එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය.
ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගිය දා පැවති SLIM-Kantar සම්මාන උළෙලෙහි දී ”වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය” ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර,INSEE එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිත ය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සංස්ථා සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ හා නවෝත්පාදන) යාන් කුනිග් මහතා මෙසේ පැවසීය. මෙවරත් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වෙළෙඳ නාම සමඟ කරට කර තරග කරමින්, වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම 100 අතරට එක් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඇත්තටම මෙම ජයග්‍රහණය මගින්, අපගේ තේමාව වන ‘ ජීවිතය සඳහා ඉදිකරන්න‘ යන්න යථාර්ථයක් බවට පත්කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම ගැන උදාහරණ සපයනවා. ඒ වගේ ම සෑම විටම අප කෙරෙහි විශ්වාසය තබමින්, අප සමඟ බැඳී සිටින පාරිභෝගික ජනතාවට ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. අපගේ මෙම ජනප්‍රියත්වය, අපගේ කැපවීම වගේ ම පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ගුණාත්මක නිෂ්පාදන හා සේවා ලබා දීමේ ප්‍රතිඵලයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේ ම මේ රටේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමය වගේ ම අංක එකේ ගෘහස්ථ හා වෘත්තීයමය සිමෙන්ති සන්නාමය විදියට ලබාගෙන තිබෙන ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීම අපගේ අරමුණයි.”
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එක ම පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සන්නාමය වන ප්‍රමිතියෙන් සමන්විත වන INSEE සංස්ථා සිමෙන්ති SLS 1697:2021 ප්‍රමිතියෙන් සමන්විත වන අතර, එය ශ්‍රී ලංකාවේ හරිත ගොඩෙනැගිලි කවුන්සිලය මගින් හරිත ලේබලය හිමිකරගත් ප්‍රථම සිමෙන්ති සන්නාමය ලෙස සඳහන් කළ හැකිය.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
INSEE සිමෙන්ති ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් සන්නාම අතරට
මංගල Saturday, 28 May 2022 02:18 PM
කෙහෙල්මල් ආදරේ... විහිලු කරන්න එපා. ආදරේ නිසා වෙන්න ඇති ඔච්චර ගණන්.