LANKAQR පද්ධතියට හඳුන්වා දුන් පළමු ක්ෂණික ප්‍රතිචාර (QR) පදනම් කරගත් ගෙවීමේ ඇප් සේවාව වන කොමර්ෂල් බැංකුවේ ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරමින් මේ වනවිට 50,000 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් එම ඩිජිටල් ගෙවීම් විසඳුමේ පහසුව සහ ආරක්ෂාව භුක්ති විදින බව එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත් සහ පෙරගෙවුම් කාඩ්පත් හිමියන්ට සහ වෙළෙඳුන්ට ඉතාමත් පහසු මෙන්ම කරදරයකින් තොර ගෙවීමේ විකල්පයක් ලෙසින් ComBank Q+ ගෙවීමේ ඇප් පහසුකම නිර්මාණය කර තිබේ. මෙමගින් ඔවුන්ව ඊළඟ අදියරේ ඩිජිටල් ගෙවීම් වෙත කැඳවාගෙන ගොස් තිබෙන බවද බැංකුව සඳහන් කරයි. මෙම ඇප් පහසුකම හඳුන්වාදීමෙන් පසුව කාඞ්පත් හිමියන්ට තමන් කරන මිලදීගැනීම් සඳහා ඉතාමත් සරලව සහ ආරක්ෂාකාරීව වෙළෙන්ඳාගේQR කේතය ස්කෑන් කිරීම මගින් ජංගම දුරකතනය ඔස්සේ ගෙවීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුව මෙම ඇප් පහසුකමේ වැඩිදියුණු කිරීම් ගණනාවක්ම මේ වනවිටත් සිදුකර ඇත.
ගනුදෙනුකරුවන්ට සිය ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට ComBank Visa, Mastercard සහ UnionPay කාඩ්පත් ඇතුළත් කරමින් LankaQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සිදුකළ හැකිවේ. මේ අනුව, ComBank Q+ ගෙවීමේ ඇප් සේවාවට උපරිම වශයෙන් කාඩ්පත් 05 ක් ඇතුළත් කළ හැකි අතර LankaQR, mVisa සහ Mastercard QR ගනුදෙනු සඳහා සහාය දක්වන ලංකාවේ එකම ගෙවීමේ ඇප් සේවාව වන්නේද ComBank Q+ ඇප් සේවාවයි. එසේම, Visa සහ MasterCard ජාලයන් හරහා විදේශීය Q+ වෙළෙඳ ගනුදෙනු සඳහාද භාවිතා කිරීමට ූ ඇප් පහසුකම සහතිකකරණය ලබාගෙන ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ComBank Q+ ඇප් සේවාවට 50,000 කට අධික පිරිසක්