X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


'දෙමළ ඩයස්පෝරාවම ආයෝජන කටයුතුවලට එක්කර ගත යුතුයි'

දෙමළ ඩයස්පෝරාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාවම මෙරට ආයෝජන කටයුතුවලට එක්කර ගත යුතු යැයි ද එය රට තුළට මුදල් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක යැයි ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ආරම්භ දිනයේදී ප‍්‍රකාශ කළේය.  
ඩයස්පෝරාවේ වෘත්තිකයන් රැසක් සිටින බවත්, ඔවුන්ට රටට මුදල් ගෙන ඒමටත් මෙරට තුළ ආයෝජන කිරීමටත් හැකියාව පවතින බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත අදහස් පළ කළේ කොළඹ දී  අද (7) ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී ආර්ථික විශේෂඥ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක රිකාඩෝ හවුස්මාන් මතුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ්හි දී පැවැති සමුළුවේදී මහාචාර්යවරයාගේ ඇසූ ප‍්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අදහස් දැක් වූ අගමැතිවරයා මෙසේ ද කීවේය.
    ‘‘ඩයස්පෝරාව දිහා බැලූවාම වැඩිපුර ඉන්නේ බටහිර රටවල, විශේෂයෙන් බි‍්‍රතාන්‍යයේ, ජර්මනියේ, ප‍්‍රංශය, කැනඩාව , උතුරු ඇමෙරිකා රටවල, ඒ වගේම  ඕස්ටේ‍්‍රලියාවේ. අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඔවුන්ගේ ආයෝජන බලාපොරොත්තු වෙන්න. දෙමළ ඩයස්පෝරාව වගේම, අනිත් ඩයස්පෝරාවලින් රට තුළ ට විශාල මුදල් ප‍්‍රමාණයක් ගෙන එන්න අපිට පුළුවන්. මේ ඉන්න දෙනාගෙන් බොහෝ දෙනෙක් හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන වෘත්තිකයෝ. අපි මුලින්ම බලන්නේ ඔවුන්ට රට තුළට ගෙන එන්න පුළුවන් මොනවාද කියලා. 
    පිරිසක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ, තවත් පිරිසක් අධ්‍යාපනික ක්ෂේත‍්‍රයේ විශ‍්‍රාමිකයෝ. ඔවුන් රටට ආයෝජන ගෙන ඒමට කැමැතියි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වනවා. ඉන්දියාවේ ගුජරාට්, කර්ණාටක ඇතුළු ප‍්‍රාන්තවල ව්‍යාපාරිකයෝ අපිත් සමඟ සබඳකම් පවත්වනවා. 
    අපි ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික ගිවිසුමකට එළැඹෙනවා. ඒ වගේම පාකිස්තානය සමඟත්. චීනය මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක ආයෝජනය කරලා තියෙනවා. අපි ජපානය සමඟ එක් වී ඉදිරියේදී රට දියුණු කරන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා’’ යැයි ද අගමැතිවරයා එහි දි කීය.



අදහස් (0)

'දෙමළ ඩයස්පෝරාවම ආයෝජන කටයුතුවලට එක්කර ගත යුතුයි'

කුමා Wednesday, 13 January 2016 04:51 AM

එච්චර තමයි අඩුයි. උගත් කියා ගත් අලස තීරණ ...(ම)

:       0       0

නිමල් ලාලිත Tuesday, 19 January 2016 05:59 AM

ඩයස් පෝරාව කියන වචනයේ අදහස කුමක් වුවද දෙමල ඩයස් පෝරාව කියන්නේ කෙලින්ම බෙදුම්වාදයට, කොටියට රට බෙදීමට උදව් දුන් සංවිධානයක්. මුළු ලෝකයේම වෙසෙන ද්‍රවිඩ ජාතිකයන්ගෙන් මුදල් ලැබෙන ඔවුන්ට ලංකාවේ අාර්ථිකය හා සම්බන්ධ වීමට ඉඩදීම සිංහලයට බල පෙරේතයන් විසින් දැනට කපා ඇති වළ තව තවත් විශාල කිරීමට ඉඩ දීමක්. (බ)

:       0       0

කුමාර් Sunday, 17 January 2016 11:23 AM

පළමුව මහා බැංකු හොරකම .තවත් කරන්ට හිත (බ)

:       0       0

ශානක Saturday, 16 January 2016 08:19 PM

අනේ ඔවු. අනිත් ඔක්කොම කියපු දේවල් දැන් කරලා ඉවරනේ (නි)

:       0       0

ශානක Saturday, 16 January 2016 08:19 PM

දෙමළ ඩයස්පෝරාවටත් මොනවාහරි අවස්ථාවක් නොදුන්නොත් හොඳනැතුව වගේ ඇති (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 16 January 2016 08:13 PM

එච්චරයි දැන් අපිට අඩුවට තියෙන්නේ (නි)

:       0       0

මංජුල Saturday, 16 January 2016 08:13 PM

ඒකත් එහෙනම් කරලා බලමුකෝ (නි)

:       0       0

උදයසිරි Saturday, 16 January 2016 08:07 PM

එයාලට හොඳ නම් අපිට මොකෝ.... (නි)

:       0       0

ශානක Saturday, 16 January 2016 08:12 PM

අපොයි ඔවු, දැන් අනිත් ඔක්කොම හරි එකේ මේක විතරයි මදිපාඩුවකට තියෙන්නේ (නි)

