(කාංචන කුමාර ආරියදාස)
අර්තාපල් අල සඳහා ආනයනික බද්ද අඩු කිරීමත් සමඟ විශාල වශයෙන් ඉන්දියාවෙන් අර්තාපල් අල දඹුල්ල වෙළෙඳ පොළට රැගෙන ඒමත් සමඟ දේශීය අර්තාපල් අල සහ විදේශීය අර්තාපල් අල මිල අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතීම නිසා ව්‍යාපාරිකයෝ හා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
ඉන්දියාවෙන් කොටියා ලකුණ සහිත අර්තාපල් අල විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් ඇති බවත් එම අල කිලෝ එකක තොග මිල රුපියල් 35ක් බවත් වෙළෙන්දෝ පවසති. දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 සිට 85 දක්වා මිලක් පවතී. එහෙත් තමන්ගේ අස්වනු වෙළෙන්දන් ලබා නොගෙන රුපියල් 35කට ඉන්දියාවේ අර්තාපල් අල මිලදී ගන්නා බව ගොවීහු පවසති.
අර්තාපල් අල ගෙන්වන වෙළෙන්දන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටියේ රජය විසින් පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ විශාල වශයෙන් අර්තාපල් අල ලංකාවට ගෙන්වීම සිදුවන බවත් එම තරගකාරී තත්වය නිසා මිල පහත වැටී ඇති බවත්ය. ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ ලංකාවට අර්තාපල් ගෙන්වීමේදී රුපියල් 40ක පමණ පිරිවැයක් දැරීමට සිදුවුවද රුපියල් 35 ට අඩු කරගන්නේ වියදම පියවා ගැනීමට බවය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවෙන් අල ඇවිත් දඹුල්ල හොල්ලයි
sachith Monday, 27 November 2017 06:37 AM
ඔන්න අපේ දේශපාලකයෝ... රටේ මිනිස්සුන්ට සලකන විදිහ. හැමදාම අස්වනු නෙලන කාලෙට කොමිස් කුට්ටිය ගන්න කොහෙන් හරි ඒවා ගෙනල්ලා වෙළඳපොලට දානවා. අහිංසක ගොවියෝ හැමදාම අන්ත දුප්පත් වෙලා දේශපාලකයින් පස්සේ පිහිටක් ගන්න දුවනවා. මේක ඉතින් හැමදාම කැරකෙන රෝදේනේ...
himal Monday, 27 November 2017 08:00 AM
අඩු මිලට අර්තාපල් ආවම ගොවියාට අසීරුයි... ඒක හරි, ඒත් පාරිභෝගිකයාට තියෙන ගැටළුවක් සඳහන් කරලා නෑනේ.
palitha Monday, 27 November 2017 08:01 AM
රජයක් හැටියට එහෙම තමයි ඉන්න ඕනෑ.. ඡන්දෙ දුන්නු ජනතාවටම තමයි වැඩේ දෙන්න ඕන. ගොවියාව අතරමන් කරන්න ඕන, ආනයන වැඩි කරලා අපනයන අඩු කරලා, රටේ සල්ලි පිටරටවලටම තමයි යවන්න ඕනෑ. බොහොම හොඳයි.
Senarath Monday, 27 November 2017 09:10 AM
මෙන්න යහපාලන රජයේ හාස්කම්. මෙයාලා හදන්නේ ගොවියට බියර් එකක් පොවලා, බ්‍රේස්ලට් එකක් බැඳලා, ලැප්ටොප් එකක් තියාගෙන, වොක්ස්වැගන් කාර් වලින් ගිහිල්ලා පිටරටින් ගෙනෙන අලගෙඩියක් කාලා දවස ගෙවන්න.
sam Monday, 27 November 2017 01:54 PM
මෙයට නිෂ්පාදන වියදම්, නැව් ගාස්තු, ගුදම් ගාස්තු, ආනයනික බද්ද සහ ප්‍රවාහන ගාස්තු ඇතුලත්. ඇයි අපේ රටේ හදන දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 / 85 වෙන්නේ? මේකට උත්තර හොයන්න නැතුව හැමදාම බදු ගහල එකෙන් ගොවියන්ට සහනාධාර දෙන එක වැඩක් නැහැ. එතකොට හැමදාම ගොවියෝ දුප්පත්. දේශපාලකයින්ට වාසි.
arnoldMonday, 27 November 2017 03:24 PM
හරියට හරි සමන්, අපේ ගොවියන්ටත් නවීන තාක්ෂණය උගන්නලා නිෂ්පාදන වියදම අඩුකරගන්න ඕනේ. රජයේ නිලධාරීන් පිටරට යවලා වැඩක් නෑ. දක්ෂ පලපුරුදු ගොවියෝ ඉන්දියාව, පාකිස්තානය වගේ රටවලට යවලා පුහුණු කරන්න ඕනෑ. මේයන වියදම දීර්ඝ කාලීන ආයෝජනයක්...
