OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී රමෝද් මාලක ප්‍රමුඛ Cool Steps නර්තන කණ්ඩායම ද මෙම ගීතයට දායක වී සිටිති.
සුන්දර ගැමි පරිසරයක රූපගත කර ඇති මෙම ගීතයේ රූප රචනය තුළ සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද නිරූපණය කෙරේ. මෑතකදී වෙළඳපොළට හඳුන්වා දීමෙන් අනතුරුව පාරිභෝගිකයන් අතර ඉක්මනින් ජනප්‍රිය වූ අලුත් අවුරුදු කාලයේදී විශේෂ දීමනාවන් ද සමග මිලදී ගත හැකි OPPO F19 Pro දුරකථන මාදිලිය ද මෙම රූප රචනය තුළදී දැකගත හැක. OPPO F19 Pro දුරකථන මාදිලියේ ප්‍රථම දින අලෙවිය, ඊට පෙර හඳුන්වා දුන් OPPA F17 Pro මාදිලියට සාපේක්ෂව සියයට 200 ක වැඩිවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.
‘මේ ගීතයත් සමග අපට ශ්‍රී ලාංකික සංස්කෘතියට පෙරටත් වඩා සමීප වීමට අවස්ථාව උදා වුණා. ඒ වගේම අලුත් අවුරුද්දේ සැබෑ අරුත අනුව යමින් අප්‍රේල් 02 සිට අප්‍රේල් 13 දක්වා ක්‍රියාත්මක වන ‘එරබදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත්, අප්‍රේල් 05 සිට අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක වන ‘OPPO සර්විස් වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවැසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක්