(නාලක සංජීව දහනායක)
මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවන් සිදුකිරීමට අවසර ගැනීමේදී සිදුවන ප‍්‍රමාදයන් අවම කිරීම සඳහා කඩිනමින් නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන,සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇත.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා තාවකාලිකව අන්තර්ජාලය ඔස්සේම අනුමැතිය ලබාදීමටත් පියවර ගෙන තිබේ.
කිසියම් ආයෝජකයකුට මෙරට ආයෝජනය කිරීමේදී තවත් රාජ්‍ය ආයතන රාශියක අනුමැති ලබාගැනීමට සිදුවේ. ඒ ඒ ආයෝජනයේ ස්වභාවය අනුව එලෙස අනුමැතිය ලබාගත යුතු ආයතන සංඛ්‍යාව 28 යැයි හඳුනාගෙන ඇත.
රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, භූ විද්‍යාත්මක සමීක්‍ෂණ සහ පතල් කාර්යංශය, ආගම හා විගමන දෙපාර්තමේන්තුව, නගර සභා පළාත් පාලන ආයතන, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සංස්ථාව, වනජීවි දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායන ඖෂධ පාලන දෙපාර්තමේන්තුව එලෙස හඳුනාගෙන ඇති ආයතන වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමැති ප්‍රසන්නගෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස්
loku ayaya Sunday, 22 December 2019 10:54 AM
අර ඉඩම නිරවුල් කරලා දෙන්න ඉල්ලපු බර ගාන වගේ ගානක් ඉල්ලයිද දන්නේ නැහැ උපදෙස් දෙන්න. මණ්ඩලේට උපදෙස් දෙන්න තරම් මෙයා බුද්ධිමතෙක්ද? මෙයාගේ සුදුසුකම ටිකක් අපි දැනගන්න කැමතියි.
kanthi - ragamaSunday, 22 December 2019 02:17 PM
අපොස කලා වැඩ 5 සමත්... මහජනයාගේ දේපළ පිළිබඳව පශ්චාත් උපාධියක් ඇත. කතා කිරීම පිළිබඳව ආචාර්ය උපාධිය ඇත.
samSunday, 22 December 2019 08:44 PM
ලොකු අයියේ , ඒ සිද්ධියේ හඬ පටය ඔයා අහලා තියනවාද ?
bandaMonday, 23 December 2019 10:15 AM
ඔව් ඔව් අර මොකකින්ද ගහන්නේ නැහැ' කියන එක නේද..?
Loku ayya Monday, 23 December 2019 12:29 PM
අනේ මෙයාගේ කටහඬ හොඳට අඳුනන්න පුළුවන්. අනේ අපේ නායකයන්...
Walter White Sunday, 22 December 2019 11:59 AM
උපදෙස් දෙන්න කියාපු කෙනා...
Mama Sunday, 22 December 2019 12:07 PM
මෙයාගේ උපදෙස් ගත්තොත් සුසන්ත කපෝති... BOI එක හාන්සියි..
silvaMonday, 23 December 2019 12:49 PM
සුසන්ත රත්නායක ඉතිහාසයේ කුණු බක්කියට යන්න හදන්නේ.
රවින් Sunday, 22 December 2019 01:48 PM
පොදුජනතාව කෙසේවෙතත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සැවොම දන්නවා පත්කරලා තියෙන ආයෝජන මණ්ඩල සභාපතිතුමා ගැන... නොදන්නා අයගේ දැනගැනීම පිණිස මේ පවසන්නේ, කාලෝචිත නිසි ආයෝජනයන්ගෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙච්ච සමාගම් සමූහයක හිටපු සභාපතිවරයකුට උපදෙස් දෙනවායි කියන්නේ කවුද? එහෙයින් ඔහුගේ ආයෝජන නිසිලෙස විමර්ශනය කර යෙදවීමේ හැකියාව ගැන හා අධ්‍යාපන කුසලතාවයන් ගැන වැඩි අටුවා, ටීකා, අනවශ්‍යයයි. පටු දේශපාලු ඇඟිලි ගැසීම් නැති වුවහොත් මෙරටට අත්‍යාවශ්‍ය දිගුකාලීන ආයෝජකයින්ගෙන් අඩුවක් නැතිවේවි කියන විශ්වාසයත් ඇති කරගත හැකිවේවි...!!! අපි කෙරුවා පරම්පරා ගාණකට හම්බ කරගත්තා යැයි කියන්න විතරක් දේශපාලුවෝ ටික හිටියාම ඇති...
වැල්ල Sunday, 22 December 2019 02:36 PM
මම හිටපු කැබිනට් ඇමති කෙනෙක් දැන් මම මෙයාගේ යටතේ රාජ්‍ය ඇමති... මේ ඇමතිගේ සුදුසුකම් ගැන මුළු රටම දන්නවා ඒ නිසා මම කටවහගෙන ඉන්නවා.
මෝ Tuesday, 24 December 2019 12:02 AM
ජනතාව විසින් රට වෙනුවෙන් කලයුතු විශාල යුතුකමක් තියෙනවා. එනම් මහ ඡන්දයේදී සුදුසුකම් සහිතව වෘත්තීය පලපුරුද්දක් සහිත පුද්ගලයින් ඔබේ ඡන්ද කොට්ඨාශයෙන් පාර්ලිමේන්තු යැවීමයි.
NuwanWednesday, 25 December 2019 11:57 AM
එහෙම යවන්න නම් එහෙම සුදුසුකම් සහිත මිනිස්සුන්ට පක්ෂයෙන් නාමයෝජනා දෙන්න එපෑයැ. හරක් ටිකකින් කොහොමද සිංහයෙක් තෝරන්නේ..?
mama Tuesday, 24 December 2019 10:44 AM
ගෝඨාභය මහත්තයෝ අපි ඔබ තුමාට ඡන්දෙ දුන්නේ මේ වගේ අයට ඇමති කම දෙන්නද.