(සඳලංකාව - හේමලතා ඩී හේවගේ)
‘‘මම හිතන්නේ රටක දියුණුවට හා ආර්ථික දියුණුවට රටේ දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. එතකොට තමයි ආර්ථිකය ස්ථාවර වෙන්නේ. මොකද පසුගිය කාලයේ වාගේ නිතරම වෙනස්වන ආර්ථික ප්‍රථිපත්ති රටක තිබිය යුතු නැහැ. අඩු තරමින් වසර හතර, පහකට හරියන ස්ථිර, ස්ථාවර ආර්ථික ප්‍රථිපත්ති තියෙන්න ඕනෑ. එතකොට තමයි රටේ ඉන්න ඔනෑම කෙනෙකුට තමන්ගේ ව්‍යාපාර ඇතුඵ අනෙකුත් කටයුතු නිදහසේ කරගෙන යන්න අවස්ථාව සැලසෙන්නේ”යැයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙලෙස පැවසූවේ නාත්තන්ඩිය මහජන බැංකු ශාබාව යටතේ පාලනයවන වැලිපැන්නගහමුල නගරයේ ඒ.ටී.එම්. යන්ත්‍රයක් ඇතුඵ ගණුදෙනුකරුවන් වෙනුවෙන් පහසුකම් රැසක් සමග ඉදිකල නව මහජන බැංකු සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘‘ඉදිරි වසර 5 ඇතුලත අනිවාර්යෙන්ම මේ රට ඉදිරියට ගෙනහිල්ලා රටේ ආර්ථික වර්ධන වේගය 6%ක් නැත්නම් 6.5%ක් කරන්න අපි දන්නවා. මීට වසර පහකට, හයකට ඉස්සෙල්ලා රටේ ආර්ථික වර්ධන වේගය 2%ටත් වඩා අඩු ප්‍රමාණයක තිබුණේ. ඇෆ්ගනිස්ථානය කියන රටටත් පහළින්. නමුත් දැන් අපි ඇතුළුව ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුඵ සියල්ලන්ගේම අවශ්‍යතාවය, අධිෂ්ඨානය වෙලා තියෙන්නේ මේ රට 6.5%ක ආර්ථික වර්ධන වේගයත්, ඩොලර් 6000 ක ඒක පුද්ගල ආදායමක් කරා ගමන් කරන්න. ඒ වාගේම විශාල ආයෝජකයින් ප්‍රමාණයක් අපේ රටට ගෙන්වා විශේෂ වැඩකොටසක් කරන්න. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ රටේ කෘෂිකාර්මික ආර්ථිකයට, රටේ කාර්මාන්තවලට විශේෂ තැනක් දෙනවා.
මේ රට ගොඩගන්න පුඵවන් එක අංශයක් තමයි කෘෂිකාර්මික අංශය. අපි දන්නවා මහජන බැංකුව හැටියට පසුගිය කාලයේ අස්වැන්න කියලා ණය යෝජන ක්‍රමයක් අපි ඉදිරිපත් කළා. මේ ණය යෝජනා ක්‍රමයෙන් අපි කෘෂිකර්මයට, පශුසම්පත් කාර්මාන්තයට, ධීවර කාර්මාන්තයට මේ වනවිට බිලියන එකකට ආසන්න ණය ප්‍රමාණයක් ණය දීලා තියෙනවා.
මේ ප්‍රදේශයේ ජීවත්වන වැඩි පිරිසක් මම හිතන්නේ කෘෂිකාර්මික ජීවනෝපායක් ගෙනියන්නේ. ඔබතුමාලා, ඔබතුමියලා කරුණාකරලා මේ ණය සහණ වලින් ප්‍රයෝජන ගන්න. මේ ණය තමන්ගේ ව්‍යාපාර දියුණුකරගන්න සහන පොලී අනුපාත යටතේ තමයි ඔබට ලබාදෙන්නේ.
අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ව්‍යවසායක ගොවියන්, ව්‍යවසායක ධීවරයන්, ව්‍යවසායක පශු සම්පත් හිමිකරුවන් වගේ අය බිහිකිරීමයි. අපිට මුදලාලිලා බිහිකිරීම නෙමෙයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි ප්‍රමුබ පෙලේ රාජ්‍ය බැංකුවක් විදිහට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නේ.
