවන අතර, ශීත ගබඩා පහසුකම් ධීවර වරාය ආශ්‍රිතව පුළුල් කිරීමට ද පියවර ගෙන ඇතැයි ද අමාත්‍ය අමරවීර මහතා කීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘අයිස් නිෂ්පාදනය වැඩිවෙලා‘