X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට

ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දී, දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හමුවේ පවා විශිෂ්ට මට්ටමේ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. JAT සමූහයේ බදු - පසු ලාභය, පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 232 කින් වර්ධනය වී රු. මිලියන 717 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය මාස 12 ක කාලයේ බදු - පසු ලාභය රු. මිලියන 1,102 ක් ලෙස වාර්තා වී ඇත.

අදාළ මූල්‍ය වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ ආදායම සියයට 72 කින් වර්ධනය වී ඇති අතර, එහි දළ ලාභාන්තිකය සියයට30 කට ඉහළ මට්ටමක ස්ථාවරව පැවතිණි. පෙර වසරේ සමස්ත ආදායමෙන් සියයට 9 ක් වූ අපනයන ආදායම, මෙම වසරේ දී සියයට 22 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පසුගිය මාස 12 තුළ සමාගමේ කොටසක් සඳහා ඉපැයුම රු. 2.16 ක් වී ඇති අතර එය ආයෝජකයනට සුබදායී ප්‍රවණතාවක් වනු ඇත. මෙම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමාගම සමත් වී ඇත්තේ, සාමාන්‍යයෙන් JAT  සමාගමේ මෙන්ම සමස්ත ආලේපන කර්මාන්තයේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා වන කාර්තුව ලෙස සැළකෙන 4 වන කාර්තුවට පෙර ය. සාමාන්‍යයෙන් මෙම කර්මාන්තයේ මූල්‍ය වර්ෂයක සමස්ත බදු-පසු ලාභයෙන් සියයට 45 ක් පමණ 4 වැනි කාර්තුවේ දී වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, JAT හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. “අපගේ මූලික මහජන කොටස් නිකුතු වෙන මාස 6 ක් වැනි කෙටි කාලයකින් අනතුරුව, පසුගිය කාර්තුවේ දී අප වාර්තා කරගෙන තිබෙන මෙම සාර්ථක මූල්‍ය ප්‍රතිඵල අපගේ ආයෝජකයන් වෙත අනාවරණය කරන්නේ ඉතාමත් සතුටින්. දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හා අනෙකුත් අභියෝග, අවිනිශ්චිත විනිමය අනුපාත සහ ගෝලීය වෙළඳපොළේ අමුද්‍රව්‍ය හිඟය වැනි ගැටලු‍ හමුවේ පවා මෙම ප්‍රතිඵල වාර්තා කර ගැනීමට අප සමත් වී තිබෙනවා. වෙළඳපොළේ තත්ත්වයට මැනැවින් අනුගත වෙමින්, දළ ලාභාන්තිකය යහපත් ලෙස පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. එමෙන්ම සැපයුම්කරුවන් සමග අප පවත්වාගෙන යන සමීප සම්බන්ධතා වලින් උපරිම ප්‍රයෝජන ලබමින් සහ Lean හා Six sigma වැනි මූලධර්ම ඔස්සේ අපගේ නිෂ්පාදන ක්‍රියාවලී නිරන්තරයෙන් වැඩි දියුණු කරමින්, දළ ලාභාන්තිකය සම්බන්ධ ඉලක්ක ළඟා කර ගැනීමට අප සමත් වී තිබෙනවා.”

2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 තුළ WHITE by JAT නිෂ්පාදන එකතුවේ අලෙවිය සියයට 62 කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව තීන්ත බුරුසු සහ දැව ආලේපන කාණ්ඩවල අලෙවිය පිළිවෙළින් සියයට 57 කින් සහ සියයට 33 කින් වර්ධනය වී ඇත. බංග්ලාදේශයේ JAT හෝල්හි ව්‍යාපාර කටයුතු වලින් ලැබූ ආදායම සියයට 379 කින් ඉහළ ගොස් තිබේ.

-සටහන- චම්න්ද මුණසිංහ 



අදහස් (0)

JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site