(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවට 2017 – 2020 කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 244 ක හෙවත් රුපියල් කෝටි 3700 ක විදේශ ණය ප්‍රමාණයක් ලබා දීමට එකඟතාවය පළකර තිබේ.
එම ණය මුදල් ලබාගැනීමට විදේශ ගිවිසුම් 10 කට අත්සන් තබා තිබෙන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 174.3 ක් ණය වන අතර ඩොලර් මිලියන 69.8 ක් ප්‍රදාන වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
යුරෝපීය ආයෝජන බැංකුව යුරෝපීය ප්‍රජාව, කොරියාව එහා ජපානය එම ණය සහ ප්‍රදාන ලබාදීමට එකඟ වී ඇත.
කෘෂිකාර්මික,ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් එම විදෙස් ණය ලබාගැනීමට නියමිතය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2017 - 2020 කාලයට ඇමරිකාවෙන් රුපියල් කෝටි 3700 ක ණයක්
smith Monday, 31 July 2017 02:33 PM
මේ ණය වලට හිලව් වෙන්න මොනවා දෙන්න වෙයිද? දන්නේ නෑ. චීනෙට නම් යන්තම් වාරයක් දීලා බේරුණා.
lalith Monday, 31 July 2017 06:30 PM
මේ නය දෙන්නේ යුරෝපීය ආයෝජන බැංකුව යුරෝපීය ප්‍රජාව, කොරියාව හා ජපානය ද නැතිනම් ඇමරිකාවෙන් ද? කොහොමටත් 2020 වෙද්දී කියයි රුපියල් කෝටි 7400 කියල. මොකද අද ඩොලර් එකක් රුපියල් 150 උනාට ඒකාලේ වෙද්දී 300ක් වෙයිනෙ?
jayatissa Tuesday, 01 August 2017 10:27 AM
ණය ලැබෙන්නේ අමෙරිකාවෙන් නොවේ.
wedage Tuesday, 01 August 2017 10:39 AM
කෘෂිකාර්මික, ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු වලට ණය ගන්නේ මොකටද මොනවහරි භාන්ඩයක් නිෂ්පාදනය කරන්න බැරිද ? ණය ගෙවන්නේ මොනවා විකුනලද ?
kalpa Wednesday, 02 August 2017 03:11 AM
අපේ රටේ අදහන්නේ නිඝන්ටනාතපුත්තගේ ධර්මයද හිතාගන්න බැහැ එතුමා කියල තියෙනවනේ ණයට හරි අරන් ගිතෙල් කාන්න කියල බුදුහිමියන් නම් දේසනා කලේ ආදායම කොටස් හතරකට බෙදල කටයුතු කරන්න කියලනේ
lalithWednesday, 02 August 2017 12:47 PM
ඉතින් හරිනේ ලිච්චවි ක්‍රමෙත් එකමනේ? දැන් කටයුතු කරන්නේ කොටස් හතරකට බෙදල තමයි. කොටස් දෙකක් ණය ගෙවනවා. එක කොටසක් රටේ පරිභෝජනයට යෙදවෙනවා. අනිත් කොටස චන්දෙ පැරදුනාම පරම්පරා හතකටම ඉන්න තමන්ගේ ගිණුම් වල තැම්පත් කරගන්නවා. බුදු හිමියන්ගේ ධර්මයේ ඉතුරු කරන්න කිව්වට ඒක ආණ්ඩුවේ ගිනුමේම තැම්පත්ක කරන්න කියල නැහැනේ? කලින් උන්නු කෙනා පාලම්, පාරවල්වලට එකට දෙකක් වියදම් කලෙත්, දැන් අපි බැඳුම්කර වලට එකට දෙකක් වියදම් කරන්නෙත්, ඊටත් කලින් දිරච්ච නැවක් බ්‍රිතාන්‍යයෙන් එකට දහයක් ගෙවල ගන්න හැදුවෙත් එ්කටනේ. (දිරච්ච නැව ගැනිල්ල නම් ටිකක් බකල් වුනා තමයි, එත් කොහොම හරි එංගලන්තෙන් බංගලාවක් ගත්තනේ). අපි නියම විදියටම, ඒ කල්ප කියන විදියටම,දේසනානුකුලව තමයි කටයුතු කරන්නේ?
nihal Thursday, 03 August 2017 04:50 AM
හිගා කන්න ණය ගන්න ඉතාම දක්ෂයි. කැත පුරුද්ද අත්හරින්න්නේ නෑ... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
Ashan Sunday, 06 August 2017 05:12 AM
මේකට ප්‍රධාන හේතුව ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම නොමිලේ දීමයි. ධනවත් රටවල කිසිම දෙයක් නොමිලේ නැහැ.