ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති රාජා එදිරිසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි (HIP) නිල සංචාරයක නිරතවිය. HIP විසින් මුහුණ දෙන නොයෙකුත් ගැටලු සඳහා විසඳුම් සෙවීමට මෙන්ම වරාය සේවා පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ විය.
සභාපතිවරයා සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසට, වරාය පිළිබඳ දළ විශ්ලේෂණයක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලදි.
HIPG විසින් ලබා ඇති සමස්ත ව්‍යාපාරික ප්‍රගතිය සහ රට වෙත ගෙන රැගෙන ආ ප්‍රධාන සෘජු විදෙස් ආයෝජන සාකච්ජාවට භාජන විය. වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කාර්මික උද්‍යානය සහ සමෝධාන කාර්ය උපාය වැනි ව්‍යාපාර දියුණු කිරීමේ දී HIPG මුහුණ දෙන අභියෝගද දීර්ඝ ලෙස සාකච්ජා කෙරිණි. වරාය මගින් මෙහෙයවනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ මධ්‍යස්ථානය, හෝප් ගම්මානය, අලි-මිනිස් සාමයට මුලපිරීම සහ නිපුණතා-පුහුණුවීම් තුළින් දකුණු පළාතේ නිර්මාණය කර ඇති රැකියා අවස්ථා වැනි සමාජ වගකීම් ව්‍යාපෘති පිළිබඳව ද නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, වරාය සේවාවල සහ කර්මාන්ත උද්‍යානයේ උපායමාර්ගික හවුල්කරුවන් වන ජාත්‍යන්තර ආයෝජකයන් සහ ක්‍රියාකරුවන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන්, ආයෝජන මණ්ඩලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. “හම්බන්තොට වරායේ සිදු කරන ලද ආයෝජනවල ප්‍රතිලාභ ආයෝජකයන්ට භුක්ති විඳීම සඳහා සුමට ක්‍රියාවලියක් සහතික කිරීම මෙන්ම HIPG හි මූලික ගැටලු තීර්ණාත්මකව විසඳීමටද සභාපතිවරයා සහ නියෝජිත පිරිස එකඟ වුණා. අදාළ රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ආයෝජන මණ්ඩලය ලබාදුන් සහයෝගය අපි බෙහෙවින් අගය කරනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
“ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් වන HIPG ඇතුළු අනෙකුත් ආයෝජකයින්ට සහායවීමයි. වරාය සේවා, කර්මාන්තපුරය, බලශක්ති සේවා පර්යන්තය තුළ සිදු කරන සියලුම කාර්යයන් සහ ඔවුන් මුහුණ දෙන වත්මන් දුෂ්කරතා සහ ගැටලු පිළිබඳ අප ඉතා බැරෑරුම් ලෙස සාකච්ජා කළා. සියලුම ගැටලු විවේචනාත්මකව ඇගයීමට ලක් කර, HIPG සමඟ ඒ පිළිබඳව සාකච්ජා කිරීමට අප බලාපොරොත්තු වෙමු. අප විසින් ගැටලු වඩාත් හොඳින් අධ්‍යනය කොට මූලික හේතු හඳුනාගැනීමෙන් අනතුරුව රාජ්‍ය ආයතන වැනි අනෙකුත් පාර්ශ්ව සමඟ මැදිහත්ව වඩාත් හොඳ විසඳුම් ලබාදීමට අදහස් කරනවා,” ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආයෝජන මණ්ඩලයේ සභාපති හම්බන්තොට වරායේ සංචාරයක