X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ASMP මල් වගාවෙන් විදෙස් විනිමය කෝටි 38ක් උපයලා

කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලු‍ම ගෙවුණු දශකයේ දී අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, ලෝක ව්‍යාප්ත පරිභෝජනය සහ මල් වගා නිෂ්පාදනවලට ඇති ඉල්ලු‍ම ඉහළ යාමත් සමඟ විවිධත්වය වෙනුවෙන් වන පාරිභෝගික ඉල්ලු‍ම ද ඉහළ ගිය නිසාවෙන් නිෂ්පාදන සහ අපනයන ඉල්ලු‍ම වැඩි විය.

මේ කර්මාන්තයට සම්බන්ධ වූ සාම්ප්‍රදායික නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ රටවල් වූයේ නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයයි. ශ්‍රී ලංකාව උද්භිද ප්‍රභේදයකට රාශියකට නිවහනක් වන අතර පුළුල් පරාසයක විශේෂිත මල් පැළ වර්ග රාශියකට නිජ බිම වේ.

මේ හේතු නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන සහ ඉහළ ආදායම් උත්පාදන කෘෂි ව්‍යාපාරයක් ලෙස විසිතුරු මල් සහ පැළ වගාව සැලකිය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත මෙම කර්මාන්තය ඔවුනට ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක් ලෙස පරිවර්තයන වෙමින් පවති. අපනයනය සඳහා වන මල් සහ මල් පැළ වර්ග වගාව කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1980/81 කාලයේ දී ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මල් වගාව කෘෂි ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රධාන පෙළේ අපනයනය සේම විදේශ විනිමය උපයන මාර්ගයක් වීමට තවමත් අපොහොසත් වී ඇත. ඊට හේතුව වන්නේ මේ කර්මාන්තය ගොවි පොකුරු සංවිධාන, වගාකරුවන්, විදේශීය ආයෝජකයන් සහ මල් වගා නිෂ්පාදන සමග ඍජුව ඒකාබද්ධ සම්බන්ධයක් නොමැති නිසා ඒසේ සම්බන්ධ වී ඇත්තේ ඔවුන් අතරින් සීමිත පිරිසකි. එපමණක් ද නොව, මල් වගා ව්‍යාපාරය හසුරු වනු ලබන්නේ මහා පරිමාණයේ අපනයනකරුවන් කිහිප දෙනකු සහ මධ්‍යම මට්ටමේ වගාකරුවන් කිහිප දෙනකු වන අතර ඔවුහූ මෙම ව්‍යාපාරයට කුඩා කර්මාන්තකරුවන් ඇතුළු වීම සීමා කරමින් සිටිති.

ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2010) අනුව රටේ රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මල් වගා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. වර්තමානයේ රටේ මල් කර්මාන්තය හෙක්ටයාර 500 දක්වා ආවරණය වී ඇති අතර බස්නාහිර පළාතේ ඉඩම් වැඩි ප්‍රමාණයක මිනිසුන් පදිංචිය සඳහා වෙන් කර ඇති හෙයින් ශාක පත්‍ර සඳහා හෙක්ටයාර 472ක් ද, කරාබු නැටි වගාව සඳහා හෙක්ටයාර 10ක් ද, රෝස මල් වගාව හෙක්ටයාර 3ක් ද, ජර්බෙරා සඳහා හෙක්ටයාර 2ක් ද, ඇන්තූරියම් සඳහා හෙක්ටයාර් 10ක් ද, ඕකිඞ් මල් වගාව සඳහා හෙක්ටයාර 3ක් ද දැනට වෙන් කර ඇත. 

විසිතුරු මල් වගා කර්මාන්තයේ දැනට සේවක සේවිකාවන් 5,000 කට වැඩි පිරිසක් නියැලි සිටිති. (මූලාශ්‍රය-පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය) එසේ වුවද, ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික සහ භූගෝලීය කලාප නිවර්තන සහ සෞම්‍ය දේශගුණික තත්ත්වයේ වෙනස් වීම, පුහුණු ශ්‍රමිකයන් සහ රෝපණ මාධ්‍ය ලබා ගැනීමේ ඇති නොහැකියාව සේම කැපූ මල් සහ පත්‍ර නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසා ශ්‍රී ලංකාව මෙම කර්මාන්තයේ දී සංවර්ධිත රටවල් සමග කරට කර තරග කළ හැකි රටක් ලෙස කීර්තියක් උසුලයි. මේ හේතු නිසා මෙම කර්මාන්තයේ දියුණුව සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) විසින් පොකුරු ව්‍යාපෘති ප්‍රවේශය සේම මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපෘති හරහා කර්මාන්තය දියුණු කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඇත. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණු වන්නේ, තාක්‍ෂණික දැනුම හුවමාරුව හරහා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සේම ප්‍රමිතීන් අපනයනයට සුදුසු මට්ටමකට නංවාලමින් දැනට පවතින මල් වගා කර්මාන්තය රට පුරා ව්‍යාප්ත කිරීමය. 

