X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කච්චතිවු පැත්තේ මාළු බාන්න අවසර පතයි

ධීවර ගැටලූවට විසදුමක් වශයෙන් කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දියා ධීවරයින්ට මුදලට බලපත‍්‍ර ලබා දෙන්නැයි ඉන්දියාj  ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතාද බදාදා  නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා යෑමට නියමිත අතර අමාත්‍යවරයාගේ සංචාරයේදී මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයිද මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ශී‍්‍රලංකා මුුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදුණු ඉන්දියා ධීවරයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගත්බව ශී‍්‍රලංකා නාවික හමුදාව ඊයේ (06)  නිවේදනය කළේය.

ගැටලූවට තුඩු දී ඇති කච්චතිව් දූපත 1974 දී එවක ඉන්දියා අගමැතිනී ඉන්දිරා ගාන්ධි ශී‍්‍රලංකාවට පවරා දුන්නකි.

එය නැවත ඉන්දියාවට පවරා ගත යුතුයැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා කියන්නීය.

ශී‍්‍රලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමට පැමිණ අත්අඩංගුවට පත්වන්නෝ බොහෝ දෙනාද තමිල්නාඩු ධීවරයෝය.



අදහස් (0)

කච්චතිවු පැත්තේ මාළු බාන්න අවසර පතයි

ඩොනල්ඩ් Tuesday, 08 July 2014 07:16 PM

මෙහිදී හිතන්න තියෙන්නේ අපේ රටේ ජනතාව ගැනයි. (නි)

:       0       0

රූපවතී Saturday, 19 July 2014 04:40 PM

ලුම්බිනිට, කදුලක්වත් මොලේ නැහැ. ලග හිතන නුවන පමණයි, දුර හිතන්න පුරුදු උනොත් අනාගත පරම්පරාව රැකෙනවා. අවසර දුන්නොත් මොකද වෙන්නේ ..? දැනට කුඩු,කේරල ගංජා, රතත්රන්, හොරට අදින එක, හොදටම එයාල බල පත්‍රවලින් කරගෙන යා හැකියි. අනික කොටින්ට තවත් උදව් දෙත හැකියි. දඹදිව ගමනේ තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයෝ අමු අමුවේ මරන්න හැදුවා. ගහල එලෙව්වා. දැන්, හමුදාවට හොරෙන් මුකුත් කරන්න බැරි නිසා අවසර ඉල්ලනවා. අතිගරු ජනාධිපති තුමනි අපේ රටේ ඉන්න අසරණයින්ගේ බඩට වැලි වැටෙන කිසිම දෙයකට අත්සන් නොකර එඩිතරව කියා සිටින්න අපේ ජනතාවගේ දුප්පත් බත් පත ඔවුන්ට නැති කරලා දාන්න බැරි වග. අනික ජය ලලිතාට ඕන විදියට අපි මොකට අපේ ජනතාවගේ ජීවන රටා වල් වෙනස් කරන්නේ. ඉන්දියාවට මාළු නැතිනම් එයාලගේ මුහුදේ, මාළු කන්නේ නැතිව පරිප්පු කන්න කියන්න (නදී)

:       0       0

දුම්මලසූරිය Tuesday, 15 July 2014 07:10 PM

ඉන්දියාව එක්ක ඔය ගනුදෙනුව අත්සන්කරන එක ප්‍රවේශමෙන් කල යුතුයි... මොකද ඉන්දියාව කියන්නේ එක එක වෙලාවට එක එක විදිහේ ප්‍රතිචාර දක්වන රටක්...... අන්තිමට අපිට කච්චතිවු නැති වෙන්නත් පුළුවන් ඕකට ගිහින්...(ස)

:       0       0

සරත් Sunday, 13 July 2014 08:00 PM

මේ ක්‍රමයෙන් වෙන්නේ අපිට හිමි මාලු ටික ඉන්දියාවට අඩු මුදලට විකුණන්න වෙන එක. ඊට වඩා හොඳ නැද්ද ඉන්දියාවෙන් එන ධීවරයින් නවත්වන්න වෙන ක්‍රමයක් හොයන එක. (නි)

:       0       0

මහේෂ්‍ Sunday, 13 July 2014 07:59 PM

හොඳින් හිතන්න වෙනවා (නි)

:       0       0

රූපසිංහ Sunday, 13 July 2014 04:31 PM

ඉන්දියාව සමග ගහන ගිවිසුමක්ම අත්සන් කලයුත්තේ ඉතා ප්‍රවේසමිනි. මතකද රජිව් ගාන්ධි මහතා සමග ජේ.අාර් ජයවර්ධන මහතා අත්සන් කල ගිවිසුම. අද අපට පළාත් සභා නිසා උතුර වෙන් වෙන තැනට වැඩ කෙරිලා තියෙන්නේ. මුදලට උනත් ගිවිසුම් අත්සන් නොකිරීම යෙහෙකි. මොකද, කියමනක් තියෙනවා පළමුව ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ කියලා. කියාවි, කච්චතිව් ආසන්නයෙන් එහාට ගිහින් මාළු බාන ගමන් අපි ලංකාවට මුදල් ගෙවලා තියෙන්නේ කියලා. (නදී)

