ශක්තිමත් හා ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව වසර 2020 අග භාගය වනවිට බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී තිබෙන අතර ඉහළ ගුණාත්මකභාවයකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවකින් යුතු ප්‍රාග්ධනය මේ සඳහා සලකා බලන බව ද මහ බැංකුව සඳහන් කරයි.
නව අවම ප්‍රාග්ධන අවශ්‍යතා ප්‍රකාශයට පත් කරමින් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීම පිණිස දැනටමත් සංස්ථාපිත බැංකු සඳහා වසර 3ක කාලයක් ලබාදීමට ද මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකු සඳහා රුපියල් බිලියන 20ක, බලපත්‍රලාභී දේශීය විශේෂිත බැංකු සඳහා රුපියල් බිලියන 7.5කත් විදේශීය බැංකු සඳහා රුපියල් බිලියන 10ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
අවම ප්‍රාග්ධන අවශ්‍යතාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, බැංකු වඩාත් ශක්තිමත් කරවීම සඳහා මග පාදන අතර එමගින් බැංකු පද්ධතිය මෙන්ම ජාතික ආර්ථිකය සතු ශක්‍යතාවය සහ ස්ථාවරත්වය ද සුරක්ෂිත වනු ඇතැයි ද ශ්‍රී මහ බැංකුව තවදුරටත් අපේක්ෂා කරයි.
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළට
sathyayaa Friday, 27 October 2017 12:53 AM
බොහොම අගෙයි. මහා බැංකුවේ ප්‍රාග්ධනය බැඳුම් කර මගඩි වලින් අවම කරගන්න අතරේ පෞද්ගලික බැංකුවල අවම ප්‍රාග්ධනය වැඩි කරගන්න කියා ආරක්ෂණ උපදේශයක් දෙනවා. ඕකට තමයි කියන්නේ " ඕවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට" කියලා.
Perakum Friday, 27 October 2017 01:27 AM
ඒකෙනුත් ඔන්න අපිටයි තට්ටුවෙන්න යන්නේ. එතකොට බැංකු පොලී අනුපාත සීග්‍රයෙන් ඉහල දමනවා. තැන්පතු පොලිය අඩු කරනවා.
himal Sunday, 29 October 2017 04:07 PM
මහ බැංකුවේ සිද්ධියක් ගැන කියවනවා හැමදාම බැංකු ගැන තියා ලේ බැංකුවක් ගැනවත් නොදන්න උන්දැලා. අවම ප්‍රාග්ධන සීමාව නැංවූවාම ඒක රැස් කරගන්නේ කොටස් ප්‍රාග්ධනයෙන්. ඒ කියන්නේ නව කොටස් නිකුතුවෙන්. තැන්පතු ප්‍රාග්ධනිත කරන්න ඕන නෑ වගේම කරන්නත් බෑ. මේක බැංකුවල ස්ථාවර බව නැංවීමට ගන්න තීරණයක්. දැන් බැංකු උපයන්නේ පොළී නොවන ආදායමින්. ණය දීලා උපයන කාලේ ගියා. නව කොටස් නිකුතුවකින් ණය පොළිය වැඩි වෙන ආකාරය කියමුකෝ බලන්න මේ බැංකු ඔස්තාර්ලා.