X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘ස්වදේශී’ සමාගමට Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය

ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබාගත් පළමු ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන පෞද්ගලික ආයතනය ලෙසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් පසුගියදා පිදුම් ලැබීය.

2020 වසරේ Covid-19 වසංගතය ආරම්භයේ පටන් එහි අවදානම් තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ස්වදේශී සිදු කළ මෙහෙවර මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය මගින් තහවුරු කරන බව එම සමාගම සඳහන් කරයි.

මෙම Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය පිළිබඳව ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි/ කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝදරා සමරසිංහ මහත්මිය මෙසේ පැවැසුවාය.

“ආයතනය තුළ ආරක්ෂාව තහවුරු කරමින් අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගැනීමේ කළමනාකරණ ප්‍රයත්නය ඇගයීම වෙනුවෙන් මෙම සහතිකයෙන් පිදුම් ලැබීම පිළිබඳව අපි සැබැවින්ම ආඩම්බර වෙනවා. Covid-19ට එරෙහිව කටයුතු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම සහ සේවකයන්ගේ චිත්ත ධෛර්යය නැංවීමෙන් බියෙන් සැකෙන් තොරව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැංවීම සඳහා අපි ආරම්භයේ සිටම කටයුතු කළා. මෙවැනි අභියෝගාත්මක කාලයක් මධ්‍යයේ අපගේ සේවකයන් ආරක්ෂා කරමින් අප ලබාගත් ප්‍රගතිය පිළිබඳව අපි සතුටු වෙනවා. නිසි පාලන ක්‍රම සහ සනීපාරක්ෂක ප්‍රමිති සමගින් අභියෝග ජයගත හැකි බව අපි සතුටින් සඳහන් කරන්න කැමැතියි.”

ආරක්ෂණ ප්‍රමිති අඛණ්ඩව වැඩි දියුණු කිරීම, අපේක්ෂිත ප්‍රමිති පවත්වාගෙන යාම, සේවකයන්, නිෂ්පාදන සහ බෙදාහැරීම් ඇතුළු අනෙකුත් සියල්ලෙහි උපරිම ආරක්ෂාව සැලසීම යන සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පූර්ණ ලෙස අධීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම සහතිකය ප්‍රදානය කරන ලදී.

 



අදහස් (0)

‘ස්වදේශී’ සමාගමට Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site