X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


‘ළඟ එන අයවැය හිතකාමී එකක්‘ - අමුණුගම

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සඳහා ඇසුරුම්කරණය සහ මුද්‍රණ ශිල්පය වැනි අලුත් කර්මාන්තයන් තම නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළ මට්ටමකට නංවා ගෙන දේශීය සහ විදේශීය කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සපිරීම අවශ්‍ය බව පසුගියදා කිංස්බරි හෝටලයේදී ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ 40 වන සංවත්සරික උත්සවය විවෘත කරමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා දළ ජාතික නිෂ්පාදනයේ කෘෂිකාර්මික සහ කර්මාන්ත කොටස සෑහෙන තරමට ඉහළ ගොස් නැතත් සේවා අංශය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වා ඇති බවත් ඔහු සඳහන් කළේය. ‘නවීන ලෝකයේ විද්‍යා හා තාක්ෂණික යෙදවුම් බහුල වීම ආර්ථිකයේ සෞඛ්‍යය පිළිබඳ හොඳ සාධකයක් බැවින් ඉහත සදහන් කළ ප්‍රවණතාවය ශුභදායක ලක්ෂණයකි. කෙසේ වුවද කර්මාන්ත අංශය ආර්ථිකයේ තම දායකත්වය වර්ධනය කරගත යුතුය. මක්නිසාදයත් අපනයනය මගින් විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගය එය වන බැවිනි. ඒ කෙසේ වුවත් නව ප්‍රවණතාවය වන්නේ කර්මාන්ත සහ සේවා අංශයන් ඒකාබද්ධ කිරීමයි. එයට හේතුව නවීන කාර්මික සමාජ වල සේවා බොහොමයක් කර්මාන්ත අංශයේම බද්ධව තිබීමයි.‘ අවුරුදු 40කට පෙර සුළුවෙන් ආරම්භ වූ මුද්‍රණ සහ ඇසුරුම් සේවා දැන් ශ්‍රී ලංකා අපනයන වල ඉතා වැදගත් අංශයක් බවට පත්ව තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය. නිමි ඇදුම්, තේ, මැණික්, ස්වර්ණාභරණ සකස් කළ ආහාර ආදී කර්මාන්ත රාශියක් හොඳ ඇසුරුම් මත රදා පවතී. සංවර්ධිත රටවල මුද්‍රණ සහ ඇසුරුම් වියදම් ඉතා අධිකව ඇති තත්ත්වයක් තුළ අවශ්‍ය ශිල්ප ඥාණය ඇති අය සිටින ශ්‍රී ලංකාව වැනි රටවලට මේ සේවා සැපයීමේ මධ්‍යස්ථාන බවට පත් වීමට හැකියාව ඇති බවත් ශ්‍රී ලංකාව මුද්‍රණ සහ ඇසුරුම් කේන්ද්‍රස්ථානයක් කිරීමට අවශ්‍ය සෑම සහයක්ම රජය විසින් දෙනු ලබන බවද ඇමතිවරයා කීවේය. ළඟ එන රජයේ අයවැය ලේඛනය ඉතා හිතකාමී එකක් වන බව කී අමුණුගම මහතා රටේ ස්ථාවරභාවයක්, නව ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්තියක් පිටුවහල් කර ගන්මින් ඇසුරුම් කර්මාන්තය සීඝ්‍රව වර්ධනය කිරීම අදාළ කර්මාන්තකරුවන්ගේ වගකීම බව සඳහන් කළේය. 

web_20151115amu341907626_3615182457616855017_n web_amunu2015111527_3277050248952286022_n



අදහස් (0)

‘ළඟ එන අයවැය හිතකාමී එකක්‘ - අමුණුගම

තිස්ස Sunday, 15 November 2015 08:43 PM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

ස්මිත් Tuesday, 17 November 2015 09:50 AM

දිකිරට බළලුත් සාක්කි කිව්වලු (ම)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 18 November 2015 02:22 AM

හිතකාමී නිසාද වාහන වලින් මාර්ග බද්දක් ගන්නවා කියන්නේ. එන්නකෝ මීළඟ පළාත් පාලන ඡන්දෙට. (නි)

:       0       0

රේණු Wednesday, 18 November 2015 06:02 AM

හිතකාමි ඔබතුමන්ලටද එසේ නැතිනම් අපිතුමන්ලටද දන්නේ නෑ (බ)

:       0       0

රණසිංහ Wednesday, 18 November 2015 06:42 AM

කාටද ඇමතිතුමෝ. (ම)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 18 November 2015 12:44 PM

කටින් බතල කොළ හිටවමු සුපුරුදු ලෙස! (නි)

:       0       0

රවින් Wednesday, 18 November 2015 03:08 PM

හිතකාමීවෙන්නේ කාටද? රුපියල අවප්‍රමාණය වීම නිසා වැඩිවන ණය බරින් නිදහස් වීමෙන් වැඩි වැඩියෙන් වක්‍ර බදු අදායම ඉහලදමා ගත යුතුවේ. (ර)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:32 PM

බලමු (රේ)

:       0       0

පවිත්‍ර Thursday, 19 November 2015 03:46 AM

ලැබුණු දුක්ගන්නාරාළ ඇමැති පට්ටම නිසා අමුතු විදියට කතා කරන්න පුරුදු වෙමින් ඉන්නවා..ගණන් ගන්න එපා..(බ)

:       0       0

වෙදආරච්චි Thursday, 19 November 2015 06:19 AM

මෙතුමා ගේ බුද්ධිමත් බව දැන් දැන් කැපි පෙනෙන ලෙස ඉස්මතු වන්නේය.(ම)

:       0       0

වීරකෝන් Thursday, 19 November 2015 06:20 AM

හොඳයි හොඳයි. ආවහමම බලමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site