X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා

ඕස්ට්‍රේලියාවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 30 ක්

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව 30 ක් පිරිනැමීමට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබේ. ශිෂ්‍යත්ව හිමි කරගත් සිසුන් රාජ්‍ය ප්‍රතිපත්ති, ජාත්‍යන්තර වෙළෙඳාම හා සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඉංජිනේරු කළමනාකරණය, සායනික මනෝවිද්‍යාව හා ජාත්‍යන්තර ව්‍යාපාර යන විෂය ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනයේ නිරත වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාව තෘතිය අධ්‍යාපනය සැපයීමේ ප්‍රමුඛතම රටක් යැයිද මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෲස් හච්සන් මහතා පැවැසීය.

“ඕස්ට්‍රේලියාව යනු තෘතිය අධ්‍යාපනය සපයන ප්‍රමුඛතම රටක්. අපි සිසුන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අඛණ්ඩව පුළුල් කර තිබෙනවා. දැනට ජාත්‍යන්තර සිසුන් 708,000ක් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබනවා.”
“පසුගිය වසරේදී එම සංඛ්‍යාව 640,000ක් වුණා. ඒ අතරේ ශ්‍රී ලංකාවේ සිසුන් ද ඉන්නවා” යැයිද  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෲස් හච්සන් මහතා පැවසීය. .

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශවීය සබඳතා ආරම්භ කර මේ වසරට වසර 70ක් සැපිරෙන බව ද සිහිපත් කළ මහ කොමසාරිස්වරයා මෙහිදි අධ්‍යාපනයයේ වැදගත්කම සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා මිත්‍රශීලි සබඳතා පවතින්නේ දශක ගණනාවක පටන්. එහි ප්‍රධාන සම්බන්ධයක් විදියට අධ්‍යාපනය පෙන්වා දෙන්න පුළුවන්. 1950 දශකයේ මුල් වසරවලදී ආරම්භ කරන ලද කොළඹ සැලස්මට අනුව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 1,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා” යැයි ද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.
 
අදහස් (10)

ඕස්ට්‍රේලියාවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 30 ක්

sam Friday, 10 November 2017 05:41 AM

ඉතාම හොඳ දෙයක්. ඉස්සර කලම්බු ප්ලෑන් එක යටතේ ශිෂ්‍යත්ව දුන්නා. නමුත් ඊට පසුව එවැනි දෙයක් ගැන තොරතුරක් ඇසුවේ අදයි. මේ ශිෂ්‍යත්ව ලාංකිකයින්ට ලැබීම සතුටක් වුනත් එයින් අපේ රටට නම් එතරම් ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ ශිෂ්‍යත්වධාරීන් බොහෝ විට මෙහෙ ස්ථිර පදිංචිය ලබාගන්නවා මිසක් ආපසු ලංකාවට යන්නේ නැහැ . .

:       61       350

rohan Friday, 10 November 2017 05:50 AM

ඕස්ට්‍රේලියාවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව 30 ක් ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවෙ සිටින ශ්‍රී ලාංකික සිසුන්ටද ? නොමෙති නම් ලංකාවේ සිටින සිසුන්ටද ? ශිෂ්‍යත්ව දුන් ක්‍රමවේදයනම් පින්තුර වලින් පේනවා.

:       61       90

Raveendra Friday, 10 November 2017 08:26 AM

මගේ මෙම අදහස් කිසිවකු හට උසුළු විසුළු කිරීමට හෝ අපහාස කිරීමට නොවන බව කාරුණිකව සදහන් කරමි. ඡායාරූපවලට අදාලව නම් වැඩිපුරම සිටින්නේ වයසින් මුහුකුරා ගිය පිරිසක් බැවින් සහ ශිෂ්‍යත්ව ලාබින් තේරීමේදී යම්කිසි දැන හැඳුනුම්කම් මත පදනම් වුවද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් හොඳ දෙයක් වන මෙය සහ සියල්ලෝටම සුබ පැතුම්.

