X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


SLT සමූහයට රු.බි. 6 ලාබයක්

SLT-MOBITEL, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලසීමාව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමූහයේ ලාභය සියයට 29.9 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 6 ක් ලෙස වාර්තා කර ඇතැයි නිව්දනයක් නිකුත්කරමින් එම සමාගම කියයි.

ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක මෙම වර්ධනාත්මක වාර්තාකරණයට හේතු වී ඇත.

කොරෝනා වසංගතය හමුවේ පවා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට යොමුකළ අවධානය හේතුවෙන්, පෙර වසරට සාපේක්ෂව අදාළ කාලසීමාව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 49.9 දක්වා, එනම් සියයට 13.3 කින් වර්ධනය විය. මෙහෙයුම් ඉපයුම් ආන්තිකයද පෙර වසරට සාපේක්ෂව සියයට 10 කින් වර්ධනය වී, රු. බිලියන 19.6 ක් ලෙස වාර්තා වී ඇත. මෙහෙයුම් ලාභය 2020 වසරේ මුල් මාස 6 ට සාපේක්ෂව සියයට 4.2 කින් වර්ධනය වී, රු. බිලියන 7.2 ක් ලෙස සටහන් වී ඇත.

2021 වසරේ දෙවැනි කාර්තුව සඳහා සමූහයේ ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 15.2 කින් වර්ධනය වී, රු. බිලියන 25.3 ක් බවට වාර්තා වී ඇති අතර, එමගින් මෙහෙයුම් ඉපයුම් ආන්තිකය සහ මෙහෙයුම් ලාභය පිළිවෙළින් රු. බිලියන 9.9 සහ රු. බිලියන 3.8 දක්වා වර්ධනය වී ඇත. සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 3.8 ක් ලෙස වාර්තා වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 40.7 ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රජයට සිය අඛණ්ඩ දායකත්වය ලබාදෙමින්, SLT- MOBITEL විසින් 2021 වසරේ ප්‍රථම අර්ධය තුළ ලාභාංශ, ඍජු සහ වක්‍ර බදු ලෙස රු. බිලියන 1.3 ක මුදලක් ගෙවන ලදී. එමෙන්ම මුහුදු සංදාම ජාලය, මූලික යටිතල පහසුකම් දැනට ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ෆයිබර් ඔප්ටික් ජාලය පුළුල් කිරීමේ වැඩසටහන, 4G කුලු‍නු සහ මූලික සන්නිවේදන මධ්‍යස්ථාන ආදිය සඳහා කරන ලද ආයෝජන ඇතුළුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සම්බන්ධතා වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට උපකාරීවන දීර්ඝකාලීන යටිතල පහසුකම් පද්ධතිය සඳහා ආයෝජන සිදුකිරීමට ද සමූහය කටයුතු කර තිබේ.

“ SLT- MOBITEL යනු සැබැවින්ම ශ්‍රී ලාංකික දුරකථන සන්නිවේදන සමාගමක්. අපේ රටට සහ ජනතාවට සේවය කිරීමට අප එක සිතින් කැපවී සිටිනවා. එමෙන්ම රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතයේ ලු‍හුඬුතා අවම කිරීම සඳහා අවශ්‍ය ජාතික මට්ටමේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා විදුලි සංදේශ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අප ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරනවා” යනුවෙන් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

2021 වසරේ ප්‍රථම අර්ධය තුළ, සමූහයේ පරිපාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. (SLT) හි පිරිවැටුම සියයට 14.7 කින් වර්ධනය වී, රු. බිලියන 29 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය ද සියයට 42.2 කින් වර්ධනය වී, රු. බිලියන 3.9 ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම සමූහයේ ජංගම දුරකථන සේවා සමාගම වන මොබිටෙල් (පුද්.) සමාගම ද අදාළ කාලසීමාව තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාල සේවාවන්හි වර්ධනය හේතුවෙන් 2021 වසරේ ප්‍රථම අර්ධය තුළ මොබිටෙල් සමාගමේ ආදායම ද්විත්ව ඉලක්කම් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, කාර්යක්ෂම මෙහෙයුම් හා ප්‍රාග්ධන පිරිවැය කළමනාකරණය හේතුවෙන් සුවිශේෂී ලාභදායීත්වයක් සමග පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව එහි බදු-පසු ලාභය සියයට 47.7 කින් වර්ධනය වී තිබේ.

 



අදහස් (7)

SLT සමූහයට රු.බි. 6 ලාබයක්

pakeer Friday, 13 August 2021 08:02 PM

මිනිස්සු ඔන්ලයින් ගිය විදිහට පුදුම වෙන්න දෙයක් නෑ... මිනිස්සුන්ව හොඳට සූරා කෑවා.. මේ අය තමයි කොරෝනාවලින් ගොඩගියේ...

:       4       31

kamal Saturday, 14 August 2021 01:59 PM

නමුත් රටෙන් භාගයකට වඩා ඔන්ලයින් පහසුකම් නෑ...

:       0       35

Chamil Saturday, 14 August 2021 02:56 PM

හොඳයි, ඒ වගේම ජනතාවටත්, සහන සලසනවා නම්... සිම් එකක් තාම ඔන්ලයින් රෙජිස්ටර් කරගන්න බෑ. හැඳුනුම්පත් අංක, ඊමේල්, දුරකථන අංක දෙනවා නම් ඇයි හැමදේකටම සේවා ස්ථානයකට එන්න කියන්නේ?

:       2       41

mahesh Saturday, 14 August 2021 10:01 PM

ලෝකයේ නරකම අන්තර්ජාල පහසුකම් සහිත රටවල් අතරට අපිව දාලා මෙතන පාරම් බානවා. ලැජ්ජා වෙන්න ඕනෑ...

:       0       13

chandima Saturday, 14 August 2021 11:30 PM

අනේ, අපේ කොල්ලො, කෙල්ලො ගස් නැගගෙන ඉගෙන ගන්න ඔන්ලයින් ඩේටා ගෙවපු සල්ලි... අන්තිමේ නවතින්නේ ලොකු සමාගම් වල කොටස් හිමියන්ගේ සාක්කුවල.. බලන් ගියාම ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනේ නවත්තපු එකෙනුත් ආර්ථිකේට යහපතක් වුණා...

:       0       10

chintha Sunday, 15 August 2021 09:51 AM

දැන් යන්නම ඕනෑ නැහැ... අවශ්‍ය විස්තර ඊමේල් එකක් දාලා වැඩ කරගන්න පුළුවනි..

:       0       3

H.D.Sumathipala Sunday, 15 August 2021 11:37 AM

ලාභ නැතුව තියෙයිද? සිග්නල් නැතුව මිනිස්සුන්ට රවුටර් දීලා පාවිච්චි නොකරපු ඒවාටත් සල්ලි අය කළාම... ලාභ අඩුකරලා, පාරිභෝගිකයින්ට සහන දීපල්ලා...

:       0       11

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site