(හර්ෂණ තුෂාර සිල්වා)
මෙරට අපනයන ආදායම වැඩි කිරීමේ අරමුණින් සහ ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් මෙරට අපනයන කර්මාන්තයට එල්ල වී තිබෙන බලපෑම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර රැසක් ගෙන ඇත.
නව වෙළෙඳපොළ අවස්ථා හඳුනාගැනීම, වෙළෙඳපොළ සම්බන්ධයෙන් තොරතුරු බෙදාහරිමින් දැනුවත් බව ඇති කිරීම, සැපයුම්දාම ගැටලු විසඳුම් ලබාදීම සහ අන්තර්ජාලය හා විඩියෝ තාක්ෂණය භාවිත කරමින් ධාරිතා හා හැකියා සංවර්ධනය වැඩිදියුණු කිරීම සහ දැනට සිටින අපනයනකරුවන්ට තම අපනයන සිදු කිරීම සහාය ලබාදීම සඳහා ව්‍යාපාරික සබඳතා නිර්මාණය කිරීම එම පියවර ඇතුළත් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘‘එක් ගම්මානයක් - එක් නිෂ්පාදනයක්’’ යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහාය වීමේ අරමුණ ඇතිව විදේශවල වෙසෙන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජනය ආකර්ෂණය කරගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ අමාත්‍යාංශය, විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කිරීමට ද පියවර ගෙන ඇත.
කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය අහිතකර බලපෑම් මඟහරවා ගැනීමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.75ක මේ වසරේ අපනයන ඉලක්කය සපුරා ගැනීමටත් මෙම පියවර ගෙන ඇති අතර රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම සහ තාක්ෂණය උපයෝගී කරගැනීම පිණිස අනෙකුත් දේශීය හවුල්කරුවන් මෙන්ම හවුල්කාර රටවල් සහ සංවිධාන සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ද පියවර ගැනීම ද අවධානය යොමු ව තිබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපනයන ආදායම වැඩි කිරීමට ඒකාබද්ධ පියවර
ජයතිස්ස Thursday, 03 September 2020 03:36 AM
අපනයන වර්ධනයට ජපානය යොදා ගන්නා Trading House ක්‍රමය ලංකාවේ භාවිතා නොකරන්නේ ඇයි?