අත්‍යාවශ්‍ය සේවාවක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HTP), වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කර්මාන්ත උද්‍යානය සහ සමෝධාන කාර්යය උපාය, ආදී සියලුම මෙහෙයුම්, රට තුළ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම වරාය සමාගම සඳහන් කරයි. නැව්ගත කිරීම්, කාර්යෝපාය මෙහෙයුම් සහ අනෙකුත් සේවා කිසිදු බාධාවකින් තොරව පැය 24 පුරාම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම HIP විසින් සහතික කොට ඇත.
මෑතකදී, HIP වෙත පැමිණි MV Bahri HOFUF බහුකාර්ය යාත්‍රාව, ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කළ වාහන තොගයක් රැගෙන මෙක්සිකෝවේ වේරා කෘස් වරාය බලා පිටත් විය. මෙවන් බහුකාර්ය යාත්‍රාවල විශේෂ අංගයක් වන්නේ, කන්ටේනර්, තොග භාණ්ඩ ඇතුළු විවිධ දේ ප්‍රවාහනය කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබීමයි. බහුකාර්ය නෞකා සඳහා සේවා සැපයීමට සියලු පහසුකම් HIP සතුව ඇති අතර, මේ වසර මුල දී, දැනට හසුරුවා ඇති විශාලතම වාහන ප්‍රති නැව්ගත කිරීම, H.V. Glovis Champion නෞකාව හරහා වරාය විසින් සිදු කළේය.
වරාය සඳහා ඉතා ඵලදායී වූ 2022 වසර මුල් භාගය තුළ, ටොන් මිලියන 1.14 කට ආසන්න හැසිරවීමේ ධාරිතාවක් වාර්තා කිරීමට වරාය සමත් විය. ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම වැනි ආයතන, HIP සමඟ ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය හේතුවෙන් රටේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක සිමෙන්ති නිෂ්පාදකයන්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත.
බහුකාර්ය වරායක් ලෙස වර්ධනය වෙමින් පවතින හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වර්තමානයේ දී නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයේ වාහන ප්‍රති නැව්ගත කිරීමෙහි නියැලී සිටින අතර, ඉන්ධන තොග වශයෙන් සැපයීම, භාණ්ඩ තොග කොටස් කිරීම, බලශක්ති සේවා සහ සමුද්‍ර සේවා ආදී සේවා ගණනාවක් පිරිනමයි. HIPහි ඊළඟ පියවර බහාලුම් හැසිරවීම වන අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් සකස් වෙමින් පවතී
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්ධන අර්බුදය මැදත් හම්බන්තොට වරායේ මෙහෙයුම් අඛණ්ඩව
sena Thursday, 04 August 2022 12:37 PM
චීනෙට තෙල් හිඟයක් නෑනේ.
chandima Thursday, 04 August 2022 07:38 PM
අර්බුධය තියෙන්නෙ අපිටනේ? වරාය අයිති චිනයට කියලා දන්නෙ නැද්ද? ඒ මුකුත් අර්බුධ නැහැ.