BamunuarachchiThursday, 30 November 2017 10:10 AM
මොන විකාරද කියවන්නේ.......එළවළු තිබිලා අපතේ යන එක නවත්තන්න පෙට්ටිවල අසුරන්න කියලා කිව්වහම ඊට විරුද්ධ වුණු මේ අයට මොන නවීන තාක්ෂණයද? ඔය ගතානුගතික විදිහට තිබුණාවේ............
NalendraFriday, 01 December 2017 05:07 AM
මෙතන ප්‍රශ්නේ තාක්ෂණයම නෙවෙයි. රජය කවදාවත් බීජ අර්තාපල් වල බදු අඩු කරන්නේ නෑ. බීජ අර්තාපල් 1kg ක් 240 කටත් එහා. ලංකාවේ ගුණාත්මක බැවින් යුතු බීජ අර්තාපල් තිබුනත් ආනයනික බීජ අර්තාපල් මිලට සමානවයි ඒවත් විකුනන්නේ. රජයක් විදිහට සැලසුමක් තියෙන්න ඕනේ.
pakaya Tuesday, 28 November 2017 07:21 AM
දිගටම මෙහෙම්ම යමු............
Bamunuarachchi Wednesday, 29 November 2017 12:14 PM
ඉන්දියාවේ ගෙන්වා රු.35ට අල දෙන්න පුලුවනම් අපේ රටේම නිපදවා ගන්නා අල ඔපමණ ගණන් මොකද? පරිබෝගිකයාට දොස් කියන්න එපා. අපට ලැබෙන වැටුප කීයකට වියදම් කරන්න තිබෙනවාද? අල වලට පමණක් නොවෙයි පොල් ගෙඩියකට රු. 100 අයින් කරන්න ඕනේ. හාල් කිලෝ එකකට 100 අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙන් හාල් ගෙනාවත් මිල බොහොම අඩුයි.
බද්රානි Thursday, 30 November 2017 02:10 PM
මිල වැඩි වුණාම රජයට බනින මිනිස්සු භාණ්ඩයක මිල අඩු වුණාමත් රජයට බනිනවා. අපේ රටේ ආණ්ඩු වල නෙමේ ප්රශ්නය තිබෙන්නේ, මේ රටේ මිනිසුන්ගෙයි ප්රශ්නය තිබෙන්නේ. පාරිභෝගිකයින්ව ගසා කාලා රොකට් වේගයෙන් ධනපති වෙන්නනේ හැමෝම හිතන්නේ. භාණ්ඩ පමණක් නොවෙයි කම්කරුවන් පවා මේ රටට ගෙන්වන වැඩ පිළිවෙලකට යන්න ඕනෑ. වැඩ කරන්නේ නැතිව මුදල් පමණක් කොල්ල කන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සුන්ට ගන්න මුදල වගතුවක් වෙයිද? හැමෝම පහසුවට දේශපාලකයින්ට දොස් නගන්න පමණක් හුරුවී සිටිනවා. නමුත් රටේ බහුතර ජනතාවගේ ක්‍රියාකාරකම් වලට ගැලපෙන හා ඉතාම සුදුසු නායකයින් මේ ප්රබුද්ධ ජනතාවට හිමිවී ඇති බව වැටහෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද?
laksman Friday, 01 December 2017 01:37 AM
ශ්‍රී ලංකාවේ ගොවින් විනාශ කිරීමට තස්ත්‍රවාදීන් වෙනත් විදියකින් ඇවිත් වගේ...............
Nalin Friday, 01 December 2017 07:02 AM
මෙතැනදී මීට වැඩිය එහා හිතන්න වෙනවා. ලංකාවේ අල ගොවීන් කී දෙනෙක් ඉන්නවද? අවුරුද්දකට අල කොපමණ නිපදවනවද, ඉල්ලුම කොපමණද? අල ගොවියා ගැන බලනකොට අල ගිනි ගණන් කියනවා. ලාබෙට ගෙනාවම ගොවියා අනාථ කරනවා කියනවා. ගොවියා ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වගේම පාරිභෝගිකයාගේ සාක්කුව ගැනත් හිතන්න ඕනේ. ලංකාවේ අල වල තත්වය උසස් නිසා ගාන වැඩි වුණාට කමක් නෑ. කරන්න තියන එකම දේ නිෂ්පාදනය වැඩි කරන එක තමයි.