සුප්‍රකට LMD සඟරාව විසින් මෙරට වඩාත් ගෞරවණීය ආයතන තෝරා ගැනීම සඳහා වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව පිට පිටම 17 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස 2021 වසරේ දී කොමර්ෂල් බැංකුව තෝරගෙන තිබේ.
කොමර්ෂල් බැංකුව 2005 වසරේ මෙම වර්ගීකරණය ආරම්භ කළ දා පටන් මේ දක්වා සෑම වසරකම ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන පහ අතරට පැමිණීමට සමත්ව ඇත. 2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ව්‍යාපාර ලැයිස්තුවට විවිධාංගීකරණය වූ සමාගම්, ඇඟලුම් මෙන්ම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් සහ ජාත්‍යන්තරව වඩාත් ප්‍රසිද්ධියට පත් වූ බහු ජාතික සමාගම් ඇතුළත් විය.
LMD සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතන’ තෝරා ගැනීමේ දී කරුණු 10 ක් කෙරෙහි අවධානය යොමුකරන අතර මූල්‍ය කාර්ය සාධනය, අවංකත්වය, ගුණාත්මකභාවය, කළමනාකරණ කළඹ, ධෛර්යවන්තභාවය, ආයතනික සංස්කෘතිය, දැක්ම, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ ජාතික හැඟීම එම කරුණු අතරට අයත් වේ. මෙම කරුණු 10 ට අමතරව මෙවර අලුතෙන්ම ‘මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය’ සහ ‘අර්බුද කළමනාකරණය’ යන කරුණු දෙක ද ඇතුළත් කර ඇත.
මෙම කරුණු 12 අතුරින් හතකට අනුව කොමර්ෂල් බැංකුව මෙරට ආයතනික අංශයේ ප්‍රමුඛතම සමාගම් 10 අතරට 2021 වසරේ දී වර්ගීකරණය කර තිබෙන අතර මූල්‍ය කාර්ය සාධනය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය මෙන්ම අර්බුද කළමනාකරණයට අනුව ශ්‍රී ලංකාවේ ඉහළම වර්ගීකරණය ලබාගත් බැංකුව බවට ද පත්ව තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
17 වැනි වසරටත් ‘වඩාත්ම ගෞරවණීය බැංකුව’ කොමර්ෂල්