මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR) යන්ත්‍ර ලබාදීමට SLT-මොබිටල් සැලසුම් කර තිබේ. මේ යටතේ පරිත්‍යාග කරන ලද පළමු යන්ත්‍රය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම යන්ත්‍රයෙහි වටිනාකම රු. මිලියන 5 කට අධිකය.
SLT-MOBITEL නියෝජනය කරමින් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා විසින් මෙම යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී මානෙල් විමලරත්න මහත්මිය වෙත පරිත්‍යාග කරන ලදී.
රෝහල්වල සහ රජයේ ඉල්ලීම් පරිදි ඉදිරියේදී මොනරාගල මූලික රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල යන රෝහල් වෙතද PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට SLT MOBITEL සැලසුම් කර තිබේ.
මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසී ය. “මෙම රෝහල්වලට PCR යන්ත්‍ර වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගත් නිසා අප වඩාත් ඉක්මනින් එම යන්ත්‍ර පරිත්‍යාග කිරීමට කටයුතු කළා. සාමූහික, පරිපූර්ණ සහ සැලසුම් සහගත ලෙස කටයුතු කිරීම මගින් මෙම අභියෝගය ජයගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. මේ දුෂ්කර කාලපරිච්ඡේදයේදී ඒ වෙනුවෙන් රටට නොසැලෙන ශක්තියක් වීමට අප සූදානම්.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
SLT MOBITEL වෙතින් රෝහල්වලට P.C.R යන්ත්‍ර