ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC), ස්වභාවික වනාන්තරවල සහ පෞද්ගලික ඉඩම්වල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක නැවත වගා කිරීම සඳහා මතුරට ප්ලාන්ටේෂන්ස් සහ විභව සොලියුෂන්ස් (පුද්ගලික) සමාගම සමඟ පසුගියදා ගිවිසුමකට එළඹුණි. එමගින් නැවත වන වගා ප්‍රයත්නයට සහය වීමටත්, ස්වභාවික පරිසරය යථාවත් කර පෝෂණය කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ පැළ 12,000 පලතුරු වගාවක් මෙන්ම ඖෂධීය ශාක වගාවල සිට වෙනත් තෝරාගත් ආවේනික වගා දක්වා ශාක 20,000 ක් රෝපණය කිරීමයි. LOLC ෆිනෑන්ස්, සමස්ත ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මුල්‍ය සම්පත් දායකත්වය ලබාදෙන අතර, වන වගා සඳහා මතුරට ප්ලාන්ටේෂන්ස් අක්කර පනහක පෞද්ගලික ඉඩම් කොටසක් ඒ සඳහා ලබාදේ. පැළ සිටුවීම විභව සොලියුෂන්ස් යටතේ ‘තුරු’ මගින් මෙහෙයවනු ඇත.
දෙනියාය පරිසර පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන් දියත් කරන ව්‍යාපෘතිය මගින් මතුරට වැවිලි සමාගමට අයත් අක්කර පනහක් ආවරණය කරන අතර, ‘මියවාකි’ මාදිලියේ අක්කර පහක වන වගාව සහ සමනල උද්‍යානවලටද රැකවරණ ලබාදේ. ඊට අමතරව ප්‍රතිස්ථාපන යෝජනා ක්‍රමයක්, ජෛව විවිධත්ව අධ්‍යයනයක් සහ කාබන් සැකසුම් සිතියම්ගත කිරීමක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කර ඇත්තේ සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ප්‍රකාශනය තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණෙනි. සමස්ත වැඩසටහන මෙම ත්‍රිත්ව හවුල්කාරිත්වය සමඟ මාස 18 ක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.
LFLC, මතුරට සහ විභව සොලියුෂන්ස් අතර මේ සඳහා වූ නිල ගිවිසුමට අත්සන් තැබීම පසුගිය ජූලි 12 වැනිදා LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට LOLCෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මොන්ටිනි වර්ණකුල, මතුරට ප්ලාන්ටේෂන්ස් සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන මානව සම්පත් නිලධාරි ප්‍රදීප් උළුවඩුගේ, මතුරට ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂිකා සහ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ප්‍රධාන මූල්‍ය නිලධාරිනී සංජීවනී කොටකදෙණිය, LOLC ෆිනෑන්ස් පීඑල්සී මුල්‍ය ප්‍රධානී බුද්ධික වීරතුංග, විභව සොලියුෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී හේමින්ද ජයවීර සහ විභව සොලියුෂන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හසංක පාදුක්ක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
LOLC ෆිනෑන්ස් වෙතින් පරිසර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක්