X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට නව කොන්දේසියක්

(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ගේ අවිධිමත් සංක්‍රමණ හා මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සදහා ඕමානයට ලාංකික ගෘහ සේවිකාවන් යැවීමේ කටයුතු වල නිරත රැකියා නියෝජිතායතන හා තනි අනුග්‍රහකයින් අනුගමනය කළ යුතු නව වැඩපිළිවෙළක් ඕමන් රජය හදුන්වා ද ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
 
ඒ අනුව එක් එක්  ලාංකික ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ඇති විදෙස් රැකියා නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ට පමණක්, ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍ර නිකුත් කීරිමට ඕමාන් රජය පියවර ගෙන ඇත.
 
එබැවින් ලාංකික ගෘහ සේවිකාවන් ඕමානයට යවන අදාළ ආයතන එරට පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ලබා ගැනීම  අනිවාර්ය වන බවත් විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
“විරෝධතාවක් නොමැති බවට සහතිකය නිකුත් කිරීම ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය විසින්  නොමිලේ සිදු කරන අතර එම සහතිකය ලබා දීමේ නව ක්‍රියා පිළිවෙත  ඉකුත් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි  ක්‍රියාත්මක වේ.
 
ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී ඇත.
 
ඒ අනුව, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයික් එම  ක්‍රියා පටිපාටියට අනුකූල වන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් දෙයි
සංචාරක වීසා‍ කාණ්ඩය යටතේ ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා දීමට පොරොන්දු වන වංචනික ආයතන හෝ පුද්ගලයින්ට හසු නොවන්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මහජනතාවගෙන් ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අවිධිමත් ලෙස සංක්‍රමණය වීම/මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියා පටිපාටියට දැඩි ලෙස අවනත වන ලෙසත්, මෙම තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම විදේශීය හා දේශීය බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ගෙන් මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටී.
මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වාදීම සඳහා  ලබා දුන් සහයෝගීතාව වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වකරුවන්ට සිය ස්තූතිය පළ කර සිටී.

 



අදහස් (2)

ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට නව කොන්දේසියක්

Ruhunu Saturday, 07 November 2020 08:03 AM

රටේ ඉන්න ගැහැණු ටික රට යවලයි, රටවලින් ණය අරගෙනයි, රටේ තියෙන දේවල් විකුණලයි තමයි රට ගෙනියන්නේ. ඇත්තටම මේ රට පාලනය කරන්නේ පිරිමි නේද?

:       0       15

අබරං Monday, 09 November 2020 05:52 AM

මම හිතුවෙ සර් ආවට පස්සෙ රටේ විශාල වෙනසක් වෙයි කියලා...කෘෂිකර්මය දියුණුවෙලා ස්වයංපෝෂිත වෙලා ආයෙ පරණ ආණ්ඩු වලින් කරා වාගෙ ගෑනු රට ඇරල හම්බ කොරල කන එක ලජ්ජාවට කාරණාවක් හන්දා...වෙනසක් හිතුවා...බලං ගියාම පරණ තැටියටම භූමිතෙල් දාලා පිහලා අරගෙන වාදනය කරනවා වාගෙ...අනේ දෙයියනේ මගේ...අපේ රටට යන කලක්......

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site