අපි පසුගිය මාස හය තුල ලක්ෂ 04 කට වඩා වැඩි ගණුදෙණුකරුවන් ප්‍රමාණයකට විවිධ ණය යෝජනා ක්‍රම යටතේ සහන ණය දුන්නා. ඒවාගේම විශාල ප්‍රමාණයකට හයමාසෙක ණය සහන ලබාදෙමින් කපපු වාරික නැවත අපි ලබාදුන්නා. ඉදිරියේදී විශ්ව විද්‍යාල සිසුන් 15000 කට පමණ ලැප්ටොප් පරිඝණක දෙන්න අපි ලෑස්තිකරගෙන ඉන්නවා. ගුරුවරුන්ටත් ලැප්ටොප් පරිඝණක දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ රටේ ප්‍රවාහන පද්ධතිය සඳහා ඉදිරියේදී කාඩ් එකක් නිකුත් කරනවා. අපි කාටත් ඒක ගන්න ඕනෑ බස් රථයකට නගිනවා නම්. ඒ කාඩ් එකේ සම්පූර්ණ මුදල් සම්බන්ධව ගණුදෙණු කරන්නේත් මහජන බැංකුව.
අපි පසුගියකාලේ සහයෝගිතා ගිවිසුම් ඇතිකළා. ඔය කාර්මික සංවර්ධන මණ්ඩලයත් සමග ඔබතුමාලා කර්මාන්ත කරනවානම් එතනට ගිහිල්ලා ඒ සියඵම මූලික වැඩකොටස නොමිලේ කරගන්න පුඵවන්. ඊට පස්සේ ඒ අදාළ ලියකියවිලිත් සමග මහජන බැංකුවට එන්න පුඵවන්.
මහජන බැංකුවෙන් එතකොට තමන්ගේ වැඩ 80%ක් කරලා ඉවරයි. ඉතිරි 20% කරගන්න ණය දෙන්න අපි සෑදීපැහැදී ඉන්නවා.
මේ රටේ විශාල කළාකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. කොරෝනා වසංගතය නිසා ඔවුන්ගේ ජීවනෝපාය විශාල ලෙස පහත වැටුණා. ඔවුන්ට 4% අඩු පොලී අනුපාතය යටතේ විශාල ණය ප්‍රමාණයක් අපිට දෙන්න හැකිවුණා. නමුත් මෙතනදී අපි දන්නවා විශ්‍රාමික ප්‍රජාවට යම් ගැටඵවක් මතුවෙනවා. මොකද 10% අඩු පමාණයක ණය පොලිය පවත්වාගෙන යනවා කියන්නේ අනිවාර්යෙන් තමන්ගේ ඉතුරුම් වලටත් ලැබෙන පොලී මුදල් ප්‍රමාණය යම්තාක් දුරට අඩුවීමක් සිදුවෙනවා. ඒකට රජය ඉදිරියේදී ඉතාමත් සුබවාදී වැඩපිළිවෙලක් සකස්කරනවා යැයිද සුජීව රාජපක්ෂ මහතා පැවසීය.
මෙම අවස්ථාවට මහජන බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි කේ.පී. රාජපක්ෂ, සහකාර සාමන්‍යාධිකාරි ශාබා කළමණාකරන ආර්. රවිකරන්, සහකාර සාමන්‍යාධිකාරි අලෙවිකරන ඒ.වී. අන්සාර්, සහකාර ප්‍රදේශීය කළමණාකාරිනී මහේෂා සිරිමාන්න, නාත්තන්ඩිය මහජන බැංකු ශාබාවේ කළමණාකරු මැක්සි පෙරේරා, නාත්තන්ඩිය සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.ආර්.සී. දසනායක යන මහත්ම මහත්මීහු හා රජයේ නිලධාරිහු ඇතුඵ ගනුදෙණුකරුවන් පිරිසක් සහභාගි වී සිටියහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපට ඕනෑ ව්‍යවසායකයන් මිස මුදලාලිලා නෙමේ