DFCC බැංකුව ශ්‍රී ලංකාවේ 'වඩාත්ම ගෞරවාදරයට පත් වූ සමාගමක්’ ලෙස සම්මානයක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ Daily FT එක්ව සංවිධානය කළ 'ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම් - 2021’ සම්මාන උළෙලේ දී මෙම ගෞරවනීය සම්මානයDFCC බැංකුව වෙත හිමි විය.
පොදුවේ සියලුම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරමින්, අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව දරන්නා වූ උත්සාහය වෙනුවෙන් බැංකුව වෙත මෙම ඇගයීම හිමි වී තිබේ.
තව ද මෙම ඇගයීම, DFCC බැංකුව වසර 65 කට අධික කාලයක් පුරා සංවර්ධන හා වාණිජ බැංකුකරණයන් තුළ ඉටුකළ මෙහෙවර සහ දේශීය හා ජාත්‍යන්තර ණය ෙශ්‍ර්ණිගත කිරීම් ආයතන වෙතින් හිමි වූ ඉහළ තලයේ ෙශ්‍ර්ණිගත කිරීම් සමගින් වෙළඳපොළ තුළ අත්පත් කරගත් සාර්ථකත්වය මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයකි.
“ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගමක් ලෙස ගෞරවනීය සඳහනක් හිමිවීම අප ලැබූ විශාල ගෞරවයක්. අපට මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර තලයේ බැංකු සේවා විසඳුම් සමගින් අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්ව සවිබල ගැන්වීමට අප අඛණ්ඩව උත්සාහ දරන නිසයි. මෙම ඇගයීම, ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් ස්ථාවර සහ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් දිරිගන්වන සාධකයක් බවට පත්වේවි.” යැයි DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
DFCC වඩාත්ම ගෞරවාදරයට පත් වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි