(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිල ප්‍රදේශයේ තක්කාලි වගාවලට අංගමාර නම් දිලීර රෝගයක් ව්‍යාප්තව ඇතැයිද, මේ හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇතැයිද ගොවීහු කියති.
අක්කර 100කට ආසන්න ප්‍රමාණයක තක්කාලි වගාවන්ට හානි වී ඇතැයිද ඔවුහු පවසති.
පසුගිය දිනවලදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙම රෝග වගාවන්ට බෝවී ඇතැයිද, තක්කාලි ගෙඩිවල කළු පුල්ලි හටගෙන විශාල වශයෙන් බිම පතිත වන බවද ගොවිහු කියති.
බිබිල ප්‍රදේශයේ තක්කාලි ගොවියෙකු වන සී. එස්. සූරියආරචිචි (68) මහතා කියාසිටියේ සිය වගාවේ තක්කාලි ගෙඩි කුණුවී විනාශ වී ඇති බවයි.
දංවැහැර වැවෙන් ජලය සපයාගෙන වගාකටයුතු කළ 100ට අධික ගොවීන් පිරිසක් වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මෙවර තක්කාලි වගාවට යොමුවී සිටියද, වැසි සහිත කාලගුණය හේතුවෙන් වගාවන්ට පොහොර යෙදීමට බාධා එල්ල වූ බවද ඔවුහු පවසති.
මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 30 ත් 40 ත් අතර පැවතීම හේතුවෙන් සිය අස්වැන්නෙන් ද කිසිදු ප්‍රයෝජනයක් ලබාගත නොහැකි බව ද ගොවීහු කියාසිටිති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අංගමාර රෝගයෙන් බිබිල තක්කාලි වගාවට බැට
Nimal Tuesday, 19 November 2019 03:06 PM
මෙම තක්කාලි ගොවීන්ට මේ වගාව සඳහා ඊශ්‍රායල් දේශයේ වගා තාක්ෂණ උපදෙස් ලබා දීමට කටයුතු කරනවා නම් එය ඔවුන්ට ඉතා අගනා සේවයක් වේවි. මා දන්නා හැටියට දැනට මේ සම්බන්දයෙන් ඊශ්‍රායලයේ තාක්ෂණ දැනුම ඉන්දියාවේ තක්කාලි ගොවීන්ට ලබා දී තිබෙනවා එමෙන්ම වඩා පලදාවක් ලබා ගන්නා තක්කාලි වර්ග ඔවුන්ට හඳුන්වා දී තිබෙනවා. මුළු ලෝකයෙන්ම පලතුරු එළවලු වගාව සහ කිරි එළදෙනුන් ඇති කිරීම ජල බින්දු තාක්ෂණය යනාදිය සම්බන්දයෙන් ඉතා දියුණු මට්ටමකට පත් වී ඇති රටක් ඊශ්‍රායලය.
KumarFriday, 22 November 2019 07:49 PM
නිමල්, හැකිනම් කැලිෆෝනියාවට ඇවිත් බලන්න. එකකොට කියයි ඔයා කියන රටේ තිබෙන්නේ පාෂාණ යුගයේ තාක්ෂණය කියලා. මෙහෙ අක්කර දහස් ගණන් තක්කාලි වවනවා. නමුත් ලංකාවේ රෝගය ගැන අහලා නැහැ.