DFCC බැංකුව, පසුගියදා 2021 Global Brandsසම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ Global Brands සඟරාව මගිනි. මෙහිදී ‘බැංකු හා මූල්‍ය සේවා‘ කාණ්ඩය යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සන්නාමය’ සහ ‘විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය‘ යන සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබුණු බව එම බැංකුව සඳහන් කරයි.
ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනංවන අතරම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාගේ යහපත උදාකර දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය, මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වන බව එම බැංකුව කියයි.
Global Brands සම්මාන යනු, විවිධ ක්ෂේත්‍රවල සමාගම් හා ආයතනවල විශිෂ්ට ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනකි. මූල්‍ය, අධ්‍යාපනය, සත්කාරක සේවා, ජීවන විලාසිතා, මෝටර් රථ සහ තාක්ෂණය යනාදී ක්ෂේත්‍ර රාශියක විශිෂ්ට ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන සමාගම් හා ආයතන මෙම සම්මාන වැඩසටහන තුළදී ඇගයීමට ලක්වේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසීය.
“විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයට මෙය මනා සාක්ෂියක්. අප ලබාදෙන සම කළ නොහැකි පාරිභෝගික සේවාව මේ ආකාරයට ජාත්‍යන්තර ඇගයීමකටද ලක්වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. පාරිභෝගිකයන්ට මුල්තැන දෙන සහ ඩිජිටල් තාක්ෂණය පුළුල්ව භාවිත කරන බැංකුවක් වශයෙන්, නිර්මාණශීලී, ප්‍රායෝගික සහ කාටත් විවෘත වූ ක්‍රියාවලි සහ පද්ධති භාවිත කිරීමට අප කවදත් උත්සාහ කළා. එහිදී අප අත්කරගත් සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පැහැදිලි වනවා. වඩාත්ම විශ්වාසය දිනූ සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදෙන බැංකුවක් ලෙස මෙලෙස ඇගයීමට ලක්වීම, ඉදිරියේදී අපගේ සේවා තවදුරටත් වැඩිදියුණු කරමින් බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට අප නිරන්තරයෙන් දිරිමත් කරන සාධකයක් බවට පත්වේවි. එමෙන්ම මේ උත්සාහය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සම්බන්ධ අපගේ ප්‍රතිඥාවේ අනිවාර්ය අංගයක් ලෙසත් හැඳින්විය හැකියි.”
ඡායාරූපය: DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
DFCC බැංකුවට Global Brands වෙතින් සම්මාන 2ක්