කොළඹ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේ පිහිටි ‘කලම්බු ඇකඩමි ඔෆ් හොස්පිටැලටි මැනේජ්මන්ට්‘ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සංග්‍රහ කලමනාකරණ පාසලක් ආරම්භ කරයි. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනය සමග ඒකාබද්ධව ආරම්භ කර ඇති මෙම පාසලේ අධ්‍යාපනය මාලඹේ එස්.එල්.අයි.අයි.ටී පරිශ්‍රයේ වර්ග අඩි 22,00ක ගොඩනැගිල්ලක් ද ඉදිකර ඇත. ආගන්තුක සත්කාරය පිළිබඳව ලොව පිළිගත් උපාධි පාඨමාලාවක් එම ආයතනය පළමු වරට පිරිනමන බව කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අගන්තුක සත්කාරයටත් උපාධියක්
piumi Monday, 23 July 2012 01:58 PM
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය දැනටමත් ආගන්තුක සත්කාර, සංචාරක හා සිද්ධි පිළිබඳව උපාධියක් හොඳින් කරගෙන යනවා. නමුත් මේ වන විටත් ඔබල මේ පිළිබඳව නොදැනුවත්වීම ගැන අපි කනගාටු වෙමු. (අ)
නිත්‍යා Saturday, 12 January 2013 11:57 AM
උපාධියක් දීලා හරි කමක් නෑ ආගන්තුක සත්කාර දියුණු කරගන්න මිනිස්සු හුරුවෙනවානම් (ස)
සමීර -මෙල්බන් Saturday, 28 July 2012 11:42 AM
ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනය ට උපාධි දෙන්න අවසර තියෙනවාද?(නු)
චමරි Wednesday, 25 July 2012 10:58 AM
කමක් නැහැ නරක වැඩක් නෙවෙයිනේ (දී)
නින්දිත Wednesday, 25 July 2012 10:59 AM
විකාර .... (දී)
උපාලි Wednesday, 25 July 2012 10:57 AM
2008 සිට කොළඹ විශ්ව විද්‍යාලයේත් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වුවත් කිසිවකුගේ සාර්ථක පැමිණීමක් සිදු වූයේ නැත. (නි)
රාම් Tuesday, 24 July 2012 01:27 PM
අනේ මේ, විකාර නැතුව වටිනා කියන ප්‍රතිචාර එවන්න. (නි)
නයනා Monday, 23 July 2012 05:16 PM
අපේ ආච්චිලා සීයල අගතුක සත් කර වලට කප් ගහපු අය (දී)
කිරිමාටින් Monday, 23 July 2012 02:43 PM
මොනවද කුමාරි..අපේ ආච්චි සීයට කිව්වේ...????.(ස)
ස්වර්ණා Saturday, 21 July 2012 07:55 AM
ලංකාව අතීතයේ පටන් ආගන්තුක සත් කාර වලට ප්‍රසිද්දයි (දී)
රෝහිනී Monday, 23 July 2012 01:53 PM
ඔව්වට උපාධි දෙන්න ඕනේ නැහැ. අපේ රට ආගන්තුක සත්කාර වලින් පිරුණු රටක් ඉස්සර (දී)
කුමාරි Monday, 23 July 2012 01:52 PM
ඔවුවත් උපාධි දෙන්න වැඩද. අපේ ආච්චිලා සීයල කියපු දේවල් ඇහුවනම් (දී)
හොටෙල් කොල්ලා Sunday, 22 July 2012 10:09 PM
ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය එහෙමත් නැතිනම් සිලෝන් හොටෙල් ස්කූල් එක මෙම වැඩසටහන අවුරුදු 40 ක සිට කරගෙන යනවා. එහෙත් වැඩි ප්‍රසිද්ධියක් නැහැ. නමුත් දන්නෝ නම් දනිති. (නි)
මල්කි Sunday, 22 July 2012 08:14 AM
ඌව,වෙල්ලස්ම සරසවි කරන මේ කාර්යය ගැන කිසිම කෙනෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ.මාධ්‍ය වලින් හරි මේ දේවල් ගැන ප්‍රසිද්ධියක් දෙන්න පුළුවන් නම් හොදයි. (නි)
තිළිණි Sunday, 22 July 2012 07:51 AM
ඌව වෙල්ලස්ස සරසවි මේ කාර්යය ඉතා සාර්ථකව කරගෙන යනවා. (නි)
සුෆෙර්නා Saturday, 21 July 2012 07:55 AM
ආගන්තුක සත්කාරයට උපාධියක් දීම මේක පළමුවෙනි අවස්ථාව නෙමෙයි.. ඌව වෙල්ලස්ස සරසවියේ විශේෂ උපාධියක් ලබාදෙනවා.. ආගන්තුකසත්කර, සංචාරක හා උත්සව අවස්ථා කළමනාකරණ උපාධියට සිසුන් 150 ක් පමණ ඉන්නවා..කණ්ඩායම් තුනක..(නු)
සමිත Saturday, 21 July 2012 07:55 AM
මේක මේ ආගන්තුකසත්කාරයට උපාධිය දෙන පළමු අවස්ථාව නෙමෙයි..(නු)