:       0       0

ලලිත් Saturday, 16 January 2016 08:05 PM

අනේ මගේ කට! (නි)

:       0       0

දිලන්ක Saturday, 16 January 2016 08:06 PM

මේවා ගැන කතාකරන කාලයත් අපරාදේ! (නි)

:       0       0

බමුණු Thursday, 14 January 2016 12:23 AM

දිනේෂ්, ඔවුන් ලංකාවට නොඑන එකත් ලොකු ආයෝජනයක් කියලයි මගේ අදහස. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 13 January 2016 05:18 AM

කැමතිනම් මට ජාතිවාදියෙක් කියන්න. ඒත් මම ජීවත්වන ඕස්ට්‍රේලියාවේ සිටින බහුතරයක් දෙමළ ලාංකිකයින් අද පවතින ලංකා රජයටවත් කැමති නැහැ. මම දන්නා එක දමිළ ජාතිකයකු පැහැදිලිවම කියනවා සිංහල ජාතිය ලංකාවේ බලයේ සිටිනතුරු දෙමළ ජාතියට තැනක් නැති බව. ඔහු ඒවා ප්‍රසිද්ධියේ කියනවා. ඒ ඔහුගේ අවංක හැඟීම. ඉතින් එවැනි අය ලංකාවට ආයෝජනයන් කරයිද? (නි)

:       0       0

කුමාර Wednesday, 13 January 2016 04:55 AM

එච්චර තමයි අඩු. (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 07 January 2016 04:18 PM

එච්චර තමයි අඩු. (නි)

:       0       0

රණවන Monday, 11 January 2016 07:17 PM

රසිකට වැරදිලා. රනිල් මහත්තයා කියලා තියෙන්නේ දෙමළ ඩයස්පෝරාව කියලා (නි)

:       0       0

නුවන් Monday, 11 January 2016 04:35 AM

අපිට නම් කවුරු ඇවිල්ලා දීලා ගියත් කමක් නැහැ. දුන්නොත් ගන්නවා (නි)

:       0       0

විදානේ Monday, 11 January 2016 02:15 AM

අගමැතිගේ අදහස හරි. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ශ්‍රී ලාංකිකයෙක්ම කැමතියි තමන් දුක් මහන්සියෙන් ඉතිකරගත් දේ වලින් අපේ රටේ ව්‍යාපාරයක් කරගෙන දරු පවුල සමඟ තමන්ගේ රටේ ජීවත්වෙන්න. එයට වටපිටාව සූදානම් කර දෙනවා නම් බහුතරයක් ලාංකිකයන් කැමතියි. (නි)

:       0       0

දිසානුවර Sunday, 10 January 2016 09:40 AM

ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා ශබ්දකෝෂයක් ගෙන තේරුම බලන්න. එතකොට කාටත් වැටහෙයි මොකද වෙලා තියෙන්නේ කියලා. (නි)

:       0       0

සචිත් Saturday, 09 January 2016 04:19 PM

ඩයස්පෝරාව කියන්නේ කොටි කියලා අපේ ගොඩක් අය හිතන්නේ. ලංකාවට වැදගත් ආයෝජකයෝ නොඑන්න ප්‍රධනම හේතුව ඉතින් අපේ දේශපාලුවෝ හැමදේටම පගාව ඉල්ලන නිසයි. (නි)

:       0       0

ලලිත් පෙරේරා Saturday, 09 January 2016 04:01 AM

ලංකාවේ හොද මුල්‍ය විනයක් තියනවනම් ඩයස්පෝරාව ආයෝජනය කරයි.මේ රටේ රේගුවේ ඉදල තියෙනෙනේ හොරකම. හොද ආයෝජකයෙක් කිසිදාක මෙහෙ එන්නේ නේ. සෝරස් වගේ ය නම් එයි. මේකෙන් ආයෝජකයන් කියන එක ගෙන වැරදී වැටහීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. (අ)

:       0       0

ලලිත් Saturday, 09 January 2016 03:52 AM

ලංකාවේ හොද මුල්‍ය විනයක් තිබේ නම් ඩයස්පෝරාව ආයෝජනය කරයි. මේ රටේ පටන්ගත් තැන සිටම තිබෙන්නේ හොරකම. හොඳ ආයෝජකයෙක් කිසිදාක මෙහෙ එන්නේ නැහැ. සෝරස් වගේ අය නම් එයි. (නි)

:       0       0

රසික Friday, 08 January 2016 08:27 PM

ඩයස්පෝරා කියන්නෙ දෙමළ අයට විතරක් නෙමෙයි. රටින් පිටවී ඉන්න පුරවැසියන් හැමෝටම. අපේ අදහස් දාන අය වැරදි තේරුමක් හිතේ තියාගෙන ඉන්න බවයි මට පෙනෙන්නෙ (නි)

:       0       0

යශෝද් Friday, 08 January 2016 05:33 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

දිල්ෂාන් Friday, 08 January 2016 01:58 PM

කරපු ආයෝජන අමතක වෙලාද? (ර)

:       0       0

ඩයස් Friday, 08 January 2016 04:57 AM

එච්චර තමයි අඩු. (බ)

:       0       0

විපුල Friday, 08 January 2016 04:01 AM

අතේ සතේ නැහැ. අනාගතේ පාරේ යන බල්ලන්ගෙනුත් බදු ගහල සල්ලි ගනී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site