Dulux තීන්ත නිෂ්පාදනය කරනAkzoNobel Paints Lanka (පුද්.) සමාගම, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, හිතමිතුරන් සහ තමන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාව සමග එක් වී කතරගම කිරි වෙහෙර පිවිසුම අසල නව ඝණ්ඨාර කුලුනක් ඉදිකිරීමට කටයුතු කළේ ය.
මෙය විවෘත කිරීමේ උත්සවය, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අඩි 27 ක උසකින් යුත් නව ඝණ්ටාර කුලුන, කිරි වෙහෙර පරිශ්‍රයට ඇතුළු වන ප්‍රධාන දොරටුව අසල ඉදිකර තිබේ. පස්ලෝ (තඹ 79%, සුදු ඊයම් 20%, රිදී, රන් හා යකඩ 1%) භාවිතයෙන් ශ්‍රී ලංකාවේදී ඉදිකරන ලද එහි බර කිලෝග්‍රෑම් 800 කට අධික ය. එහි අවම උස අඩි 4.5 ක් වන අතර, පාදමෙහි විෂ්කම්භය අඩි 4 කි.
“AkzoNobel පූජා කමිටුවේ උනන්දුව හා කැපවීම මෙන්ම මෙයට සම්බන්ධ වූ සියලුම දෙනාගේ නොමසුරු දායකත්වය නිසා අපට කතරගම කිරි වෙහෙරට මෙම ඝණ්ඨාර කුලුන පරිත්‍යාග කිරීමට හැකි වුණා. මෙය බැතිමතුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි කියා අප සිතනවා. එමෙන්ම මෙය අප සියලුම දෙනා පූජනීය සිතිවිලි ඔස්සේ එකමුතු කරන පියවරක් වේවි.” AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතා පැවසී ය.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇක්සොනොබෙල් වෙතින් කිරිවෙහෙරට නව ඝණ්ඨාර කුලුනක්