SDB බැංකුව නිමා වූ 2021 මූල්‍ය වර්ෂය තුළදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත.
2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා බැංකුවේ මුළු ලාභය රුපියල් මිලියන 909ක් වන අතර එය පෙර වසරට සාපේක්‍ෂව මුළු ලාභයෙන් සියයට 9 ක වර්ධනයකි.
2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ එම වර්ෂයේ සිව්වන කාර්තුවේ ලාභය පමණක් රුපියල් මිලියන 159ක් ලෙසින් වාර්තා වේ.
ශුද්ධ පොලී ආදායමත් ඊට පෙර වසරවලට සාපේක්‍ෂව සියයට11 කින්, එනම් රුපියල් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී ඇත. මුළු මෙහෙයුම් ආදායම පෙර වසරවලට සාපේක්‍ෂව සියයට 9 කින්, එනම් රුපියල් බිලියන 7.4 දක්වා වර්ධනය වී ඇත.
SDB බැංකුව විසින් නිකුත් කර ඇති මුළු ණය ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්‍ෂව සියයට 9 කින්, එනම් රුපියල් බිලියන 111.89ක් දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසර තුළ රුපියල් බිලියන 65ක් බැංකු ගිණුම් 98,185ක් හරහා ණය වශයෙන් බෙදා හැරී ඇත.
ශුද්ධ අක්‍රීය ණය අනුපාතය2020 වසරේදී සියයට 1.79 ක් වූ අතර 2021 වසරේදී එය සියයට 1.49 ක් දක්වා අඩු වෙමින් සාධනීය වෙනසක් පෙන්වා ඇත.
SDB බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 2021 මූල්‍ය වර්ෂය තුළ සියයට 15 කින්, එනම් රුපියල් බිලියන 147.8ක් දක්වා වර්ධනය වී ඇති අතර තැන්පතු පරාසය පෙර වසරවලට සාපේක්‍ෂව සියයට 1 ක වර්ධනයක් පෙන්වා ඇත.
දුෂ්කර ආර්ථික පරිසරයක් තුළ වුවද SDB බැංකුව විසින් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා මෙසේ පැවසුවේය.
“ගෙවුණු 2021 මූල්‍ය වර්ෂය තුළ අපි විශේෂයෙන්ම අපේ මූලික අරමුණ වන ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සේවා සැපයීම කෙරෙහි දැඩිව අවධානය යොමු කළා. එහිදී විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින්ගේ සංවර්ධනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූවා. 2021 වසරේදී අප ලැබූ සාර්ථකත්වයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සකස් කළ සැලසුම් හා ක්‍රමෝපායන් මූලික වශයෙන් හේතු වුණා. ඒ වගේම වසංගතය නිසා පැනවී තිබූ සීමාකිරීම් ලිහිල් වීමත් අපේ සාර්ථකත්වයට පිටිවහලක් වුණා. අපේ පාරිභෝගිකයන් සමඟ හවුල්කරුවන් විදියට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය නිසා අපට අනාගතයේදී මතු විය හැකි මූල්‍යමය වශයෙන් දුෂ්කර අවස්ථා කල් තියා හඳුනා ගැනීමටත් ඒ තත්ත්වයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව අපේ පාරිභෝගිකයන්ට සාර්ථකව මඟපෙන්වීමටත් අපට හැකි වුණා. අක්‍රිය ණය අනුපාතය පහළ යාම සහ අප විසින් නිකුත් කරන ලද ණය ප්‍රමාණය වර්ධනය වීම මීට සාක්‍ෂි සපයනවා. 2022 වසරේදීත් මේ සාර්ථකත්වය අඛණ්ඩම ඉදිරියට පවත්වාගෙන යමින් අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ හිතවත් පාරිභෝගිකයන් සහ සියලුම හවුල්කරුවන් අපට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
SDB බැංකුවේ විශිෂ්ට වර්ධනයක්