ඊට සමගාමීව, මල් නිෂ්පාදන වර්ග සහ අගය එකතු කිරීම් ආකාරයෙන් විවිධාංගීකරණය කිරීම, එමගින් පවතින අපනයන ඉල්ලු‍ම සපුරාලීම, රැකියා විරහිත ශ්‍රම බලකායට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තව දුරටත් තිරසාර වීමට මෙරට දේශීය ස්වයං රැකියාලාභී ගොවීන්ට මූල්‍යමය වශයෙන් සහාය වීම සහ මල් වගා කර්මාන්තයේ සැකසුම්කරුවන්, එකතුකරන්නන් සේම වගාකරුවන් ඇතුළු සෑම සංරචකයකටම ප්‍රතිලාභ සැලසෙන පරිදි මල් වගා කර්මාතයේ අගය දාමවල තිරසාර බව සහතික කිරීම ආදිය ද ප්‍රධාන අරමුණු අතර වේ. පොකුරු ව්‍යාපෘති වැඩ සටහන නිවර්තන කලාපයේ සිට සෞම්‍ය වෘක්ෂ ලතා දක්වා වූ මල් වගා නිෂ්පාදන සහිත ලොව හොඳම ගුණාත්මක මල් වගා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළි ගැනේ. 

මේ නිසා ASMP පොකුරු ව්‍යාපෘති වැඩසටහන් හරහා මල් වගා කර්මාන්තයේ පරිමාව, ගුණාත්මකභාවය සේම විවිධාංගීකරණ වූ මල් නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට හැකියාවක් ලැබී තිබේ. විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම ඔස්සේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම සඳහා දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් බවට මල් සහ මල් පැළ වගාව පත් කිරීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ආරක්ෂිත ගෘහ හරහා කෘෂිකර්මාන්තයේ තාක්‍ෂණය පරිවර්තනය කරමින් මල් වගා සංගම් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) යටතේ ක්‍රියාත්මක වන පොකුරු ව්‍යාපෘතිවලට හැකියාවක් ලැබී ඇත.

මෙම ව්‍යාපෘති හරහා මල් සහ මල් පැළ වගාකරුවන් වෙත මුල්‍ය ආධාර සැපයුම්කරුවන්, වගාකරුවන්, ප්‍රාථමික මල් සැකසුම් සහ අලෙවිකරණකරුවන් ලබා දී තිබේ. තවද කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙහි පටක රෝපණ පොකුරු ව්‍යාපෘති වැඩ සටහන හරහා ද මල් වගාකරුවන්ට ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය (ශාක) සැපයීමට කෘෂිකර්ම නවීකරණ ව්‍යාප්තියට හැකියාවක් ලැබිණ. ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති වැඩ සටහන හරහා මෙම කර්මාන්තයට හඳුන්වා දෙනු ලැබුවේ අරාක්ෂිත ගෘහ, දැල් නිවාස දේශගුණ පාලන උපකරණ සහ පූර්ණ ස්වයංක්‍රීය ඉසින වාරි පද්ධතියයි. විශේෂයෙන්ම ”‍මීදුම් ඒකක”‍ (Mist Unit) හඳුන්වාදීම හරහා ගොවීන්ට ඵලදායි ලෙස සහ ගුණාත්මක බවින් වැඩි දියුණු කරන ලද නමුත් ජලය ඉතාමත් සීමිත ආකාරයෙන් භාවිත වන මල් වගා කිරීමට මෙමගින් හැකියාවක් ලැබිණ. සනීපාරක්ෂාව, ගුණාත්මකභාවය සහ ගබඩා අවශ්‍යතා සඳහා මූලික පහසුකම් සේම විසිතුරු මල්-පත්‍ර සේදීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, අගය එකතු කිරීම සහ කැපූ මල් සේම පත්‍ර ඇසුරුම් කිරීම වැනි මූලික ප්‍රාථමික සැකසුම් කිරීමට ඉඩ සැලසෙන සැකසුම් මධ්‍යස්ථානයක් ද මෙම ව්‍යාපෘතිය හරහා දිවුලපිටියේ ඉදිකිරීමට පියවර ගැනිණ. එක් ගොවියකු වෙනුවෙන් පොකුරු වැඩ සටහන යටතේ සමස්ත ව්‍යාපෘති ආයෝජනයෙන් සියයට 50ක් දැල් නිවාස සහ ආරක්‍ෂිත ගෘහ ඉදිකිරීම සඳහ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙනු ලැබිණ. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල මල් වගාකරුවන්, ගොවීන් එකසිය විසි දෙනකු වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