:       0       81

sachith Friday, 10 November 2017 09:16 AM

මේ ශිෂ්‍යත්ව ලබාදෙන්නේ පරීක්ෂණ වලට අදාලවයි. ගොඩක්ම වෙලාවට පශ්චාත් උපාධි. මෙයාලා කරන අලුත් සොයාගැනීම් වල අයිතිය එහෙ විශ්ව විද්‍යාලයටයි. එ් වගේ තමයි රටක් දියුණු වෙන්නේ. එහෙම නැතුව කැසිනෝ වලට බදු සහන දීලා නෙවෙයි.

:       39       55

බද්රානි Saturday, 11 November 2017 08:30 AM

මේකත් දේශපාලන හිතවතුන්ව පිටරට පටවන තවත් මගඩියක්. ඕස්ට්‍රේලියා රජය සද්භාවයෙන් කලාට අපේ රටේ සිද්ද වෙන්නේ මගඩි. කාට හරි මොන ක්‍රමයකින් හෝ පිටරටට පැන ගන්න ක්‍රමයක් තියනවා නම්, ඒක ලොකු දෙයක් මේක මිලේච්ජයින්ගේ පාරාදීසයක්. උගතුන්ට ලංකාවේ කරන්න යමක් තවත් ඉතුරු වෙලා නැහැ. අනික ඉතින් මෙතන ඉන්න අය වුණත් මොනතරම් නම් රැස්වීම්වලට සහභාගී වී මහන්සි වෙන්න ඇද්ද? මෙවැනි අවස්ථාවක් ලබා ගන්න....

:       47       48

සිරිපාල Saturday, 11 November 2017 05:04 PM

මෙහෙමයි, මේගොල්ල අපේ රටේ හොඳම බුද්ධිමතුන් එහාට ඇද ගන්නවා. ඔය ශිෂ්‍යත්ව අරගෙන ඒ රටට ගිය කිසි කෙනෙක් ආයේ ආවේ නැහැනේ.

:       42       20

Rajitha Sunday, 12 November 2017 05:27 PM

අපිත් උගත්, බුදධිමත්, පශ්චාත් උපාධි හදාරපු (රජයේ විශ්ව විද්‍යාල) , වෘත්තීමය පලපුරුද්ද්‍ර තියෙන අය තමා. අපිත් ආසයි දැනගන්න කොහොමද ඔය මහා ලොකු ශිෂත්ව ප්‍රධානය කලේ කියල. දේශපාලන වෙනුවෙන් කඩේ ගිය අයටද ඇත්තටම සුදුසුකම් තියෙන අයටද.

:       11       30

gihan Tuesday, 14 November 2017 04:18 AM

මේවාට අයදුම් කරන්නේ කෙසේද ?

:       0       1

prakaash Tuesday, 14 November 2017 12:10 PM

මේවා දෙන්නේ හිතවතුන්ට මිස වෙන කාටද?ලැබිය යුත්තෝ බලා සිටීවි

:       0       0

ජනිත් Wednesday, 15 November 2017 04:47 AM

ශ්‍රි ලාංකිය ජන විඥාණයේ තරම කොමෙන්ට් වලින් පේනවා. මේ ශිෂ්‍යත්ව දෙන්නේ උපාධිධාරි රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ කරන ඉහළ නිලධාරීන්ට. සෑම වර්ෂයකම ශිෂ්‍යත්ව 20-30 ක් අතර ලබා දෙනවා. දේශපාලනයක් නැහැ. මේ පිළිබද විස්තර වෙබ් එකෙන් ගන්න පුලුවන්. ඔස්ට්‍රෙලියාවෙන් ඇවිල්ලා තොරන්නේ පාරදෘෂ්‍ය ක්‍රමවේදයකට. ඕනෑම කෙනෙකුට මේ ගැන විස්තර ඕස්ඒඩ් ස්කොලර්ශිප් ශ්‍රි ලංකා වෙබ් සයිඩ් එකෙන් ගන්න පුලුවන්.

:       0       7

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ

විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක

ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස

ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි

LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව

කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි

වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site