:       0       0

සිල්වා Saturday, 12 July 2014 06:02 PM

අවසර දුන්නම නොම්මර කියවන්න ලුම්බිණි පත්කර ගනිමු (නදී)

:       0       0

කලන Friday, 11 July 2014 05:06 PM

දෙනවා වගේ නෙමෙයි ආපහු ඉල්ලනවානේ (දී)

:       0       0

අරුණ Friday, 11 July 2014 05:04 AM

හොරෙන් ඇවිත් රටවල් අතර ප්‍රශ්න ඇති වෙනවට වැඩිය හොඳි මෙහෙම පර්ම්ට් එකක් දෙන එක. (නදී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 09 July 2014 12:48 AM

ඉඩ දුන්නොත් අනාගතයේදී අපට ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. මෙය රටේ ප්‍රශ්නයක් නිසා ධීවරයන්ට තීන්දු ගැනීමට අයිතියක් නොමැත (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 09 July 2014 12:48 AM

හොයලා බලලා සාධාරණයක් කරන්න (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 08 July 2014 07:28 AM

මම හිතනවා මේක හොඳ යෝජනාවක් කියලා. මේකෙන් ලංකාවට ආදායමක් එනවා විතරක් නොවෙයි ප්‍රශ්නෙට විසඳුමකුත් තිබෙනවා. එකම දේ බලපත්‍රලාභීන් කවුද කියලා බලන්න වෙනවා. ඒකට මුහුදු යාත්‍රා වලට දුර සිට පෙනෙන නොම්මරයක් දීම විසඳුමක් වේවි. (නි)

:       0       0

ඉන්ද්‍රජීව Tuesday, 08 July 2014 07:16 PM

හොඳින් හිතාබලා තීරණයක් ගතයුතු ගැටළුවක් (නි)

:       0       0

දුලී Tuesday, 08 July 2014 07:16 PM

සල්ලි කිව්වොත් ඉතින් හැමෝම මොකටත් කැමති වෙනවා. මෙහිදී හිතන්න තියෙන්නේ අපේ රටේ ජනතාව ගැන. ඉන්දියාවේ ඉන්න ලෝකෙට එක දාගන්න අය ගැන නෙමෙයි (නදී)

:       0       0

කුමාර Tuesday, 08 July 2014 12:47 PM

මෙයට උත්තර දෙන්න කලින් අපේ ධිවරයන් සමග එකගතාවයකට පැමිණිය යුතුයි . කොලඹ ඉන්න අය තීරණ ගන්න එපා. යාපනයේ දෙමල ජාතිය වෙනුවෙන් කිබුල් කදුළු හෙලන තමිල්නාඩුව ඇයි ඔවුන්ගේ මලු ටික සුර කන්න හදන්නේ???(දී)

:       0       0

නාරද Tuesday, 08 July 2014 11:53 AM

ලුම්බිණි,හරියට පාසල් ගිහින් නැති පාටක් තමා පෙන්නේ.නොම්මරේ ඇතට පෙනුණාම හරිද? (අ0

:       0       0

නුවන් Tuesday, 08 July 2014 10:24 AM

අවසර දුන්නොත් තවත් ප්‍රශ්නයකට ලංකාව අත ගැහුවා වගේ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Tuesday, 08 July 2014 10:23 AM

ඉතිහාසයෙන් අපි කළ මෝඩකම් මෙවේලේ සිහිකරන්න ඕනෑ (නි)

:       0       0

නුවන් Tuesday, 08 July 2014 10:23 AM

අවසර දුන්නොත් තවත් ලෝක ලෙඩකට ලංකාව අත ගැහුවා වගේ වෙනවා අනිවාර්යෙන්ම.ගෙරි හමක ඉඩ දීල කරගත්ත මෝඩකම් ඉතිහාසයෙන් ඉගෙන ගත්තොත් හොදා! (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 08 July 2014 12:43 PM

ඉන්දියන් සාගරයක්ම තිබියදී අපේ කුඩා මුහුදු තීරයකට මෙතරම් ලොල්වීමට හේතුව මොකක්ද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 08 July 2014 11:50 AM

කල්පනා කර බලා තීරණයක් ගන්න (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 08 July 2014 09:16 AM

ඉන්දියානු ධීවරයින් අපේ මුහුදු සීමාවල මසුන් මරන්නේ බොහොම අක්‍රමවත් සහ ජාත්‍යන්තර වශයෙන් තහනම් කරන ලද ක්‍රම භාවිතයෙන් සහ කෘර විදියට මුහුදු පතුලේ පැළෑටි සහ ජීවින් හටගැනිමට තිබෙන ස්ථාන මුළුමනින්ම විනාශ කරමින්. ඔවුන් කවදාවත් හිතන්නේ නැහැ ඔවුන් වගේම ලංකාවේ උතුරේ සිටින ධීවරයින්ට ඔවුන්ගේ ජිවනෝපාය සඳහා මොවුන්ගේ මේ ක්‍රියාවන් නිසා මසුන් ඉතිරි නොවන බව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site