(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනයේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සමාගම් 24කට පැනවූ සම්බාධකවලින් ‘කොළඹ වරාය නගර ව්‍යාපෘතිය’ට කිසිදු බලපෑමක් නැතැයි කොළඹ වරාය නගර සමාගමේ ප්‍රධාන මහජන සබඳතා නිලධාරී කාශ්‍යප සෙනරත් මහතා අද (4) පැවසීය.
මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය කරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව චීන ව්යාවසය 24කට සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.
කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇත්තේ චීනයේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ වන අතර ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේ අදාළ මවු සමාගමට නොව ඊට අනුබද්ධිත හා උප සමාගම්වලට යැයි ද සෙනරත් මහතා කීය.
සම්බාධකවලට ලක්වූ ලැයිස්තුවේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ සමාගමි චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි’ සමාගමට අදාළ අනු හා උප සමාගම් තිබෙන බැවින් බටහිර මාධ්‍ය අදාළ සමාගම්වලට සම්බාධක පැනවූ අයුරින් මාධ්‍ය වාර්තා පළ කර ඇතැයි ද ඔහු කීය.
කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් කෙරෙන්නේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ සමාගමේ කොටසක් ‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි (සී’එච්’ඊ’එච්)’ සමාගම හරහා නිර්මාණය කළ (සී.එච්.ඊ.එච්)’ පෝර්ට් සිටි කලම්බු පෞද්ගලික සමාගම හරහා ය.
‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’,කොළඹ වරාය නගරය වෙනුවෙන් කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4කි.
ඇමෙරිකාව පැනවූ මෙම සම්බාධක වලින් කොළඹ වරාය නගරයට කිසිදු බලපෑමක් නැතැයි තවදුරටත් තහවුරු කළ සෙනරත් මහතා සම්බාධක පනවා ඇත්තේ තෙවැනි පාර්ශවයක් වන බවත් සම්බාධකවල බලපෑම ඇත්තේ ඇමෙරිකානු සමාගම්වලට යැයි ද කීය.
කොළඹ වරාය නගරයේ භූමිය ගොඩ කිරීම සහ දිය කඩනය ඉදි කිරීම යන කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් මේ වනවිට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සෙනරත් මහතා කීවේය.
මේ අතර කොළඹ වරායේ නගරයේ ඉදි කෙරෙන මුහුදු වෙරළ සහ මහජන උද්‍යානය ලබන වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මහජනාතවට විවෘත කරන බව ද ඔහු තවදුරටත් කීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ඇමෙරිකානු සම්බාධකවලින් කොළඹ වරාය නගරයට බලපෑමක් නැහැ’