Huawei ටෙක්නොලොජීස් ලංකා 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great place to Workහි ස්වාධීන විශ්ලේෂකයන් විසින් විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස සහතික කරනු ලැබ ඇත. Great place to Work විසින් කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී Huaweiටෙක්නොලොජීස් ලංකා හි සේවකයන් විසින් සපයන ලද පුළුල් ශ්‍රේණිගත කිරීම් මත ඔවුන්ට මෙම ස්ථානය හිමිවී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් Huaweiශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි Ling Yi මහතා මෙසේ පැවසීය Great place to Work ලෙස පිළිගැනීමට ලක්වීම අපට ඉමහත් සතුටට කාරණයක්. Huawei යනු දශක තුනකට පෙර ආරම්භ කරන ලද බහුජාතික සමාගමක් වන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වශයෙන් අපි රටවල් 170 කට අධික සංඛ්‍යාවක තාක්ෂණික දියුණුව ඇති කිරීමට කටයුතු කරනවා. මෙම සාර්ථකත්වයට හේතුව අපගේ කැපවූ හා වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් මිස අන් කිසිවක් නොවන බව මම ඉතා සතුටෙන් පවසන්න කැමතියි.”
මානව ප්‍රාග්ධනය තුළ පවතින සන්නිවේදන තාක්ෂණ කුසලතා, ඩිජිටල් ආර්ථිකයක් සඳහා ඉතා වටිනා අංගයක් බව Huawei විශ්වාස කරයි. වසර ගණනාවක කාලයක් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමෙන් Seeds for the Future ඉහළ විශ්වවිද්‍යාලවලට ඒකාබද්ධ නවෝත්පාදන විද්‍යාගාර, දේශීය හවුල්කරුවන්ට වෘත්තීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව ලබාදීම වැනි මුලපිරීම් ඔස්සේ Huaweiවිසින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කෙරෙහි පුළුල් අවධානයක් යොමු කර ඇත.
තවද, Huawei විසින් දේශීය සේවකයන් සඳහා විවිධ වෘත්තීය සංවර්ධන මාර්ග සපයයි. කළමනාකරණ රැකියා පුහුණුව, උපදේශක පද්ධති සහ වෙනත් ක්‍රම මගින් දේශීය සේවකයන්ට වැඩි වගකීම් සම්භාරයක් ලබා දීම තුළින් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා වේගවත් කිරීමHuawei විසින් සිදු කරයි. 2018 දී Huawei විසින් කළමනාකරණය පිළිබඳව උපදේශන වැඩසටහනක් දියත් කර ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාව තුළ සිටින කළමනාකරණ කණ්ඩායම් විසින් සිය අදහස් බෙදාදීම මගින් රට තුළ සිටින අනෙකුත් කළමනාකරණ අංශයට අදාළ පුද්ගලයන්ට ඔවුන්ගේ සේවා ස්ථානවලට වඩා හොඳින් අනුවර්තනය වීමට සහ ඔවුන්ගේ සංවිධානයේ කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම උපකාර කිරීම සිදු කරන ලදී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
Huawei ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරට