X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


‘ඊසි ඩිපොසිට්’ කෝටියක් වටින අදහසක්

මොබිටෙල් සංකල්පයකට අනුව සිරස ටීවී එක්ව කළ ‘කෝටියක් වටින අදහසක්’’ රියැලිටි ටීවී වැඩසටහන් අතර පෙරළිකාර වෙනසක් සිදු කළේය. කෝටියක් වටින අදහසක් යනු නවෝත්පාදන දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරි කරගත් වැඩසටහනක් වේ.

මෙහි අවසන් මහා තරගය පසුගිය 21 වැනි සෙනසුරාදා ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ශවත් අයුරෙන් පැවැත්විණි. මොරටුව විශ්ව විද්‍යාල උපකුලපති තුමන් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උළෙලට ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ මහතා සහ ශ්‍රි  ලංකා ටෙලිකොම් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා සහ මොබිටෙල් ප‍්‍රධාන මෙහෙයුමි නිළධාරි නලින් පෙරේරා මහතා ඇතුළු ව්‍යාපාරික ආයතනික සහ මාධ්‍ය ප්‍රධානීන් රැසක් සහභාගී වූ මෙම උ‍ත්කර්ශවත් අවස්ථාව සංස්කෘතික අපූර්වත්වය සහ නවීන සුපිරිත්වය මනාව උකහා ගත් සංකලනයක් ලෙසින් වේදිකා ගත විණි.

මෙම අවස්ථාවේදී සභාව ඇමතූ මහාචාර්ය ආනන්ද ජයවර්ධනයන් පවසා සිටියේ මෙම වැඩසටහන දිවයිනේ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට යාමට නියත දිරියක් වනු ඇති බවයි.

මූලික වශයෙන් තරගකරුවන් දහසකට ආසන්න පිරිසක් ඉදිරිපත් වූ කෝටියක් වටින අදහසක් වැඩසටහන දේශයේ අවධානය රටට වැඩදායී පිරිසක් වෙතට යොමු කරන්නට සමත් විය. වෙනස් අදහස් වලින් සන්නද්ධ 125 ක පිරිසක් මූලික පරීක්ෂාවකින් පසු වැඩමුළුවක් සදහා යොමු කෙරුණි.

තරගයේ ඊළග අදියරට යොමු වූයේ මෙම වැඩමුළුව තුළින් දැනුවත් භාවයට පත් වූ තරගකරුවන් වීම මෙහි විශේෂත්වයකි. පියවරෙන් පියවර තරගකරුවන්ට අවශ්‍ය දැනුම ප්‍රායෝගිකව සපයමින් ඔවුන්ගේ අදහස් නිර්මාණකරණය තෙක් ගෙන යාම මෙම තරගයෙහි මූලික අපේක්ෂාවක් විණි. මූලිකව තෝරාගත් තරගකරුවන් 125 දෙනා අතරින් අවසන් තරගකරුවන් 24 දෙනෙක් තරගාවලියේ අභියෝගාත්මක බවට මුහුණ දීම සදහා තෝරා ගත් අතර ඉන් 12 ක්දල පසුව එය 8 ක්ද සහ අවසන් වශයෙන් තරගකරුවන් 4 ක්ද දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු වන සේ තෝරාගැනීම් සිදු විණි.

මෙම තේරීම් ක්‍රියාවලිය පුරාවට තරගකරුවන් හා රැදෙමින් ඔවුන්ට අවශ්‍ය දැනුම සහ දිරිගැන්වීම් සැපයූ විනිශ්චය මණ්ඩල සාමාජිකයින් වන ඉන්ටෙල් ශ්‍රී  ලංකා ව්‍යාපාර කළමනාකාර ඉන්දික ද සොයිසා මහතා, කප්රුක නිර්මාතෘ දුලිත් හේරත් මහතා, ව්‍යාපාර උපදේශක ෆයාස් හුදා මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් සහ විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ ප්‍රධානී මහාචාර්ය රොහාන් මුණසිංහ, ක්‍රවුඩ් අයිලන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ඉංජිනේරු නලීන් කරුණාසිංහ,වැඩිම ජාත්‍යන්තර සම්මානයට ප්‍රාත ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරු මංජු ගුණවර්ධන මහතා යන විද්වතුන් තරගයට සැබෑ අරුතක් එක් කිරීමට සමත් වූහ.

වෙනත් රියැලිටි ටීවී වැඩසටහන් අතරින් වෙනස් ආරක් ගන්නා කෝටියක් වටින අදහසක් වැඩසටහන හරහා සමාජය පෝෂණය කළ හැකි අදහස් රැසක් ඉස්මතු වුණි. මෙහිදී කැපී පෙනෙන යමක් වූයේ බලශක්ති පිරිමැසුම,ජල සම්පත සහ වන සතුන් සුරැකීම, මාර්ග ආරක්ෂණය ආදී සමාජයට වැඩදායී සංකල්පයන් කතා බහට ලක් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට තරගකරුවන් මෙන්ම විනිශ්චය මණ්ඩලයද දැක්වූ සැළකිල්ලයි.

