අපනයනකරුවන්ට සිය ආදායම් සීමාවකින් තොරව විදේශයන්හි රඳවා ගැනීම සදහා පැවති අවසරය වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
අපනයනකරුවන්ට සිය ආදායාම් විදේශයන්හි රදවා ගැනීමට 1993 වසරේ මාර්තු 26 වැනිදා නිකුත් කළ අංක 759 / 15 ගැසට් පත්‍රයෙන් අවසර ලබාදී තිබිණි.
මේ වසරේ මැයි පළමුවැනිදාට පෙර අදාළ මුදල් ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස මුදල් අමාත්‍යාංශය නියෝග කර ඇති අතර ඉදිරියේදී අපනයන ආදායම් දින 90 ක් ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒම අත්‍යාවශ්‍ය කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙරට විදේශ විනිමය සංචිත හීන වීම සහ රුපියලේ අගය තවදුරටත් පහත වැටීම වැළැක්වීම සදහා විදේශ විනිමය මෙරටට රැගෙන ඒමට මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති අතර රුපියලේ අගය පසුගිය සිකුරාදා වනවිට සටහන්වූයේ ඇමරිකානු ඩොලරයකට රුපියල් 145 ක් ලෙසිනි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අපනයනකරුවන්ට නීති රීති දැඩිවෙයි
ඇසළ Friday, 29 April 2016 02:20 AM
අපමණ අගයක් රුපියලට, ඉදිරියේදී මොනව අපනයනය කලත් මාස 3 ක් ඇතුලත අපනයනය කල ද්‍රව්‍ය වල ඉන්වොයිස් වටිනාකමට මුදල් ශ්‍රී ලංකාවේ තම ගිණුමට ලැබුණ බව බැංකුව මගින් සනාථ කල යුතු වෙනවා. (ම)
අරුණ Saturday, 30 April 2016 10:53 AM
මේක දැන් රටක්ද? හිරගෙයක්ද? අපායක්ද? (නි)
හිමාල් Monday, 02 May 2016 09:29 AM
විදේශ මුදල් ලැබෙනවා නම් ඒක දින 90 ඇතුළත ලංකාවට ගෙන ඒමට නීති දැමීමේ වරදක් නෑ. මොකද අපනයන වලට සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා සහයෝගයක් ලැබෙනවා .ඉතින් එහෙම කරලත් හම්බ කරන සල්ලි පිටරට ගිණුම්වල තියන් ඉන්නවා නම් මුදල් විශුද්ධිකරණයට පවා යොමු වෙන්න පුළුවන්. (ර)
හිමාල් Monday, 02 May 2016 09:32 AM
විදේශ මුදල් ලැබෙනවා නම් ඒක දින 90 ඇතුළත ලංකාවට ගෙන ඒමට නීති දැමීමේ වරදක් නෑ. මොකද අපනයන වලට සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා සහයෝගයක් ලැබෙනවා. (ම)