(හර්ෂණ තුෂාර සිල්වා)
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට වසර 30ක් පිරීම සහ විශ්ව ළමා දිනයට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කරමින් සීනුව නාද කිරීමේ විශේෂ උත්සවයක් අද (20) පෙරවරුවේ පැවැත්විණි.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න් මහතා සීනුවා නාද කළේය.
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යනු ළමයින් පිළිබඳව තිබෙන ජාත්‍යන්තර නීතිය වන අතර 1989 වසරේ නොවැම්බර් 20 වැනිදා එම ප්‍රඥප්තියට අත්සන් තැබිණි.
ලොව වේගයෙන්ම හා පුළුල්ව අනුමත කළ ප්‍රඥප්තිය වන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 194ක් අත්සන් තබා ඇත. ඊට අමතරව පසුගිය සැප්තැම්බර් මාසයේදී සිය දරුවන් වෙනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය නැවත වරක් අනුමත කළ හා පිළිගත් පළමු දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, එක්සත් ජාතීන්ගේ ළමා අරමුලේ නියෝජ්‍ය නියෝජිත එමා බිංහැම්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සන්නිවේදන විශේෂඥ ජෙරමි ස්ප්‍රිජ්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක ආචාර්ය රසියා පෙන්සේ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ළමා ආරක්ෂණ නිලධාරි මිහිලාර් මොහොමඞ්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මූල්‍ය නිලධාරී රූතී පැල්පොල සහ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී වෛද්‍ය ධම්මකා රොවෙල් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට වසර 30 ක්