නව අදහස් නිර්මාණකරණයට ගෙන යාමටත් ඉන් නොනැවතී ඒවා වෙළදපොළට ඇතුළත් කිරීමට පවා මුල්‍යමය සහ දැනුම් දායකත්වයක් තරගකරුවන් හට සැපයීම අවසන් තරගකරුවන් 12 දෙනාගෙන් ඇරඹිණි. අවසන් තරගකරුවන් 12 දෙනා හට ඔවුන්ගේ ව්‍යාපෘති දියුණු කරගැනීම සදහා රුපියල් ලක්ෂය බැගින් පිරිනැමුණේ වඩාත් හොද නිර්මාණයන් අපේක්ෂාවෙනි.

අදහසක් නිර්මාණයක සිට වෙළදපොළ භාණ්ඩයක් දක්වාත්, ඉන් නොනැවතී ආකර්ෂණීය වෙළද නාමයක් දක්වාත් ගෙන ඒමට තරගකරුවන් මෙහෙයවූ කෝටියක් වටින අදහසක් වැඩසටහන සිරස ටීවී සහ මොබිටෙල් සුසංයෝගයෙන් නිර්මාණය වූ කාලෝචිත වැඩසටහනකි.

පසුගියදා පැවැත්වූ අවසන් තරගය සදහා සිය නිර්මාණයන් ඉදිරිපත් කළ තරගකරුවන් වන්නේ ශෂී සම්පත්, සුනිල් ජයසිංහ, ආසිරි ද සිල්වා සහ අරුණ ප්‍රසාද්ය. ශෂී සම්පත් විසින් නිර්මාණය කරනු ලැබුවේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, අනතුරු අවම කරනා බොයිලේරු ආරක්ෂිත පද්ධතියකි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ එහෙත් කාර්මික ක්ෂේත්‍රය තුළ අන්තරාදායකත්වය අතින් ඉදිරියෙන්ම සිටිනා බොයිලේරුව වඩාත් ආරක්ෂිත පද්ධතියක් යටතේ නිර්මාණය කිරීම ශෂීගේ වෑයම විණි. පහසුවෙන් බැංකුවක මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදයක් වන වන ඊසි ඩිපොසිට් නිර්මාණය කරනු ලැබුවේ සුනිල් ජයසිංහ විසිනි. වෙළද සැලකින් මිලදී ගත හැකි කාඩ් පතක් හරහා ඕනෑම බැංකුවකට මුදල් බැර කිරීමේ හැකියාව මේ හරහා සැපයෙනු ඇත.

ආසිරි ද සිල්වාගේ නිර්මාණය වූයේ ඕනෑම මුදල් වර්ගයකින් පහසුවෙන් ව්‍යාජ මුදල් හදුනාගත හැකි උපකරණයක් වූ අතර එහි විශේෂත්වය වූයේ දැනට පවතින ව්‍යාජ මුදල් හදුනාගැනීමේ උපකරණවල නොමැති අංග සහ වැඩි විශ්වසනීයත්වයක් මෙහි පැවතීමය. විද්‍යාත්මක සංකල්පයක් ඔස්සේ සිය චින්තනය මෙහෙයවා අරුණ ප්‍රසාද් වඩාත්ම නිවැරදිව සහ සූක්ෂ්මව ලේසර් විදුමක් සිදු කරගත හැකි ක්‍රමවේදයක් ලොවට හදුන්වා දුන්නේය. මෙම අදහස් සහ නිර්මාණයන් සියල්ලේම විශේෂත්වය වන්නේ මෙම නිර්මාණයන් ලොව පළමු වරට හදුන්වාදෙන නිර්මාණයන් වීමය.

තීරණාත්මක අවසන් තරගයේදී ජයග්‍රහණය හිමි කරගත් ඊසි ඩිපොසිට් නිර්මාතෘ සුනිල් ජයසිංහ වෙත මුදලින් රුපියල් මිලියනයක කූසලානයක්ද පිරිනැමිණි. මෙම තරගයේදී දෙවන ස්ථානය දිනා ගත් ආසිරි ද සිල්වා වෙත රුපියල් ලක්ෂ පහක්, තෙවන ස්ථානය දිනා ගත් අරුණ ප්‍රසාද්  වෙත රුපියල් ලක්ෂ දෙකක් සහ සිව්වැනි ස්ථානය දිනා ගත් ශෂී සම්පත් වෙත රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාග පිරිනැමිණි. අවසන් තරගකරුවන් සිව්දෙනා හට වටිනා සහතිකයන්ද පිරිනැමුවේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමේ පියවරක් ලෙසිනි.

අතිශය උත්කර්ශවත් ලෙස කෝටියක් වටින අදහසක් පළමු වැඩසටහනේ පළමු වාරය නිමාවට පත් වූයේ සමස්ත දේශයක අවධානය දිනාගනිමිනි. වෙනස් ලෙසින් සිතන්නට සමත්කම් ඇති නවෝත්පාදකයින් දිරිගැන්වීම සදහා සිරස ටීවී සහ මොබිටෙල් විසින් සැපයූ දායකත්වය මෙම අගනා වැඩසටහන හරහා මනාව පිළිබිඹු කෙරුණි.

IMG_9799 SEKA5623



අදහස් (0)

‘ඊසි ඩිපොසිට්’ කෝටියක් වටින අදහසක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site