ASMP ව්‍යාපෘතිය යටතේ ලස්සන ෆ්ලොරා පෞද්ගලික සමාගම, බුලු‍ම්ස් ඇග්‍රී කල්චර් පෞද්ගලික සමාගම සහ කුමාරි පැළ තවාන යන මහා පරිමාණ විශාල ව්‍යාපෘති තුනට මුල්‍ය ආධාර ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධානතම නිෂ්පාදන වන්නේ රෝස මල්, ක්‍රිසන්තමම්, ජර්බෙරාස්, කැපූ පත්‍ර සහ විසිතුරු පැළ වර්ග වේ. ඔවුහූ දේශීය සේම අපනයන වෙළෙඳපොළේ ද සැලකිය යුතු කොටසකට හිමිකම් කියති. වර්තමානයේ විසිතුරු මල් සැරසිලි සහ පත්‍ර ආශ්‍රිත අලංකාර නිර්මාණ සඳහා විශාල ඉල්ලු‍මක් පවතී. 

මෙම ව්‍යාපෘතීන් හරහා කෘෂිකර්ම නිවිකරන ව්‍යාපෘතියට දේශීය වෙළදපොළට කැපී පෙනෙන දායකත්වයක් සැපයීමට හැකියාව ලැබුණු අතරම අපනයනය ඉලක්ක කර ගත් මල් නිෂ්පාදන ද මේ හරහා ඉහළ නැංවීමට හැකියාවක් ලැබිණ. අලු‍තින් නිෂ්පාදනය කරන ලද ඉහළ ඉල්ලු‍මක් ඇති ශාක සහ මල් ප්‍රභේද විදේශීය වෙළඳ පොළට හඳුන්වාදීම සහ දේශගුණ පාලන පද්ධති සහිත නවීන හරිතාගාරවල වගා කිරීම දේශීය වශයෙන් ආරම්භ කිරීම මේ වන විට සාර්ථකව සිදු කරනු ලැබ ඇත. 

තව ද මෙම විශාල ව්‍යාපෘති හරහා ඒ අනුව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියයේ මුල්‍ය අනුග්‍රහය සහ ඍජු දායකත්වය යටතේ ලැබුණු දායකත්වය හේතුවෙන් පොහොර සැපයුම් පද්ධති සහ ස්වයංක්‍රීයකරණ පද්ධති හරහා එම ව්‍යාපාර සාර්ථක ලෙස නව තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලින්වලට පරිවර්තනය වී ඇත. 

තව ද මෙම ව්‍යාපෘතීන් හරහා රසායනික යෙදීම් අවම කරමින් නවීන උපකරණ භාවිතයෙන් පාංශු විෂබීජ හරණය කිරීම තවත් කැපී පෙනෙන තාක්ෂණික පරිවර්තනයක් වේ. ශීතාගාර පහසුකම් සහ හරිතාගාරවල ආලෝකය සඳහා සූර්ය බලය භාවිත කිරීමෙන් වැසි ජලය රැස් කිරීම සහ කාබනික නිෂ්පාදන භාවිතය අඩු කිරීම හරහා පරිසර හිතකාමී නවෝත්පාදන මෙම ව්‍යාපෘති මගින් ඇති විය. අධි ශීතකරණ ට්‍රක් රථ, ශීතාගාර සහ සුදුසු නවීන ඇසුරුම් භාවිතය මගින් වගාකරුවන්ගේ සහ ගොවීන්ගේ සිට අවසාන ගමනාන්තය දක්වා පසු අස්වනු පාඩු අවම කිරීමට හැකියාවක් ලැබිණ. 

නෙදර්ලන්ත අභිජනනය කරන්නන්ගේ විශේෂඥභාවය යටතේ දේශීය වගාකරුවන් විසින් හොඳ තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම සහ කෘත්‍රිම ආලෝකකරණය මඟින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීමට හැකි වී ඇත. මෙම ආයෝජනවල මූලික අවධානය වැඩි වශයෙන් යොමු වූයේ රටට විදේශ විනිමය උපද වන විදේශ වෙළඳපොළ සඳහා නිෂ්පාදන සැපයීමයි. මෙම ව්‍යාපෘතීන් හරහා ඍජු රැකියා අවස්ථා 153 උත්පාදනය කිරීමටත් ඍජු ප්‍රතිලාභීන් 295 ක් බිහි කිරීමටත් වාර්ෂිකව රුපියල් මිලියන 3852 ක විදේශ විනිමයක් මේ රටට ගෙන ඒමටත් හැකියාව ලැබිණ.

595

 

 



අදහස් (1)

ASMP මල් වගාවෙන් විදෙස් විනිමය කෝටි 38ක් උපයලා

සෙනෙවිරත්න Sunday, 21 August 2022 06:41 AM

මේවා තමයි කරන්න අවශ්‍ය... ආණ්ඩුවේ කන්තෝරු පුරවලා රටක් ඉදිරියට යන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site