කටහඬින් ලබාදෙන විධාන (Voice Commands) හරහා ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරය භාවිත කිරීමට පහසුකම් සලසමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ක්‍රමවේදය හඳුන්වා දීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය කටයුතු කළේය. එසේම ඩයලොග් වෙතින් අධෝරක්ත කිරණ (IR) රිමෝට් භාවිත වන උපාංග කටහඬින් පාලනය කළ හැකි, කෘත්‍රිම බුද්ධියෙන් බල ගන්වන ලද TeDi Alexa ස්මාර්ට් ස්පීකර් පහසුමක ද මේ සමඟම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි එම සමාගම කියයි.
මෙම ස්මාර්ට් හෝම් විසඳුම් හරහා පාරිභෝගික ජනතාවගේ නිවාස නවීන තාක්ෂණයෙන් බලගන්වමින් රූපවාහිනියේ ශබ්දය අඩු-වැඩි කිරීම පවා කටහඬින් කළ හැකි තරම් පහසු අත්දැකීමක් ලබාදෙයි. ඊට අමතරව, Alexa මඟින් සැපැයෙන සේවා සුපුරුදු පරිදි භාවිත කළ හැකි අතර, ස්මාර්ට් ස්පීකරය මඟින් IR තාක්ෂණය සහිත වායුසමීකරණ යන්ත්‍ර, හෝම් තියටර් සිස්ටම්, CCTV පද්ධති ඇතුළු ඕනෑම උපාංගයක් කටහඬ හරහා පාලනය කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැක. නොබිඳෙන ඩයලොග් සබඳතාවය සමඟ මුසුවන කෘත්‍රිම බුද්ධියේ බලය මෙරට පාරිභෝගිකයෙන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු එකක් වනු ඇති බවට ඩයලොග් ටීවී ආයතනයේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් හඳුන්වා දෙන ප්‍රථම ඒකාබද්ධ උපාංගය වන TeDi Alexa අනාගත ලෝකයට ඔබින නවමු අත්දැකීමක් මෙරට ප්‍රේක්ෂකයන්ට ගෙන එනු ඇත. වර්තමානයේ ස්මාර්ට් මාධ්‍යයකට ඒකාබද්ධ කළ ඇමසොන් සමාගමේ පළමු කෘත්‍රිම බුද්ධිමය උපාංගය ලෙස TeDi Alexa හඳුන්වා දිය හැක. එමගින් ඊට සබඳන ලද උපාංග කටහඬින් පාලනය කිරීමට පහසුකම් සලසා පාරිභෝගිකයාගේ නිවස ස්මාර්ට් නිවසක් බවට පරිවර්තනය කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කටහඬින් Dialogටෙලිවිෂන් හැසිරවිය හැකි TeDi Alexa ක්‍රමවේදය හඳුන්වා දෙයි
chandima Friday, 06 August 2021 02:06 AM
හැබැයි ඉතින් මතක තියාගන්න ඕනෑ... ඒක ඉස්සරහ කතාකරන වෙන ඕනෑම දෙයක් වුණත් දුරස්ථව අධීක්ෂණය කරන්න පුළුවන් බව... අලුත් කාර් ගැන කතා කළොත් කාර් ගැන ඇඩ් ලැබෙයි. දත් බෙහෙත් ගැන කතා කළොත් දත් බෙහෙත් ඇඩ් බලන්න පුළුවනි.