(විජේරත්න රත්නායක )
ගිය වසරේ ලංකාවේ තේ කර්මාන්ත ශාලා 63 ක් වැසී ගොස් ඇති බවත් තවත් කර්මාන්ත ශාලා 50 ක් පමණ වැසීයාමට ආසන්නව ඇති බවත් කුඩා තේ වතු සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී අද (13) පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ රැස්වීමකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය රජයේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට ඉතා කණගාටුදායක තත්වයකට පත්ව අති බවත් ඒ මහතා කීය.
මෙහිදී කුඩා තේ වතු හිමියන් 500 දෙනෙකුට අවශ්‍ය ආවුද හා උපකරණ රාශියක්ද බෙදාදුන් අතර පසුගිය රජය මිලදීගෙන තිබූ එම උපකරණ මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවී ඇතැයිද පසුගිය මාර්තුවල සිට තේ වගා සහනාධාර මුදල් ගෙවා නොමැති අතර ඒ මුදල් යොදවා පසුගිය ජනාධිපතිවරණයේදී බෙදීමට මෙම බඩු මිලදී ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම වෙළඳපොලේ රුපියල් 1200 කට අඩුවෙන් ලබාගත හැකි මුල්ලුවක් රුපියල් 2750 බැගින් මුල්ලු 11000 ක් මිලදීගෙන ඇති බවත් වතුර මෝටර් 6000 ක් සහ දියර ඉසින යන්ත්‍ර 4500 ක් මිලදී ගෙන ඇති අතර ඒවා මිලදීගැනීමට හේතුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හෝ නොදන්නා බවත් ඡන්ද කාලයේ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු ගොවීන්ට බෙදාදීමට ඒවා මිලදී ගන්නට ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ වන විට ඇතැම් වැවිලි සමාගම් තේ වගාවෙන් ඉවත්ව වෙනත් වගා හෝ වෙනත් කර්මාන්ත කරා යොමුවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, තව දුරටත් තේ වගාවට යොමු නොවන, තේ කර්මාන්ත ශාලා තව දුරටත් වසා තබන සමාගම් කීපයක් හෝ රජයට පවරාගෙන එම සමාගම් සතු ඉඩම් කුඩා තේ වතු හිමියන්ට බෙදා දීමට තීරණය කර ඇතැයිද සඳහන් කළේය.
පසුගිය රජය වර්ෂ 2017, 2018, 2019 යන වර්ෂයන්හිදී පොහොර සමාගම්වලින් ගත් පොහොර සඳහා රුපියල් කෝටි 230 ගෙවා නැතැයිද එම රජය ප්‍රමුඛත්වය දුන්නේ පොහොරවලට ගෙවීමට ඇති බිලියන 23 ගැන නොව වාහනවලට ගෙවීමට ඇති බිලියන 28 ගැන බවද වැඩිදුරටත් පැවසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘පසුගිය වසරේ තේ කම්හල් 63 ක් වැහිලා‘‘
Perera Friday, 14 February 2020 01:50 AM
කම්හල් වැහෙනවා විතරක් නොවේ, දැනට ලෝකයේ තේ වල නිෂ්පාදන පිරිවැය වැඩිම රට ලංකාව. තේ නිෂ්පාදනෙන් ලෝකේ අංක 1ට හිටපු ලංකාව අද අංක 4ට වැටිලා. ඉන්දියාව, චීනය සහා කෙන්යාව ලංකාවට ඉදිරියෙන් සිටිනවා. මේ රටේ දේශපාලුවන් රටයි රටේ කර්මාන්තයි විනාශ කරනවා. රටේ මිනිස්සු උන්ටම ඡන්දෙත් දෙනවා.
denin Tuesday, 18 February 2020 05:22 AM
මේ අර අක්කර 50 වැඩි ඉඩම් රජයට පවරාගැනීමේ ප්‍රතිපල තමයි. වත්තක් අයිතිකාරයට වඩා උන්නදු වෙනවද වෙන කෙනක් ඒ වත්ත වැඩි දියුණු කරන්න. ඒ වගේම ඒවා ගැන දැනුමකුත් තිබිය යුතුයි. ඉස්සරනම් පාර්ලිමේන්තුවේ වැඩිය හිටියෙත් ඉඩම් හිමි වැවිලිකරුවෝ. ඒ අයට වන විනාශකරන්නන් කියා චෝදනා තිබුනෙත් නැහැ.