හර්ෂණ තුෂාර සිල්වා
අපනයන ක්ෂේත්‍රය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුය යන්න තමාගේ අදහස යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය
ජාතික ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධානතම අංශය අපනයන ක්ෂේත්‍රය බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් තීන්දු තීරණ අපනයන කර්මාන්තය දුර්වල කිරීමට හේතු වී ඇතැයි ද කීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 22 වැනි ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම අංශය අපනයන ක්ෂේත්‍රය බව සඳහන් කළ යුතුයි. ගත වූ අවුරුදු තුනත් හතරත් අතර කාලයේදී අපනයන ක්ෂේත්‍රය 2015 වසරේ තිබුණාට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියට ගොස් තිබෙනවා.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්ම ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රය බව අපි දන්නවා. ජාතික ආර්ථික ප්‍රතිපත්ති තීරණ අපනයන දිරි ගැන්වීමට හේතුවෙනවා වගේම අපනයන කර්මාන්තය දුර්වල වීමට ද හේතුවන බව කිව යුතුයි. ඇතැම් ආර්ථික න්‍යාය අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට හරස් වී තිබෙනවා.
අපනයන ක්ෂේත්‍රය දිරිමත් කිරීමට නම් අපනයනකරුවන්, අපනයන ක්ෂේත්‍රය, අපනයන ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් විය යුතුයි යන්න මගේ අදහසයි
ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. පවතින බාධා ඉවත් කළ යුතුයි. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් අපනයන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා අපි දැනටමත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඇතැම් දේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා.
අපනයන ක්ෂේත්‍රයට තිබෙන බාධා ඉවත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ද අපි සාකච්ඡා කරමින් ඉන්නවා” යැයි ජනාධිපතිවරයා තවදුරටත් කීය.
055
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපනයන ක්ෂේත්‍රය බදුවලින් නිදහස් විය යුතුයි - ජනපති
Perakum Wednesday, 19 September 2018 03:58 PM
අය වැය එනතෙක් සිටීමට අවශ්‍ය ඇයි...? මෙවැනි දේ ජනාධිපති බලතල යොදවා වහාම කළයුතුව තිබුණි.
ඉ.ටී. Wednesday, 19 September 2018 04:07 PM
දැන්ද තේරුණේ? දැන් රබර්, තේ වැවීම අපි අතඇරියා අක්කර 50ක, ඔයාගේ ගලයිපොසේට් භීතිය නිසා. ඔයාම තමයි වල කැපුවේ... කුඩා වැවිලිකරුවන් වන අප ඉඩම් විකුණලා මුදල් ආයෝජනය කළොත් බඩගෝස්තරය රැකගන්න පුළුවන්. පරිසරය වැදගත්, නමුත් ඇමෙරිකාව, චීනය, ඉන්දියාව පරිසරයට පළමු තැන නොවෙයි දෙවෙනි තැන දීලා තියෙන්නේ... පළමුව ජීවත්වෙන්න ඕනෑ නිසා. කටුපොල් වැඩෙත් ඔයා කනවා නේද? සමහරුගේ බොරු අහලා. කටු පොල් රබර් ඉඩම්වලට ආදේශයක්... ලාභයක් ලබාගන්න පුළුවන්.. රබර් දැන් මිලට ලාබදායක නෑ. අතින් කයිට්... මේවා තේරෙන්නේ නැති ඔබට රට පාලනය කරන්න පුළුවන්ද? කටු පොල්වල ජලය භාවිතය රබර්වලට සමානයි. පුළුවන්නම් කටුපොල්වලටත් ඔයාගෙ උදැල්ල දාන්න. එතකොට ඔක්කොම අපනයන ඉහල යාවි. කිසිම සහනයක් නැහැ අපනයන වගාවලට. රකෂණයක් නැහැ. කම්කරු නීති තද මදි... ඵලදායිතාව අති දුර්වලයි. තව ඔහොම කටින් බතල හිටුවන්න. ඔයාගේ අගමැති අපනයන බෝගවලට පයින් ගහලා ආයෝජන ගැන සිහින දැක්කා. දැනුයි එයාටත් වැවිලි කමාන්තයට ආදරය වෙලා තියෙන්නේ.... අතේ ඉන්න කුරුල්ලා අත්තෙ ඉන්න දෙන්නට වඩා වටිනවා කියන්නේ කට කහනවටයැ... මෝඩකම ඉහවහා ගිහිල්ලා. කෑෂ් කව් තමයි අපනයන බෝග... ඒවාට ආධාර දෙන ගමන් ආයෝජන හදාගන්න
Kumar Thursday, 20 September 2018 04:57 AM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ.......